27 August 2015

මෛත්‍රිපාල නිශා බිස්වාල් නෝනට ගැයූ ගීතය සහ තවත් පශ්චාත් මැතිවරණ රස කතා

Graphic: Kavinda Vimarshana
මෛත්‍රිපාල නිශා බිස්වාල් නෝනට ගැයූ ගීතය 
ජාත්‍යාන්තර සෙනෙහස විඳිනට
පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්
එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්




විශ්ව විද්‍යාලයේ කොපි කරලා මාට්ටු වෙලා ශිෂ්‍යභාවය අහෝසි කරන ලද කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්. හා කමක් නැහැ කියමුකෝ. එයාට ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාග්‍රතා ඇමති කම දෙන එක චා ද පට්ට ද?

යහ පාලනය පස්සේ බැරිය....දැනට චුට්ටක් 'පාලනය' කොරන්න බැරිද මං අහන්නේ? ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා, කතානායකයෙක්, එතකොට විපක්ෂ නායකයෙක් හෙම පත් කරගෙන, මියගිය මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් ශෝක ප්‍රකාශ කරලා, පනතක් දෙකක් සම්මත කරගෙන හෙම? නැත්තං ඉතිං අපට හිතන්න වෙන්නේ 'රට කොරනවා' කියන්නේ පාර්ලිමේන්තුවෙන් පිට ලොක්කෝ කේක් ගෙඩිය කපන හැටි ගැන වද වෙන එක, ඇමරිකාවේ නෝනලා ඉඹීම වගේ දේවල් කියල නේ.

මෛත්‍රී ගේ මේ "රැවුලත් (එජාපය) ඕන, කැඳත් (ශ්‍රීලංනිපය) ඕන" සෙල්ලම (පොඩි බබෙක් වගේ) නිසා යහපාලනය කෙසේ වෙතත් පාලන අර්බුදයක් නිර්මාණය වෙලා. 20 ක් ගැන කිසි කතාවක් නැති තත්ත්වයක් තුල 2/3ක් අවශ්‍ය නැහැ. සරල බහුතරයක් හදාගන්න හරිම පහසුයි (අර පැරදුන සෙට් එක එජාපයට සෙට් කරගන්නයි තියෙන්නේ). එජාපයේ මොකක් හරි තනතුරක් හදල (එංගලන්තයේ රැජින වගේ) ඒක මෛත්‍රී ට දුන්න නම් ඉවරයි නේ.


නව දින 100 යේ වැඩසටහන
පාර්ලිමේන්තුව කැඳවීම
කථානායක පත් කිරීම
ඇමති මණ්ඩලය පත් කිරීම
විපක්ෂ නායකයෙක් පත් කිරීම
කලබල වෙන්න දෙයක් නැහැ. ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයෙන් සතියකට වරක් කවුරු හරි එනවානම් මේ සියලු දේ දින 100ක් ඇතුලත සිද්ද වනු ඇත.

ලාවට මතකයක් තියෙනවා මහින්ද ට නාමයෝජනා දුන්න කියල රාවයේ මෙහෙම හෙඩිමක් තිබ්බ කියල: "මෛත්‍රී ජනවරම පාවා දෙයි". මෛත්‍රී සහ ජනවරම ගැන රාවයට මොනවා හෝ යමක් කියන්න තියෙනවද දැන්? දන්න පින්වතෙක් කිව්වානම්?


 පශ්චාත් මැතිවරණ රස කතා 1

0 comments: