කවියෙක් නික්ම ගිය පසු කවියක්ම ලිවිය යුතු යැයි සිතට බලකරන මොහොතක් මෙය. ඒත් හදවත පාලු කර වදන් නික්ම ගොස් ඇති බව පමණක් වැටහේ.
ඉන්දික මල්ලි ලියවිය යුතු පදවැල් සේරම එකතු කර ගෙන මහ හඬින් සිනා සී සියල්ල සැඩ සුළඟ කට පූජා කෙරුවද කියලත් හිතෙනවා. ඒවා අප කාටත් හොයා ගන්න බැරි තැන් වල රැඳිලා ඇති සමහර විට. පෙළක් දෙකක් සොයා ගත්තත් එහෙන් මෙහෙන් කොපි-පේස්ට් කරලා 'කවියක්' කියල කියන්න පුළුවන් මොකක් හරි හදා ගන්න පුළුවන් වුනත්, ඒ ඉන්දික වත් ඉන්දිකගේ කවියක් වත් වෙන්නේ නැහැ.
ආනන්දය මෙයම වෙන්න ඇති කියල අපට ඒත්තු ගන්නන්න වගේ ඉන්දික හිනා වුනා.
වේදනාව කියන්නේ මෙයමයි කියල දනවන්නත් ඉන්දිකගේ කඳුළ සමත් වුනා.
ඒ අතරේ ඉන්දික ජීවත් වුනා.
ඉන්දික තව කාලයක් ජීවත් වුනා නම් තව තවත් අපව හිනස්සන්න තිබුනා, හඬවන්නත් තිබුනා, කවි ලියන්නත් තිබුනා. ඒත් දැන් ඉන්දික ගිහින්, නොලියු කවි සේරම සමග.
මට හිතෙන්නේ ලියන්න අවශ්‍යම දේවල් ඉන්දික ලියල ඉවර වුනේ මීට ගොඩාක් කලින් කියලයි. ඒකම මදැයි කියල හිත හදාගන්න පුළුවන් වෙයි. ඒත් ඒ පසුවට. දැනට....හිස්තැනක්.

සුභ ගමන් ඉන්දික
ReplyDeleteBeautiful wording... Miss him so
ReplyDeleteQuanto mais trabalho e conteúdo, maior investimento.
ReplyDelete