01 November 2019

19 වන ව්‍යවස්ථා සංශෝධනය, 'පඹ අගමැති' සහ එජාප පඹගාල


මණ්ඩලේ කචල් මචං. කචල් කියන්නේ මම කරුණාවන්ත නිසා. කල්පනා කරලා බලන්න. සජිත් කියනවා මේක අගමැතිවරණයක් නෙවෙයි ජනාධිපතිවරණයක් කියල. හී ඉස් කරෙක්ට් මචං. බට් ද එජාපය ඉස් කන්ෆියුස්ඩ් මචං.

[වැඩේ තියෙන්නේ සජිත් කියන්නේ හොඳ එජාප කකුලක්.  2015 ඉඳල අද වෙනකල් එජාපය ප්‍රධාන යහපාලන ආණ්ඩුව කරපු කිසිම මෝඩ, ජඩ, තක්කඩි වැඩකට සජිත් නෙවෙයි විරුද්ධ වුනේ. අර්ජුන මහේන්ද්‍රන් එක්ක, රනිල් වික්‍රමසිංහ එක්ක, රවී කරුණානායක එක්ක, මෛත්‍රිපාල සිරිසේන එක්ක කෙලින් හිටගෙන හිටියා. කොටින්ම ජනපති වුන වහාම මල්ලිට ටෙලිකොම් එක දීලා 'ඥාති සංග්‍රහයට' තිත තියන වෙලාවේ ඉඳලා රනිල්, රවී, මහේන්ද්‍රන් එකතු වෙලා මහා බැංකුවට විදින මොහොත හරහා ඇමරිකාවට රට විකුණන මේ මොහොත දක්වා සජිත් හිටියේ සීරුවෙන් හිටං!]

හරි. දැන් කතාකරමු අගමැති ගැන. කතාකරමු ජනපති ගැන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන. 

'ජනපති බලතල අඩු කෙරුවා. දැන් ඉතින් අගමැති අතේ තමයි බලය තියෙන්නේ.'  19 උඩ දාන කාලෙ එජාපයේ ලොක්කෝ වගේම එජාපයට හොරෙන් ලව් කරපු සහ ලව් කරන වම්මු ගල්ලිබ්බෝ ඇතුළු (ෆේක්) ටොයියෝ කිව්වේ එහෙමයි. එහෙම කියපු අය දැන් කතා හරියට කරන්නේ අගමැති කියන්නේ පඹ තනතුරක් වගේ. රනිල් තුමා එක පැත්තකට වෙලා පපුවට් ගගහ කියනවා 'සජිත් දින්නොත් මමයි අගමැති' කියල. සජිත් අනිත් පැත්තට පක්ෂයේ ලොක්කව දෙකේ කාසියට දාල කියනවා 'මම තනතුරු බෙදල දීලා නැහැ' කියල. ඒ කියන්නේ තනතුරු බෙදන්නේ ජනපති. ඒ කියන්නේ 19බොරුවක්. 

ද?

එයාලගෙම තර්ක වලට අනුව ගෝටා ජනපති වුනත් මහින්ද අගමැති වන නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව රට පාලනය කරන්නේ මහින්ද. ගෝටා නෙවෙයි.  ඒත් සජිත් දින්නොත් රනිල් අවුට්. රනිල් විතරක් නෙවෙයි, මොකා අගමැති වුනත් ඒකා පඹයෙක්.  ගෝටා දින්නොත් ගෝටා පඹයෙක් (අකෝඩින් ටු ද 19ත්), ඒත් සජිත් දින්නොත් රනිල් පඹයෙක් (අකෝඩින් ටු ද 19ත්). කැන යූ මේක් අප් යුව මයින්ඩ් මචංලා? 

කාරණය මේකයි. මෙයාල ව්‍යවස්ථාව ගැනවත් රට ගැනවත් රට පාලනය කරන එක ගැනවත් බොරුවක් ගොතන්නවත් දන්නේ නැහැ. කොටින්ම පඹයෝ. කොන්දක් මොලයක් නැහැ. පඹ ගාලක පැටලිලා ඉන්නේ ඒක නිසා වෙන්න ඕන, ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන්.


  

0 comments: