19 August 2014

මිහිරිම කාලය හා “මිහිර“ මතකයන්!

'මිහිර' මංගල කලාපයේ මුල් පිටුව 
අවුරුදු කීපෙකට කලින් යමෙක් මට යෝජනාවක් ගෙන එන ලදි. “ලියන්නකෝ ඔයාගේ ප්‍රථම ප්‍රේමය ගැන“. අපොයි ඒක මහ අමාරු වැඩක්. ඒක ආදරය ගැනවත් ආදරවන්තයින් ගැනවත් ලියන්න තියෙන අපහසුවක් නොවෙයි. මුල්ම කොටස කොතනින් පටන් ගන්නවද කියන එකයි විසදගන්න අමාරු. අවසාන ආදරයත් ප්‍රථම ආදරය ම වෙනවා කියලයි මට හිතාගෙන උන්නේ. ඒත් ඒ යෝජනාව මං පිළිගත්තා. ඒක නිසා මම මගේ මුල්ම මොන්ටිසෝරි ගුරුතුමිය ගැන ලිව්වා.

ඒත් හැමතැනම ආදරය තිබුනා. මිනිසුන් හා දේවල් කෙරෙහි. අපි ආදරය කියන වචනය හරි සැහැල්ලුවෙන් ගත්තේ, ඉතිං අපි විවිධ දේවල්, මිනිස්සු, විවිධ ස්ථාන, දේවල් කෙරෙහි ආදරයෙන් බැදුනා. ඒත් මේ හැම දෙයක් අතරින්, එකම එක සම්බන්ධයක් තිබුනා හොදට හිතන්න පුරුදු කළ, හැගීම් දැනවූ හා ජීවිතයේ මුල්ම කාලයේදී නොයෙක් දේ සොයා යන්න ඉඩ සැලැස්වූ. ඒ සම්බන්ධය තමා මිහිර පත්තරේ.

මිහිර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති මිහිරක්. එය ළමුන් සදහා වූ සතිපතා පුවත්පතක්. මිහිර තම රිදී ජුබිලිය සැමරුවේ ගිය සතියෙදීයි. අපි (මම සහ මිහිර) ඒ කාලේ එකම වසසේ වගේ. ඒත් එතනදීත් වෙනසක් තිබුනා. මම වැඩුනේ මිහිිර සමඟයි. ඒත් මිහිර තම ළමා කාලයේම හිිටියා. මම ළමා කාලය හා ළමයා පළවා හැරියත් මිහිර යස අගේට ළමයෙක් වගේම හිටියා. ළමයෙකු නොවැඩීම පිළිබද තේරුම් ගන්න මට දශක ගණනක් වැය උනත්, ළමයෙක් වර්ධනය නොවීම ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒත් මිහිරට ඒ ප්‍රශ්නය කවදාවත් බලපෑවේ නැහැ. මිහිරට ළමයෙක් වෙලා ඉන්නමයි ඉඩ ඇරල තිබුනේ. මිහිර වර්ධනය වෙන්න ලොකු වෙන්න කිසිම අවශ්‍යතාවක් තිබුනේ නැහැ. හා.. “දැං ටිකක් ලොකු වෙනවා“ එහෙම නැත්නං “ටිකක් ලොකු වෙලා ලොකු මිනිහෙක් (කෙල්ලෙක්) වෙයන්“ කියල කව්රුවත් කීවේ නැහැ.

මිහිර කවදාවත් හොදම යාළුවෙක් අඩු ගානේ යාළුවෙක් කියලවත් දැක්කේ නැහැ. ඒත් අඹ යහලුවන් පැමිණ යද්දී මිහිර සිටියා. එකදු වචනක්වත් නොකියා හුගක් දේ කියන්න පුළුවන් උනා. මිහිර මට ඉගැන්නුවා. මම කවාදාවත් හිගින් නැති ලස්සන තැන් පෙන්නුවා. එක එක මිනිසුන් මට මුණ ගැස්සුවා. වඩාත්ම වැදගත් දේ කිසිම වැඩිහිටියෙකුට බැරි උන විදියට මිහිර මාව විනෝදයට පත් කලා.

පනහ සැමරු මිහිර

'මිහිර' 50 වන  සංවත්සර කලාපයේ මුල් පිටුව 
මේ හැම දෙයක්ම සිද්ධ උනේ හැත්තෑව දශකයේ මුල් බාගයේදීයි. මට එතකොට හයක් හරි හතක් හරි වෙන්ටැති වයස. මේ වගේ පුවත්පතක වයස හරියටම කියන එක නං අමරුයි. සමහර වෙලාවට මිහිරට අවුරුදු පහක් විතර වෙන්ටැති. සමහර වෙලාවට අවුරුදු 12 ක් 13 ක් විතර වෙන්ටැති. සමහර විට ඊට වැඩි වෙන්නත් ඇති. නිවාඩු කාලය මට මිහිර ලැබුන කාලයයි. නිවාඩු කාලය මා වැඩිපුරම ගත කලේ කුරුණෑගල පිහිටි අපේ අම්මාගේ මහ ගෙදර යාමෙනි.

අපේ සීයා “Daily News" සහ "Observer" පත්තර ගෙදරට ගේනවා. එයා හුගක් වයසයි ඒක නිසා ඇස් පෙනීමත් ගොඩාක් දුර්වලයි. පත්තර වල හෙඩ්ලයින් කියවන්න ඒක නිසා අපි කව්රු හරු මුණුබුරෙක් තමා එයා අඩගහගන්නේ. ඒ මොකක් හරි හෙඩ්ලයින් එකක් සීයගේ සිත් ගත්තොත් අනේ ඉතිං මුළු ආටිකල් එකම ඉවර වෙනකං කියවන්න වෙනවා. සීයා කොහාට හරි වෙච්චි ගමන් ඔන්න අපි කැමති දෙයක් කියවන්න් අපිට අවස්ථාව ලැබනවා. මම නං කැමති උනේ “ක්‍රීඩා“ කොටසට විතරයි. ඇත්තටම ක්‍රිඩා වලට මම පිස්සු වැටිලයි හිටියේ. ආරබි - ඊශ්‍රායල අර්බුදය, “මියුනිච්“ සිද්ධිය ගැන මට මතකයි මම කියෙව්වා. තවත් කොච්චර දේවල් තිබුනත් “ක්‍රීඩා“ තමා මට අල්ලල ගියේ. ඉතිං කෝම හරි අපේ උදේ කාලය ඔහොමයි අහවර උනේ. හරි හෙමින්.  වැඩක් තිබුනෙත් නෑ නැත්තෙමත් නෑ ඒ කාලෙදි අපිට. ඒක ඉවර උනාම ඉතිං අපිට තියෙන්නේ දවල්ට කෑම කාලා කළුවර වැටෙනකම්ම එළියට වෙලා සෙල්ලං කරන්න තමා.

හැබැයි සදුදා නං වෙනස්. මම සදුදට හරි්‍ම කලබලෙන් තමා ඉන්නේ. මිහිර පත්තරේ එන්නේ සදුදට. මට තරං ගායක් මගේ අනිත් සහෝදරයට තිබුනද කියල නං මම දන්නෑ. හැබැයි සදුදට පත්තර මාමා එනකං ඇගිලි ගැන ගැන හිටපු හැටි මට හොදට මතකයි. මට තමයි පත්තරේ අලේ කරන්න ඕන උනේ. ජනවාරි මාසේ පළවෙනි සදුදා කියන්නේ ආසාවෙන්ම බලා ඉන්න දවස. ලස්සනට වෛවර්ණ පාට පින්තුර තියෙන පාසැල් කාල සටහනක් අපිට පත්තරෙත් එක්ක ලැබෙනවා. හැමෝටම ඒක තමා ඕන උනේ. සමහර අවුරුදු වල මම දිනුවට අනිත් අවුරුදු වල ඉතිං මගේ සහෝදරයා තමා තරගෙන් දින්නේ.

ඒත් මිහිර සුවිශේෂයි. බූ බබා සහ තුල්සි කියල හරි ලස්සන කාටුන් කතාවක් තිබුනා. ඇයි බටකොල ආච්චි.. ඒකත් මිහිර පත්තරේ ගියා. තව ප්‍රෙහ්ලිකා එහෙමත් තිබුනා. තව තව විශේෂාංග තිබුනා. මම කවදාවත් ඔය විශේෂාංග වලදී ස්කෝල ගැන මහ ලොකුවට කතා කරන ඒවා දැකල නැහැ. ඒ වෙනුවට අපිට එක එක උත්සව, වැදගත් පුද්ගලයන් ගැන කියවන්නයි ලැබුනේ. අපි ආස කරන විවිධ ස්ථාන සහ ඒවයේ නම් හරි අපුරු විදියට තමා සකස් කරල තිබුනේ.

