27 July 2015

"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ

"උමතුවේ සම්මුතිය" නමින් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ප්‍රකාශය මීට ස්වල්ප වෙලාවකට පෙර කත්නොරුවේ ලඳු කැලෑව ක් මැද පිහිටි ගල්තලාවක් මත උත්සවශ්‍රීයෙන් තොරව එළිදක්වන ලදැයි එම පක්ෂයේ අද දින නායක ඉරාන් වික්‍රමරත්න තුමා කැකිරි එෆ් එම් වෙත දැනුම් දුන්නේය.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය වචන සතරකට සීමා වීම විශේෂයි: මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා.

'දෙමල ප්‍රශ්නය ට මොකද වුනේ?' 
'දෙමල ප්‍රශ්නය ට මොකද වුනේ?' මේ ප්‍රශ්නය සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක යොමු කරන්නේ ජවිපෙට, එජාපයට සහ මහින්ද ට (මහින්ද = පක්ෂයක්). කැමති නම් 'රාවය' ට ලියන ශාන්තුවරයින්ට ද උපුල් ශාන්ත සන්නස්ගලටද උත්තර දිය හැකි බවද ඔහු පැවසුවේය.

මැ.කො ට උම්මත්තකයින් ගෙන් පැනයක් 
මෙය මහා මැතිවරණයක් ද, රියැලිටි චෙක් එකක්ද, ජනාධිපතිවරණයක් ද අගමැතිවරණයක් ද යන්න පැහැදිලි කරුනු යැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය මැ.කො. ගෙන් විමසයි. එම පක්ෂයේ අද දින නායක මෙම පියවර මෙසේ විස්තර කළේය.
එජාපයත් ජවිපෙත් කියන්නේ 'මහින්ද ට එන්න දෙන්නේ නැහැ' කියලා -- සන්ධානය ගැන වත්, එහි ප්‍රතිපත්ති ගැනවත් අපේක්ෂකයින් ගැනවත් සඳහනක් නැත. 
සන්ධානයේ අය කියන්නේ 'මහින්ද දිනවමු' කියලා. 
ජනවාරි 8 දා වුනේ කුමක්ද කියලා ෂුවර් නැද්ද? සිද්දවුන වුන දේ 'හරි නෑ හරි නෑ' වගේ ද? මදි වගේ ද? අදහගන්න බැරිවෙලාවත්ද?

ජනතා මිතුරෝ සංවිධානය උම්මත්තකයින් ට සෙට් වේ 
පාඨලී චම්පික රණවක, පූජ්‍ය අතුරෙලියේ රතන හිමි, කරුණාරත්න පරණවිතාන සහ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය ඇතුළු තරුණ පිරිස් (90 දශකයේ) නිර්මාණය කල දේශපාලන සංවිධානයක් වන 'ජනතා මිතුරෝ' සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයට එකතු වූ බව ඉරාන් වික්‍රමරත්න තුමා උපේක්ෂාසහගතව කැකිරි එෆ් එම් නාලිකාවට පැවසුවේ ය.


"ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක සහාය සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයට!"
කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ සහායට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලැබෙන බව එම පක්ෂවල විශ්වසනීය ආරංචි මාර්ග පවසයි. කැකිරි එෆ් එම් නාලිකාව මේ පිළිබඳව උ.ප.යේ අද දින නායක ඉරාන් වික්‍රමරත්න තුමා ගෙන් විමසු විට ඔහු මෙලෙස පැවසුවේ ය: 
'මේ ගැන පුදුම විය යුතු නැහැ. ඔය "ප්‍රධාන" කියන පක්ෂ දෙකටම හරි නායකත්වයක් නැහැ. නායකයෝ කියාගන්න අයට ආත්ම විශ්වාසයක් නැහැ. තමන්ගේ පක්ෂයේ නම පාවිච්චි කරන්නත් ලැජ්ජයි. ඒ නිසා වෙන්න ඕන අර සන්ධානය මේ පෙරමුණ අර එකතුව කියල ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ පක්ෂ දෙකම අප වැළඳ ගන්නේ ආප්පයක් කාලා කහට උගුරක් බීලා.

0 comments: