15 August 2015

මෛත්‍රීපාලනය/යහපාලනය නොහොත් මෛත්‍රී-රනිල් සුසංයෝගයේ රාජපක්ෂකරණය

1. තමන් ගේ බලය යොදවා මැතිවරණයක් මැද්දේ තම ප්‍රතිවාදියා ගේ  පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම වැළැක්වීම.

2.  තමන් ගේ බලය යොදවා තම ප්‍රතිවාදියා අයත් වන පක්ෂයේ සහ සන්ධානයේ ලේකම්වරු ඉවත් කොට ඒ වෙනුවට තම හිතවතුන් පත්කරගැනීම.

3. තම ප්‍රතිවාදියා අයත්වන පක්ෂයේ කාර්යාලය තමන්ගේ නිල සේවකයින් යොදවා අත්පත් කර ගැනීම.  


4. බල්ලා සපා කෑ නිසා පෙරලා බල්ලව සපා කෑම.

5.  මෛත්‍රියට යන වචනයට සමාන වචනයක් ලෙස 'වෛරය' යෝජනා කර එය සමාජගත කිරීම.  


සැ.යු: ශිෂ්ටත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය යනාදී පොරොන්දු විශ්වාස කල නිසා මෛත්‍රී -රනිල් 'සුසංයෝගය' තෝරාගත්තා යැයි කියූ පිරිස් මේ මහත්වරුන්ගේ වත්මන් දේශපාලන භාවිතය ගැන කිසිවක් නොකියන්නේ "ශිෂ්ටත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය යනාදි ය" කිසිදාක වැදගත් නොවුන නිසා සහ අවශ්‍යව තිබුනේ 'අපේ අශිෂ්ටයෝ පත් කර ගැනීම' නිසා ද? 

1 comments:

සෙන්නා said...

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල උතුමානන් විසින්, මෙතෙක් කල් පැලද සිටි සිය වෙස් උහුන ගලවා සැබෑ මුහුණ පෙන්වීම ගැන ස්තූතිවන්ත වෙමි. කිසියම් ශ්‍රීලනීප පාක්ෂිකයෙක් මෙතෙක් කල් දෙගිඩියාවෙන් සිටියෙනම් දැන් ඒ සියල්ල නිරවුල්ය. අතිගරු ජනාධිපති උතුමානන් විසින් තමන් වනාහී යූන්පී කුක්කකු මිස ශ්‍රීලනීප නායකයා නොවන බව මැනවින් ඔප්පු කර ඇත. ඉඳින්, ශ්‍රීලනීප පාක්ෂිකයනට දෙගිඩියාවකින් තොරව සිය සැබෑ නයකයාට කතිරයක් ගැසිය හැකිය.