මේ දිනවල හැමෝම පාහේ පාවිච්චි කරන මුත් ඔවුන් පවා මීට කලකට ඉහත අසා
නොතිබුණු සහ අවබෝධ කරගෙන නොතිබුණු එක් යෙදුමක් තිබේ. ඒ, යහපාලනය යන්නයි. මේ
දිනවල බහුලව පාවිච්චි වෙන මුත් මීට පෙර අසා නොතිබුණු සහ හරි අවබෝධයක්
නොතිබුණු තවත් වචනයක් තිබේ. ඒ, බැදුම්කර යන්නයි.
මේ යෙදුම් දෙක සම්බන්ධයෙන්ම වන දැනුම සහ ඒ ගැන වර්තමානයේ ඇති හුරුව කෙසේ වෙතත්, ඒ යෙදුම් දෙක ගැනම ඉඳුරා කිව හැකි දේවල් තිබේ. උදාහරණයක් වශයෙන්, යහපාලනය කෙරෙහි මේ ආණ්ඩුව බරසාරව සැලකිලිමත් වන බවක් පෙනෙන්ට නැත. මන්ද යත්, එය ඒ තරමට උල්ලංඝණය කෙරෙන බැවිනි. බැදුම්කර සම්බන්ධයෙන් ගත් විට, මහ බැංකු අධිපතිවරයා ඇතුලු ඊට අදාළ ප‍්‍රධාන පුද්ගලයන්ගේ සුපිළිපන්භාවය පිළිබඳ ප‍්‍රශ්න මතු වී තිබේ.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සැකයට භාජනය වී සිටී. එය බරපතල සැකයකි. ඔහුව එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලීම් නැගේ. ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ඇතැමුන්ගේ අභිප‍්‍රායයන්, ඔහු කළා යැයි කියන අක‍්‍රමිකතාවන්ට කිසි විදිහකින් සම්බන්ධ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම, පසුගිය රජය සමයේ මෙවැනිම හෝ මීට සමාන අක‍්‍රමිකතාවන්හි සෘජුව හෝ වක‍්‍රව යෙදුනවුන් හෝ එවැනි දේවල් එදා අනුමත කළ අය වශයෙන් අද මේ ගැන කතා කිරීමේ සදාචාරමය අයිතියක්ද ඔවුන්ට නැති බව පැහැදිළි ය. එහෙත් එසේ වූ පමණින්, අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් මතු වන චෝදනා ඉවතලෑමේ පුලුවන් කමක් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ ‘මිත්‍ර’ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අනුව බැලුවත්, ඔහුට සේවා දිගුවක් දීමේදී, අඩු වශයෙන් පරිස්සම් විය යුතුව තිබේ.
තවත් සාධක ගණනාවකි. මේ ක‍්‍රියාවලියෙන් ලොකුම ලාභය ලැබුවේ, මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන ඇලෝසියස් මහේන්ද්‍රන් ය. එවැනි ලාභයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිද්දෙන්, මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තීරණ ගැන මොහු කල් තියා දැන සිටින්ට ඇතැයි යන අඩමානය විමර්ශන කමිටුව සඳහන් කොට තිබේ. එහිදී ලංකා බැංකුව ඔහුගේ වරද සහායකයෙකු වන්නට ඇති බවත් කියන විමර්ශන කමිටුව, ඒ ගැන වැඩි දුර විමර්ශනයක් සිදු කරන ලෙස උදක්ම නිර්දේශ කෙළේය.
අර්ජුන් ඇලෝසියස් එක රැුයකින් ප‍්‍රකෝටිපතියෙකු වුණේ කෙසේද? මහබැංකුවේ බැඳුම්කරවලින්.
ඒවා නිකුත් කළ මහ බැංකුවේ අධිපතිවරයා කවුද? ඔහුගේ මාමණ්ඩිය.
දැනට හිස් තැන් සහිත තවත් සම්බන්ධතා තිබේ. ඒවා පසුව පිරවෙනු ඇත. තවත් එවැනි සම්බන්ධයක් තිබිය හැක්කේ ඇලෝසියස් සහ මුදල් ඇමති රවි කරුණානායක අතරයි. ඔවුන් ඉතා කිට්ටු මිතුරන් ය. දැන් ‘සිරස’ රූපවාහිනී නාලිකාවේ ‘ෆේස් ද නේෂන්’ වැඩ සටහනට සහභාගී වෙමින් මුදල් ඇමති රවි කරුණානායක කී දේවල් ඇසුරින්, නම හෙළි නොකරන ඔහුගේ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු, ‘කලම්බ් ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට මෙසේ ලියයි: ‘බැඳුම්කර නිකුතුවෙන් සිදු වූ පාඩුව ගැන මුදල් ඇමතිවරයා නොදන්නා පාටයි’. එය ඇත්තක් වුවත් නැතත්, මේ මාර්ගයෙන් තමාගේ මිත්‍රයාට සැලසුණ අති විශාල ලාභය පිළිබඳව මුදල් ඇමතිවරයා දන්නවාට සැක නැත.
මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින හෝ ඔහුගේ ‘අවිහිංසකත්වයක්’ ගැන පාරට්ටු කරන කිසිවෙකු අද මහ බැංකුවෙන් සොයාගත නොහැක. ජනාධිපතිවරයා ඔහුව ඉවත් කරන්නැයි ඉල්ලා තිබේ. කරුණානායකගේ කැබිනට් සගයන් කිහිප දෙනෙකුද එයම ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට වෙහෙස වූ බොහෝ දෙනාද එම ඉල්ලීමම කරති. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා කෙරෙහි මේ අවස්ථාවේ එල්ල කෙරෙන පීඩනය සුළුපටු නොවේ.
සිදු වී ඇති වරද අගමැතිවරයා විසින් නිහතමානීව පිළිගන්නා තැනට වගබලා ගත යුතු යැයි සිතන පිරිස් සිටිති. මේ කාරණයේදී, තිරසාර තීරණයක් ගනිමින්, මෙතෙක් ඔහු ගැන රටේතොටේ කතා කෙරෙන සුපිළිපන් භාවය පිළිබඳ කීර්තිය ආරක්ෂා කර ගනිමින්, වඩාත් ශක්තිමත්ව නැගී සිටීම සඳහා ඔහු යොමු විය යුතුව තිබේ. විරෝධතාවන් හෝ බලය පෙන්වීම ඉදිරියේ පහසුවෙන් නොනැමෙන පුද්ගලයෙකු වශයෙන් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ ය. තමා නිවැරදි යැයි විශ්වාස කරන දෙයක් වෙනුවෙන්, එය මොන තරම් ජනප‍්‍රියත්වයෙන් හීන වෙතත්, පෙනී සිටීම ගැන ඔහු ප‍්‍රසිද්ධ ය. එසේම, පුද්ගලයන්ට වඩා පද්ධති කෙරෙහි විශ්වාසය තබන්නෙකු වශයෙන්ද ඔහු ප‍්‍රකට ය. ආයතනික ප‍්‍රතිසංස්කරණ ගැන ඔහුගේ විශාල උනන්දුවක් ඇත්තේ එබැවිනි. තුලන සහ සංවරණ කෙරෙහි ඔහු විශ්වාසය තබයි.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ ඔහුගේ අගමැති ධුර කාලයේදීය. (එය ඉදිරිපත් කෙළේ ජනතා විමුක්ති පෙරමුණ වීම වෙනම කාරණයකි), ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී 18 වැනි සංශෝධනය අවලංගු කරමින්, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපනය කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණේද ඔහු අගමැතිවරයා වශයෙන් සිටින වර්තමාන ආණ්ඩුව විසිනි. අර්ජුන මහේන්ද්‍රන් දැනට දරණ ස්ථානය වැනි තනතුරකට තමාට පක්ෂපාතී හෝ තමාට හිතවත් මිත‍්‍රයන් පත්කර ගැනීමට බැලීමේ අනුවණ කම ඔහුට වැටහිය යුතුය. මීට කලින් හිටපු මහ බැංකු අධිපතිවරයා දේශපාලන පත්වීමක් ලද්දෙකි. එවැනි පත්වීම්වලට මේ පාලකයෝ එදා විරුද්ධ වුහ. අර්ජුන මහේන්ද්‍රන්ට සුදුසුකම් ඇති බව ඇත්ත. එහෙත් වැරදි පුර්වාදර්ශයක් ඔහුගෙන් සැපයිය යුතු නැත. බැඳුම්කර නිකුතුව පිළිබඳ ප‍්‍රශ්නය එවැන්නකි. මහ බැංකුවේ සේවය කරන සුදුසුකම් ලත් සහ පළපුරුද්ද සහිත ඉහළ පෙළේ නිලධාරීන්ව පසුගිය ආණ්ඩුව විසින් මේ තනතුර සඳහා ගණන් ගැනුණේ නැත. නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත් කෙරුණේ එබැවිනි. එය නරක පුර්වාදර්ශයක් විය. හැකියාව සහ ජ්‍යෙෂ්ඨත්වය මත ඒ තනතුර සඳහා පෝලිමේ සිටි තවත් නිලධාරීන්ට එය අසාධාරණයක් විය. මහේන්ද්‍රන් තරමේම හැකියාවෙන් යුත් වෙනත් කිසිවෙකු මහ බැංකුවෙන්වත්, වෙනත් කිසි බැංකුවකින්වත් සොයා ගැනීමට නැතැයි කීමේ හැකියාවක් අගමැතිවරයාට නැත. වෙනත් අයට නැති, ඔහුට ඇති විශේෂ සුදුසුකමක් වන්නේ, ‘විශ්වාසය’ විය හැක. එහෙත්, අගමැතිවරයා වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට දැන් ඔහු අපොහොසත් වී ඇත්තේද එයමයි.
රටේ සමස්ත ජනතාවටත්, ආර්ථිකයටත් තීරණාත්මක විය හැකි තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදි යළිත් වරක් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමේ මොහොත පැමිණ තිබේ. මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම කෙරෙහි ‘ව්‍යවස්ථා සභාවට’ බලයක් නැති වීම අවාසනාවන්ත ය. එම පත් කිරීමේදී කරුණු සොයා බැලීම සඳහා අනුගමනය කෙරෙන විධිමත් ක‍්‍රියාවලියක් ද නැත. ආයතනික සැකසුම අගමැතිවරයා විසින් දැන්වත් පිළිසකර කළ යුතුය. එම තීරණය සඳහා මහේන්ද්‍රන්වත්, ඔහුගේ අතින් සිදුවිය හැකිව තිබුණු යම් අක‍්‍රමිකතාවක්වත්, මෙහිදී අදාළ නැත. ඊට අදාළ කර ගත යුත්තේ, පිරිසුදු, විනිවිද පෙනෙන, සදාචාරමය වශයෙන් පෙනී සිටිය හැකි බඳවා ගැනීමේ පරිපාටියක් සහිත ශක්තිමත් ක‍්‍රම පද්ධතියක් ඇති කිරීම කෙරෙහි පවතින අවශ්‍යතාවයි.
මහේන්ද්‍රන්ව නැවත පත් නොකළොත්, එය තමන්ගේ ජයග‍්‍රහණයක් වශයෙන් ගෙන, එයින් පටු දේශපාලනික වාසි ලබා ගැනීමට ඇතැමෙකු දතකට මැදගෙන බලා සිටින බවට සැක නැත. එහෙත් අනිත් පැත්තෙන්, යහපාලනික ප‍්‍රතිපත්ති පිළිබඳ දැඩි අවධාරණයක් යොදමින්, නිර්භය සහ අත්‍යාවශ්‍ය තීරණයක් වෙනුවෙන් පෙනී සිටීම ඉදිරියේ, එවැනි පිරිස්වල බලය දියාරු වී යනු ඇත. එය, ජනතා මතයට කන් දීමක් වශයෙන්ද ගෙනහැර දැක්වීමේ හැකියාව අගමැතිවරයාට තිබේ. මහ බැංකු අධිපතිවරයා සහ ගෙවුම්කර නිකුතුව සම්බන්ධයෙන් මේ වන විට අගමැතිවරයාගේ සුපිළිපන් භාවය පිළිබඳව මතු වී ඇති සියලූ සැකසාංකා ඒ මගින් දුරු කිරීමේ හැකියාවත් ඔහුට ලැබෙනු ඇත.
*2016 ජුනි 16 වැනි දා ‘Daily Mirror' පුවත්පතෙහි පළවූ “Cometh the hour, where is this man Ranil Wickremesinghe?" නැමැති ලිපියේ සිංහල පරිවර්තනය [Colombo Telegraph වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී ]

0 comments:
Post a Comment