29 July 2015

ප්‍රලාප වෙනුවට සාහිත්‍යය -- ප්‍රතිපත්ති ප්‍රකාශ වෙනුවට සුරංගනා කතා!

"බොරු කතා, මෝඩ කතා, මඩ කතා, මහින්දමයි කතා, මහින්ද එපා කතා පැත්තකට දමා වැදගත්, සාධනීය දෙයක් කරන්න". මේසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව හදන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ මහතා කැකිරි එෆ් එම් නාලිකාවට තව දුරටත් මෙසේ පැවසුවේය: 'මම පොත් ලැයිස්තුවක් සකස් කළා මේ අයට කියවන්න.....ඒක කරුණාකරලා ජනගත කරන්න." සිරිසේන මහතා දුන් පොත් ලැයිස්තුව පහත දැක්වේ: 

ඉබ්බගෙයි හාවගෙයි කතාව.
හාවගෙයි නරියාගෙයි කතාව.
නරියාගෙයි ඉත්තෑවගෙයි කතාව.  
ඉත්තෑවගෙයි කබල්ලෑවගෙයි කතාව.
ඔයාගෙයි මගෙයි කතාව.
ඔයාගෙයි එයාගෙයි කතාව.
මැස්සාගෙයි අලියාගෙයි කතාව.
අලියාගෙයි කටුස්සාගෙයි කතාව.
අලියාගෙයි අපෙයි කතාව.


මැතිවරණ සමයේ බරපතලම පරාජය දයා රාජපක්ෂ මහත්මයාගේ අවෑම බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

"දේශපාලන පක්ෂ යනු බලයට කෑදර, කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරන, වචන ඇති වැඩ නැති, තක්කඩින් එකිනෙකාගෙන් වෙනස් යැයි කීම සඳහා පමණක් සාදා ඇති පෙට්ටි විශේෂයක්" බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ අද දින නායක අත්තනගල්ලේ ඩිංගිරි මැණිකේ මෛත්‍රීසහගතව ප්‍රකාශ කලාය.

සීමාරහිත උම්මත්තකයින් ගේ වෙනත් දේශපාලන පණිවුඩ සඳහා:

"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ


0 comments: