31 July 2015

'අපේ කට්ටිය නෝටි උනත් අපට නයිස්

'අපේ කට්ටිය නෝටි උනත් අපට නයිස්

"'මහින්ද ලා නෝටි' කියන අය ට නොතේරෙන දේ:  තමන්ගේ ස්වරයත් මහින්දවාදීන්ගේ ස්වරයත් සමාන බව....නයිස් අය මහින්ද තරම්ම නෝටි බව...අනුරලා නයිස් මා(ර්)කට් කලත් එයාලත් නෝටි බව...අවසානයේ හැමෝටම පොදු දේශපාලන න්‍යායක් ඇති බව ['අපේ කට්ටිය නෝටි උනත් අපට නයිස්']." 

"මහින්ද, රනිල්, අනුර දේශපාලනයෙන් ඉවතට!"

මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු සියලු පක්ෂ නායකයින් දේශපාලනයෙන් ඉවත් වීමට නියමිත බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින (ජුලි 30) නායක මරදන්කඩවල යකඩයා කැකිරි එෆ් එම් නාලිකාවට පවසයි.  යකඩ තුමා මෙසේ පවසන්නේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුළු බව කාට නොතේරුණත් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන උම්මත්තකයින් එය දන්නා නිසා යැයි ද වැඩි දුර කියා සිටියේය.


අවලාද වල පාට කුමක්ද? 

"එජාපය පැරදුනොත් මහින්ද ට අවලාද නගන (සහ විශේෂයෙන්ම ප්‍රභාකරන් ගැන වචනයක් වත් නොකී) අය මොනවා කියයි ද?  මෙහෙම අහන්න සරල හේතුවක් තියෙනවා.  නම් සහ පාට මාරු කලොත් දෙගොල්ලන්ම (එෆ් බී එකේ) එකයි.  විහිලුම දේ 'අපි මහින්දලා වගේ නෙමෙයි, අපි හොඳයි, අපි මෛත්‍රී පාලනයක් වෙනුවෙනුයි ආවේ' වගේ දේවල් කියන වීරයෝ 'මහින්දලා' තරම්ම වාචාල වීමයි."

ඉහත ප්‍රකාශය කලේ අද දින (ජුලි 30) නායක මරදන්කඩවල යකඩයා ය.


රනිල් ට, මහින්දට, මෛත්‍රීට, චම්පිකට විවාදයකට ඇරයුමක් 

තම තමන් කැමති මාතෘකාවන සම්බන්ධව ඕනෑම තැනක ඕනෑම මොහොතක විවාද කිරීමට සීමාරහිත උම්මත්තකයින් සූදානම් බව රනිල්, චම්පික, මෛත්‍රී, මහින්ද සහ අනුර යන අයට දන්වා ඇති බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටීමට නියමිත එම පක්ෂයේ අද දින (ජුලි 31) නායක කූඹිවරිගේ කූඹියා නයිදේ මාධ්‍යට ප්‍රකාශ කර ඇත. 

එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ:

 'මාතෘකාවක්   තොර ගන්න අපහසු නම් එම පින්වතුන්ගේ පහසුව සඳහා මාතෘකා කිහිපයක් අප පක්ෂයේ පරිධියේ කාරක සභාව  විසින් යෝජනා කර ඇත.  ඒවා පහත දැක්වේ:

වස්කොදගාමා ගේ දේශ ගවේෂණ වලට පියදාස  සිරිසේන ගේ නව කතා බලපෑවද නැද්ද?
දින 100 ක් වෙනුවට දින 99ක් හෝ 101ක් තෝරා  නොගත්තේ ඇයි?
ගාල්ලට කි මී 100ක් ඈතින් 'ගාලුමුවදොරක්' තියෙන්නේ කෙසේද?
කුරුනෑගල ට 'යෝධාගල'  ලෙස නම් නොකළේ මන්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවමත් ආර්ජන්ටිනාව පරාජය කිරීමට බැරි වුනේ ඇයි?    
CIA එකයි ලපකුමරයි අතර තිබෙන සම්බන්ද කම මොකක්ද? 
Marquis de Sade හා චම්පික අතර තියෙන සමාන කම කුමක්ද ?
මහින්දාගමනය හා ලංකාවේ බනිස් කර්මාන්තය අතර ඇති චතුෂ්කෝටික සම්බන්ධය කුමක්ද?
මහින්දාගමනය සහ රක්ත ප්‍රදාහය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වම්බටු වගාව, වරිගපූර්ණිකාව සහ අර්ශස් අතර අන්තර් සම්බන්ධය කුමක්ද?






14 comments:

Anonymous said...

රනිල්, මෛත්‍රී, මහින්ද සහ අනුර - හරි හෝ වැරදි හෝ මොවුන් සැලකිය යුතු ඡන්ද පදනමක් ඇති, නායකයින් යැයි රටේ දැනට පිළිගත් පුද්ගලයින්. මේ ගොඩට දැන් ඡන්ද පදනමක් තබා තමා නියෝජනය කිරීමට පක්ෂයක්වත් ප්‍රතිපත්තියක්වත් හරිහැටි නැති චම්පිකගේ නම දැමීමට හේතුවක් තිබේද?

Malinda Words said...

Yes. it's not about vote-base but issuing challenges. Plus, CR is a decisive factor...it's not about numbers.

Anonymous said...

කථිකත්වයෙන් චන්ද ගොඩ වැඩි කර ගැනීම කියන factor එක ඇරුණම වෙන කරුණු තියෙනවද? එසේනම් මේ ගොඩට දැමිය හැකි තවත් කථිකයෝ නැද්ද?
නායකයින් හතර දෙනෙක් අතර මොහුගේ නම නොගැලපෙන පදය බවයි මගේ මතය. ඔබේ මතය වෙනෙකක් බව පිළිගනිමි.

Malinda Words said...

kathikayo hingaya. but it's not just about kathikathvaya. All of MR's manifestos were essentially written by CR....Maithri's campaign was led by CR. If CR didn't join Ranil, the UNP campaign would be poorer.

Anonymous said...

Being the writer of a manifesto doesn't mean the ideas are his. If it were so his situation would sound even more pathetic than it is now, in that he severely criticized most of the long term economic plans contained in Mahinda Chinthana when he became a Yaha Palana member. ex: Hambanthota Port, Mattala airport etc. to name just a few. Anyone with good writing skills can do what he did for MR manifesto writing. MR does have a new manifesto. UNP had manifestos then and now. This is fact. I don't see how this writing skill amounts to putting him in the same level as these other four people.

Overestimation of a person's worth who's extremely good at deception.

Malinda Words said...

I think he made a blunder joining Ranil/UNP, but was MR even interested in 'Mahinda Chinthana'? No. The fault is not in the manifesto but in its non-implementation. Good writing skills can write a manifesto? Rubbish! Imagine Shakespeare writing an election manifesto.

Anonymous said...

Further, there are many other names from all major parties/fronts whom should have been added in this list, if the qualifier is that they add considerable value to the respective fronts they represent. I don't think I need to give a list of names here, but you know what I mean.

Anonymous said...

Malinda, are you saying that Ranawaka came up with 'naawuka kendraya', 'guwan kendraya' economic concepts and then decided slam Mahinda talking about the same as the most destructive things for the country's economy? The manifestos talk about both Hambanthota and Mattala. Ranawaka is not an economist to begin with.

Anonymous said...

Good writing skills can write a manifesto? Rubbish! Imagine Shakespeare writing an election manifesto.

that's not what i meant. he is an engineer by qualification and a politician by practice. gives enough edge to write a manifesto when the concepts are given. Ranawaka is not an economist to come up with a plan for a country's economy. This is fact.

Malinda Words said...

Yes, there are other names.....mostly minor. these are the big names of the moment. and it's all satire. Suggest other names. I will publish the comments. :)

Yes, Ranawaka is not an economist. Above, i was only taking issue about the assertion that he does not deserve to be mentioned along with MR, MS, RW and AKD (none of whom are economists btw). It is not about whether CR came up with brilliant plans (MR, MS, RW and AKD come up with toilet wash regularly, please note)...but clout (in any form -- not just numbers -- for the record he got more preferential votes than AKD).

Anonymous said...

no, not being an economist is not my argument for not having his name alongside leaders. i said that in connection with the theory 'he wrote MR manifesto' because the concepts are obviously not his. i hope you get what i mean.

preferential votes could be compared ideally with similar situations. JVP contested alone or with SF. Obviously AKD's number is going to be lower than that of a UPFA winner in the top vote ranks. Ranawaka obviously can't contest as a lone party and get AKD's number. That's fact.

I am sure you can come up with names on your own. I don't plan to do that here.

Ranawaka did not do a blunder by joining UNP. That was a smart move considering he was about to be written off from SL's political history. From Dharma Raajyaya to Capitalism/separatism - not bad at all for him !

Malinda Words said...

You are right about preferential votes. And about 'blunder'. That was about MY preferences of course. :) but 'the concepts were not his' is wrong, i believe.

Anonymous said...

You say it was about YOUR preferences (blunder of joining UNP) because you are a man of integrity and principles Malinda.

රණවක වැන්නෙක් ළඟ ඔබගේ මයිල් ගහකවත් වටිනාකමක් නැත. ඔබ හොඳ නිසාම ඔබට බොහෝ අයගේ දුර්ගුණ පෙනෙන්නේ කල්ප ගණනක් ගිය පසුය.

Malinda Words said...

thanks for the compliment....but that's not what i meant. i think JHU/CR could have had a bigger impact in the long run if they contested separately.

durguna danne nathuva namei. api kavuruth sudu nahe. :)