17 August 2015

මැතිවරණ දා ලුහුඬු පුවත්

"මෛත්‍රී-සර්කස්" නොහොත් ජනවරමෙන් පස්ස පිහදාගැනීමේ දේශපාලන සැණකෙළිය නරඹන්න ජනතාවට වරම් නැත. විඳින්නට පමණක් සිදුවනු ඇත. නිකුතුව 'ජනවරම' ලෙස නම් කරනු ඇත. 'විප්ලවයක්' ලෙසද එය අර්ථකථනය කර ගනු ඇත. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ටත්වය, ජනවරමට ගරු කිරීම, ජනතා පරමාධිපත්‍යය යනාදී වදන් තෙපලන්න හුරුව සිටි සියලු දෙනා නිහඬ වනු ඇත.

කාටද බහුතරය හිමි වන්නේ? කව්ද බහුතරයට අයත් වන්නේ? බහුතරය ඡන්දදායකයෝ වෙති. ඔවුන් අයත් වන්නේ දේශපාලන සෙල්ලම අහවර වී බලය හිමිවන අයට. හැමදාම රට පාලනය කරන්නේ සුළුතරයක්. බහුතරයෙන් කොටසක් ස්වයං මෝහනයේ පිහිටෙන් සතුටු වෙන අතර අනෙක් කොටස ස්වයං මොහොනය ම හේතුකොට ගෙන දුක් වේ.


පහුගිය මාස 10 තුල යහපානලනය දවසට 279 වරක් වැමෑරූ මාධ්‍ය ඔස්තාර් වරු, විශ්වවිද්‍යාල පඬිවරු, රාජ්‍ය නොවන සංවිධාන අරක් ගත් 'දේශපාලන විචාරකයින්', ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ තානාපතිවරු ඇතුළු විද්වතුන් සියලුදෙනා 'යහපාලනකයාගේ යහපාලනය' ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තව ස්වල්ප මොහොතකින් ජාතිය ඇමතීමට නියමිතයි. උන්වහන්සේගේ මධුර ස්වරයෙන් යහපාලකයාගේ යහපාලනය ගැන අගනා ධර්මදේශනයක් ශ්‍රවණය කිරීමට පින්වත් සියලුදෙනාට ම හැකි වනු ඇත.



බ්රේකින් නිවුස්: මධුර ස්වරයෙන් 'යහපාලකයාගේ යහපාලනය' ගැන අගනා ධර්මදේශනයක් පැවැත්වීමට නියමිතව සිටි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 'ඉහලින් ආ ඇමතුමක්' සහ 'පහලින් වෑහී ගිය ලැජ්ජාවක්' හේතුවෙන් එම දේශනාව නොපැවැත්වීමට තීරණය කර ඇති සේක.


නිලනොවන මැතිවරණ ප්‍රතිඵල මෙන්ම නිලනොවන විභාග ප්‍රතිඵලද ඇති තරම් පොස්ට් කරන්න. එසේ කර තමන් මොහොතකට පිළිවෙලින් මැකෝ කෙනෙක් හෝ විකො (විභාග කොමසාරිස්) කෙනෙක් බව සිතා හීන් ම හීන් සිනහවක් පාන්න. සැ යු : සිනහව අගනා ඔසුවකි.
[මෙම අවවාදය Thursday Forum සංවිධානයේ කැඳවුම්කරු ඒබ්‍රහම් ලින්කන් ගෙනි] 

අස්කරන-පත්කරන ලෙඩේ දරුණු ලෙස වැළඳ ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟට මැකෝ අස්කරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසති.  ඉන් අනතුරුව ලෙඩේ තවත් උත්සන්න වුවොත් සිරිසේන මහතා වැරදීමකින් තමන්වද අස්කරනු ඇත. 



0 comments: