23 July 2015

ජාතිකවාදීන් -- රියල් සහ ෆේක්

2015.07.23 දින දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ.   

අජිත් පෙරේරා මහත්තයාගේ බුද්ධියත් චම්පික රණවක මහත්තයාගේ බුද්ධියත් ජාතිකවාදය යනු කුමක් ද යන්නත් අවබෝධ කරගැනීමට අවස්ථාවක් උදා වීම ගැන තමා ඉමහත් සතුටට පත් වූ බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක තොත්ත බබා හාමි මහතා ප්‍රකාශ කළේය.

එසේ ප්‍රකාශ කලේ අජිත් පෙරේරා මහත්තයා කල ප්‍රකාශයක් උපුටා දක්වමින් ය. 
"අජිත් මාර කතාවක් නේ කලේ. එයා කියනවා චම්පික රණවක අපේ රටේ උගත්ම හා බුද්ධිමත්ම දේශපාලනඥයින් අත්ළොස්ස අතුරින් එක් අයෙක් කියලා. පර්සි මහින්ද රාජපක්ෂලා, විමල් වීරවංශලා වැනි දේශපාලනය වෙනුවෙන් ජාතිකත්වය විකුණන පුද්ගලයින් මෙන් නොව චම්පික රණවක සැබෑ ජාතිකවාදියෙක් ලු. බොහෝ කාලයක් තිස්සේ චම්පික නන්නත්තාරව ව්‍යාජ ජාතිකවාදීන් සමඟ ගමන් කළා ලු. අද ඔහු දේශයට ආදරය කරන සැබෑ ජාතිකවාදීන් සමඟ අත්වැල් බැඳගෙන සැබෑ ජාතිකවාදයේ පක්ෂය සමඟ ලු. 

"ඒ කියන්නේ චම්පික ව මෙච්චර කාලයක් ඔය ව්‍යාජ බුවා ලා ගොනාට අන්දගෙන ඉඳලා තියෙන්නේ. නන්නත්තාර වෙලයි ඉඳලා තියෙන්නේ. අනේ මන්ද කවුද මෙච්චර කල් නන්නත්තාර වෙලා හිටියේ...චම්පික මේවා පිලිගන්නවා ද නැද්ද කියලා දැනගන්න ආසාවේ බෑ අප්පා. කොහොම උනත් දැන් අපට 'ජාතිකවාදීන්' කියන්නේ කවුද කියල හොඳට තේරෙනවා: ප්‍රභාකරන්ලට බය සහ ත්‍රස්තවාදීන් ට දොල පිදේනි දෙන, ඉන්දියාව සහ ඇමරිකාව ගහන පදයට නැටවෙන, රාජ්‍ය ආයතන විදේශීය සමාගම් වලට විකුණන අය තමයි රියල්....අනිත් අය ෆේක්. තැන්කු තැන්කු අජිත්."

'අයි ඇම් ද ලෝඩ් ඔෆ් ද කට් අවුට්' යනුවෙන් තමාගේ මැතිවරණ පාඨය වෙනස් කල යුතු යැයි එජාපයේ සුජීව සේරසිංහ ට ආදරයෙන් උපදෙස් දී ඇත්තේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක තොත්ත බබා හාමි මහතා ය. 'මේකා තරම් මහින්ද ගේ කට් අවුට් වලට බැන්න එකෙක් හිටියේ නැහැ...දැන් මූ මහින්ද ට ත් එහා ගිහින්' යැයි බැන වදින එජාපයේ'සහෝදර අපේක්ෂයකින් ට ද ඊ මේල් මගින් තොත්ත බබා හාමි මෙසේ කියා සිටියේ ය: 'ටෙක් ඉට් ඊසි..දීස් ආ යහපාලන කට් අවුට්ස් නො'.



මර්වින් සිල්වා (ආචාර්ය) එජාපයේ ඔඩොක්කුවට වැටුන ද නැත්නම් එජාපය මර්වින් ගේ ගානට වැටුන ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ පරිධි කාරක සභාවට විනාඩි 17ක කාලයක් නාස්ති කිරීමට සිදු වූ බැවින් ඔවැනි වැටීම් අගෝස්තු 17 දා ට පසුව සංවිධානය කරන ලෙස එම පක්ෂයේ අද දින නායක තොත්ත බබා හාමි මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.


මහින්ද ගේ කතාවේ වැළලෙන කොටස පිළිබඳවද කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ අද දින නායක තොත්ත බබා හාමිතුමා පහත අදහස් කැකිරි එෆ් එම් නාලිකාවට ප්‍රකාශ කළේය:

"අනුරාධපුරයට ගොස් මහින්ද රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කර ඇත: 'මාව අතුගානවා කිව්වා...විනාශ කරනවා කිව්වා....වළලනවා කිව්වා....ඒත් එහෙම කියන අය එක්කෙනෙක් වත් ප්‍රභාකරන් ව අතුගානවා, විනාශ කරනවා කිව්වා, වළලනවා කියලා කිව්වේ නෑ නේද?'

"දුක දන්වන්න ද මන්ද....එත් ඉතින් සමහර අයගේ දුක දැනුනේ නැති කෙනෙක් ගැන දුක හිතෙන්නේ අඩුවෙන්. ඒ කෙසේ වෙතත් කතාවේ ඇත්තක් නැත්තේ නැහැ. ප්‍රභාකරන් ලා කැමරන් ලා මෝඩි ලා ඉස්සරහ කකුල් දෙක අස්සේ නැට්ට ගහ ගන්න අය වීරයෝ වගේ ටෝක් ඉෂූ කරනකොට විහිලුයි. ඒ වගේ උන් උන් බලය ඉල්ලනකොට බක බක ගා හිනා යනවා."



2 comments:

සෙන්නා said...

"ප්‍රභාකරන් ලා කැමරන් ලා මෝඩි ලා ඉස්සරහ කකුල් දෙක අස්සේ නැට්ට ගහ ගන්න අය වීරයෝ වගේ ටෝක් ඉෂූ කරනකොට විහිලුයි. "

ඇත්ත. යුද්දෙ ඉවර කරලා තියෙන්නේ මහින්ද/ගෝටා හැර අනිත් හැම කෙනෙක්ම.

යුද්දෙ නැගලම යන කාලේ අපි අහලවත් නොතිබුන නපුංසකයෝ දැන් කියනවා අපිලු මහින්දව යුද්දෙට තල්ලු කරං ගියේ කියලා.. ඉතින් ඇයි හත් දෙයියනේ මහින්දව තල්ලු කරන් මහින්ද පිටිපස්සෙන් ගියේ, වීරයෝ වගේ ඉස්සරහින්ම යන්න තිබුනනේ...

මේ ලඟදි මහින්දට හෙන අභියෝගයක් කළ අපත කාලකණ්නි දේශපාලුවෙකුගේ පුත්‍ර රත්නයක් අපේ පැත්තේ පෝස්ටර් ගහලා තියනව ඌ රට වෙනස් කළා කියලා.. අම්මපා එහෙම එකෙක් ඉන්නව කියලා දන්නෙත් එදා අර ලොරි ටෝක් එක දීපු එක පුන පුනා යාපාලන ටීවී වලින් පෙන්වනකොට තමා..

ඇත්තටම මේකනම් කැකිරි ලන්තයක්ම තමා...

තිස්ස දොඩන්ගොඩ said...

"පටි රෝල් ගාමිණීව තිස් වසරක්" පොතේ තියන හැටියට පහුගිය තිස් වසරක කැ. ලන්තයේ සියලුම වැදගත් හැරවුම් ලක්ෂ සටහන් කරලා තියෙන්නේ ඔය ගාමිණී..!
රට දිහා බලන් ඉන්න අපට නම් හිතෙන්නේ හැබැයි ඔය "පටි රෝල් ගාමිණී" හරවන ශ්‍රිතය දෙවරක් අවකලනය කලහම බින්දුවට විශාලයි කියලා.