සමහරු මිහිර ගැන කිව්වේ “අපිට කියවන පිස්සුව පුරුදු කරපු පත්තරේ“ කියලයි. ඒක හරියටම හරි. මිහිර මුණ ගැහුනම ඒකේ  තියෙන වචන ගැන, වාක්‍ය සහ කතන්දර ලැව ටික දෙනෙක් ආසා වෙන්ටැති. ඒත් තව කාට හරි කියන්න පුළුවන් මිහිර තමා ජීවිත කාලයක්ම පවතින ආදර සම්බන්ධයක ඇරඹුම කියලා.

මගේ මිත්‍ර නිලුකා දිසානායක කියන්නේ, එයා පත්තර මාමා මිහිර පත්තරේ අරන් එනකං “පෙර දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ“ කියල මුමුණ මුමුණ ඉන්න පුරුදු වෙලා හිටියා කියලයි. ඒක නං නියමයි.

මිිහිර යාළුවෙක්. මට ගුරුවරයෙක්. මට අයියා කෙනෙක්. දශක කීපයක් පුරා මගේ මතකය ගලාගෙන යද්දි මට හිතනෙවා, මං විශ්වාස කරනවා රට පුරාම කියවන්නෝ බිහිවනේන, කතා වලට ආදර කරන අය බිහි වෙන්න, එහෙම නැත්නං ලියන්න, පරම්පරා ගානක්ම ශක්තිය. ධෛර්යය් ඒ අයට දුන්නේ එකම එක අයෙක් කියලයි. ඒ තමා මිහිර පත්තරේ. ජීවිතය සාර්ථක වෙන්න ළමා කාලය වැදගත් නං එහෙම නැත්නං ආයෙත් ළමා කාලය මොන වගේද කියල බලන්න ඕන නං අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ අපේ මිහිර දවස් මතකයට නගා ගැනීමයි. අපි හරිම වාසනාවන්නයි නේද?



පරිවර්තනය: දේශකයා 
Reactions:

8 comments:

athula kaldemulla said...

මිහිරි මතකය.. හරිම මිහිරියි මමත් මුලින්ම චිත්‍ර අඳින්න ගත්තේ පාසල් යන කාලේදී මිහිරේ සිඟිති කවයට...ඒදවස්වල පියල් උදය සමරවීර,පාලිත ගුණසිංහ,අතුල මහවලගේ වැනි ශිල්පීන් සිඟිති කවයේ චිත්‍ර හා කතාවලින් සැරසුවා. ළමා පුවත් පතක් හැටියට ළමුන්ගේ ලෝකය අඳුනගත් පුවත් පතක්..ඔබ මෙය මතක් කිරීමත් අගන දෙයක්.
-අතුල කල්දෙමුල්ල-

බස්සි (Yash) said...

මිහිරි මතක හද රැඳේ....
මිහිර මගෙත් ළමාවියේ මිතුරෙක්.

Anonymous said...

This account cannot be read. Why? The font isnt visible.

Malinda Seneviratne said...

use a different browser (google chrome) and try again.

Anonymous said...

The Sinhala account pulled the heart strings stronger.... Beautiful

Malinda Seneviratne said...

naturally!

කවියා said...

මගේ සුන්දර ළමා කාලය ,මිහිර පත්තරෙ,විජය පත්තරය,යහලු පත්තරය කවදාවත් අමතක වෙන්නෙ නැහැ,මෙම ලිපිය ගොඩක් හොදයි,රුපවාහිනි නැති,ගේම් නැති අපේ කඩදාසී අතීතය කොතරම් සුන්දරද?

කවියා said...

මගේ සුන්දර ළමා කාලය ,මිහිර පත්තරෙ,විජය පත්තරය,යහලු පත්තරය කවදාවත් අමතක වෙන්නෙ නැහැ,මෙම ලිපිය ගොඩක් හොදයි,රුපවාහිනි නැති,ගේම් නැති අපේ කඩදාසී අතීතය කොතරම් සුන්දරද?