21 September 2015

වෙරළේ සුදා වැඩට බසී

විධායක ජනපති බලතල සහ පක්ෂ නායක බලතල තිබිලත් පක්ෂෙ සුද්ද කරනවා වෙනුවට තවත් අපිරිසිදු කරන එක, මෛත්‍රි වෙරළ සුද්ද කරන්න උත්සාහ කරන එක ලොකු දෙයක්. අපි එයාට 'වෙරළේ සුදා' කියමුද?

තනතුරු බෙදාගන්න පොරකාපු අය දැන් ආයතන බෙදාගන්න පොරකනවලු. වේ ටු ගෝ යහපාලනය.

සමහර අය පක්ෂ හදාගන්නේ රටේ නායකයා වෙන්න. මෛත්‍රී රටේ නායකයා වෙලා තියෙන්න පක්ෂේ හදාගන්න වගේ.

දෙමුහුන් ආණ්ඩුවකට දෙමුහුන් උසාවියක්! ඒ විදිහට බලන කොට නම් පොඩි ලොජික් එකක් නැත්තෙත් නැහැ.

සේයා ගේ ඝාතකයා කොකා කෝලා කෝලම ත් ඉවර කෙරුව එහෙනම්.

ලාවට මතකයි '20 වැනි ව්‍යවස්ථා සංශෝධනය' කියල මොකද්දෝ එකක් ගැන කට්ටිය කතා වුනා කියලා.

අනුර කුමාරගේ ලොකුම හිසරදය: ජවිපෙ ඊළඟ මැතිවරණයේ ජාතික ලැයිස්තුවට දාන්නේ කවුද?

චම්පික රණවක ගේ ලොකුම හිසරදය: 'මම මෛත්‍රී ගේ ගෝලයද රනිල් ගේ ගෝලයද?'

දේශපාලනය යනු හොඳ වචන කුණුහරුප බවට පෙරලීමයි: උදා :- ආශ්චර්යය, මෛත්‍රිය, යහපාලනය. අලුත්ම කුනුහරුපය: හයිබ්‍රිඩ්.

දේශපාලනය නිසා කුණුහරුප වීමට නියමිත වචන: සහජීවනය, සංහිඳියාව, ව්‍යවස්ථාව, ප්‍රාඥයා, රාජතාන්ත්‍රික.

කාගේවත් විරෝධයක් නැතත් ගණිකාවෘතියේ යෙදවීමෙන් නිරර්ථක වූ වචනයකි 'සාමය'. ඒ ඉරණම 'යහපාලනය' යන වචනයටද හිමි වීමේ ලකුණු පෙනේ.


0 comments: