24 March 2016

සිරිසේන-චන්ද්‍රිකා ද්වන්ධ සටනක

"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති වන "මෛත්‍රිපාල" සිරිසේන සහ එම පක්ෂයේ හිටපු නායක සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග අතර දරුණු සටනක් ආරම්භ වී ඇත. මොවුන් කාරණා දෙකක් මත සටන් වැදී ඇත. පළමු වැන්න "වඩා වෛරසගත කවුද?" යන්නය. දෙවැන්න "පාක්ෂිකයින් අතර අප්‍රසාදයට පත් ව ඇත්තේ කවුද?" මෙම තරංග දෙකෙහිම අවසාන වටයට (එනම් ෆයිනල් එකට) සුදුසුකම් ලබා ඇත්තේ මොවුන් දෙදෙනා බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

චන්ද්‍රිකා බ්‍රසල්ස් නුවරට
බෙල්ජියමේ ත්‍රස්ත ප්‍රහාර මැඩලීම සඳහා ජනාධිපති සිරිසේන හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ව එම රටට යැවීමට කටයුතු කර ඇත. බෙල්ජියමේ අගමැති චාර්ල්ස් මිෂෙල් මහතාට මේ පිලිබඳ යැවු ලිපියෙ මෙසේ සඳහන් කර ඇත: 'අප ඔබ වෙත එවන්නේ ත්‍රස්තවාදය මැඩලීමේ හි අප සතු විශිෂ්ටතම විශේෂඥයෙකි. කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමේ දැවැන්ත අරගලයෙන් 75% නිමා කලේ ඇයයි. බෙල්ජියමේ ප්‍රශ්නයෙන් අඩුම තරමින් 50% ඇය විසඳනු නොඅනුමානය."

විල්පත්තුව සිතියමෙන් ඉවතට
දේශපාලන හිසරදයක් බවට පත්ව ඇති විල්පත්තුවේ අනවසර පදිංචිවීම් ප්‍රශ්නය විසඳීම ට පශ්චාත් නූතනවාදී ක්‍රියාමාර්ග තේරීමට ආණ්ඩුව පෙළඹ ඇත. ඒ අනුව විල්පත්තුව සියලු සිතියම් පොත් වලින් ඉවත් කිරීමට පියවර ගැනීමට අදාළ ආයතන වලට ලිඛිතව දැනුම් දීමට නියමිතය. 'නැති විල්පත්තුවක "විල්පත්තු ප්‍රශ්න" තිබිය නොහැකිය' ඉන් පසුව සියලු විරෝධතා වලට දක්වන ප්‍රතිචාරය වනු ඇත.

බලු-ෂෝ, රේස් තහනම්!
උකුස්සන්, අලි-ඇතුන් සහ ඔවුනට පමුණුවන වධහිංසා ගැන කම්පාවෙන සත්ව කරුණාව උතුරා යන සාධු ජනයා ගේ බලවත් ඉල්ලීම මත බලු-ෂෝ තහනම් කිරීමට බලු-පාලන ආණ්ඩුව තීරණය කර ඇත. සත්ව කරුණාව නිසාම කම්පාවී ඇති පිරිස මෙසේ කරුණු පවසයි.

"බලු-ෂෝ සංවිධානය කරන අය ඒවා කරන්නේ අහිංසක අසරණ බල්ලන්ගේ අවසර අරගෙනද? කර පටියක් දාල, දම්වැලක් පටලවල මෙයාල කරන්නේ බල්ලන්ගේ නිදහස සීමා කිරීම නොවේද? අනික බල්ලෝ විතරක් නෙවෙයි, අස්සයොත් පවු. මෙහෙ අස්ස රේස් නොතිබ්බට රේස් දාන හැමෝම අස්ව-හිංසනයට දායක වෙන්ව. මේ නිසයි අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඕව නවත්තන්න පියවර ගන්න කියල."

0 comments: