2016 වසරේ මාර්තු මස 6 දා නිදහස් චතුරශ්‍රයේ උද්ඝෝෂණයක් පැවැත්විණ. එය උද්ඝෝෂණයක් මෙන්ම එක්තරා ආකාරයක උත්සවයක් ද විය. 'නිදහස' යන්නෙහි අර්ථය විභාග කිරීමකි එය. ආදරය කිරීමට ඇති අයිතිය සහ නිදහස ගැන ප්‍රකාශයකි. විඳීම මෙන්ම පැවැත්ම ගැනද එහි කියැවුණි. එමෙන්ම අපැහැදිලි උපදෙස් අර්ථකථනය කලයුත්තේ කවුද සහ කෙලෙසද, හරි-වැරදි සහ සුදුසු-නුසුදුසු යනාදිය තෝරා ගැනීම ගැනද සඳහන් විය. එම උද්ඝෝෂණ-උත්සවයට සහභාගී වූ මා හට මතක් වූයේ 2009 වසරේ දෙසැම්බර් මස එම 'නිදහස් චතුරශ්‍රයේ' ම 'නිදහස' පිලිබඳ වක්‍රාකාරව ඇති වූ සංවාදයකි.
ආචාර්ය උපාධිය සඳහා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නා ශ්‍රී ලාංකිකයෙක් කී කතාවකි එය. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක නිදහස් චතුරශ්‍රය අසලින් ගමන් ගත් මොහොතක ඒ වනවිට 'ලස්සන කර තිබුන' එම පරිශ්‍රය වඩා හොඳින් දැක බලාගන්නට ද ඡායා රූප කිහිපයක් ගැනීමටද ඔහුට අවශ්‍ය විය. මාර්තු 6 වැනිදා උද්ඝෝෂණයට නිමිති වූ කාරණයට සමාන තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදුවිය. ඔහුගේ 'නිදහස' ට හරහට සිටියේත් ආරක්ෂක නිලධාරියෙකි.
"ඡායාරූප ගැනීමට සෙත්සිරිපායේ නිලධාරියෙකුගෙන් අවසර ගත යුතුයි," ආරක්ෂක නිලධාරියා ඉතා කාරුණිකව, විනය ගරුකව මිත්‍රයාට පැවසුවේ 'ආරක්ෂක හේතුන් මත' මෙවැනි කොන්දේසි ඇති බව පැහැදිලි කරමින් ය. මෙය ඔහුට තේරුම්ගත නොහැකි හේතුවක් නොවීය. එහෙත් නිදහසේ සැබෑ දිග පළල ඔහුට ඊට මොහොතකට පසු පසක් වුයේ යුරෝපීය සංචාරක පිරිසක් එතනට පැමිණ සිත් සේ ඡායාරූප ගන්නා විටය. සෙත්සිරිපායේ කිසිඳු අවසරයක් නොලද සංචාරකයින්ගේ ඒ 'නිදහස' ගැන විමසු කළ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් සහ ඡායාරූප ගැනීමට අවසර දෙන නිලධාරීන් අතර ඒ පිලිබඳ අවබෝධයක් ඇති බවත් ඒ අනුව සංචාරකයින්ට එම 'නීතිය' අදාළ නැති බවත් ආරක්ෂක නිලධාරියා පවසා ඇත.
"එක එක ජාතියේ සංචාරකයෝ ඉන්නවා. විදේශිකයින්. දේශීය සංචාරකයිනුත් ඉන්නවා. අපි නිකමට හිතමු කවුරු හරි අනුරාධපුරයෙන් කොළඹට එනවා කියල. හිතමු නිදහස් චතුරශ්‍රයත් එයාට බලන්න අවශ්‍යයි කියල, මොකද මේක එතිහාසික තැනක් නේ. එයාටත් අවශ්‍ය වෙනවා ෆොටෝ එකක් ගන්න. ගෙදර අයට පෙන්නන්න. ඒත් එයා ලංකාවේ නිසා එයාට අවසර දෙන්නේ නැහැ. එයා සෙත්සිරිපායට යන්න ඕන, ගිහින් ඔය කියන නිලධාරියා, හොයාගෙන අවසර ගන්න ඕන. එයා මේ රටේ පුරවැසියෙක්. එයා මොන වැරැද්දක් කරාටද එයාට පැයක් දෙකක් රස්තියාදු වෙන්න සිද්ද වෙන්නේ? එයත් සංචාරකයෙක්, මෙයාලත් සංචාරකයෝ. අනික ඔයා මම ලංකාවේ කෙනෙක් කියල අනුමාන කෙරුව. මම දකුණු ඉන්දියාවේ කෙනෙක් වෙන්නත් පුලුවන් නේ. මෙතන හමේ පාටත් වැදගත් කියන එක නේද ඔය කියන්නේ?"
මාගේ මිත්‍රයාගේ ප්‍රතිචාරය මෙයයි.
මෙතන කාරණා කිහිපයක් ඇත. පළමුව 'සමානාත්මතාවය' යන මූලික කාරණය උල්ලංඝණය වී ඇත. දෙවෙනුව, පුරවැසියෙකුට වද දෙන්නටත් සංචාරකයෙකුට 'ආචාරශීලී' වීමටත් පොළඹවන යටත්විජිත මානසිකත්වයන් සතු ආරක්ෂක නිලධාරියා මෙන් ම ඔහුට උපදෙස් දෙන, නීති රීති සම්පාදනය කරන නිලධාරී පිරිසය.
අවසානයේ 'නිදහස' ඉහත තත්ත්වය කෞතුකාගාරයේ හෝ සත්වෝද්‍යානයේ හෝ විහාර මහා දේවි උද්‍යානයේ හෝ සංස්කෘතික ත්‍රිකෝණයේ හෝ වෙන ඕනෑම තැනක සිද්ධ වූවත් වරදකි. මෙහි විශේෂත්වය ස්ථානයයි. ජාතික නිදහස සංකේතවත් කරන 'නිදහස් චතුරශ්‍රය' අවට මෙය සිදුවීමයි. ජර්මන්, නොර්වීජියානු, ප්‍රංශ හෝ වෙනත් පුරවැසියෙකුගේ නොව ශ්‍රී ලාංකිකයෙකු ගේ නිදහසට කොන්දේසී, සීමා මෙතැනම පැණවීම අපහාසය තවත් උග්‍ර කරයි. ආරක්ෂාව වැදගත්, ඒ බව මාගේ මිත්‍රයා පිළිගන්නේය, පිළිගත්තේය, ඒත්භෞතික අවකාශයන් මෙන්ම මානසික අවකාශයන් ද ආරක්ෂා කළ යුතු වේ. ඔහු ගේ මතය මෙය විය.
නිදහස් චතුරශ්‍රයේ 'ආදරය දැක්වීම' පිලිබඳ කොන්දේසි හෝ සීමා මේ සුදු-කළු නැතහොත් යටත්විජිත මානසිකත්වයේ දිගුවක් යම් ආකාරයකින් ප්‍රකාශ වන්නේ දැයි මම නොදනිමි. එහෙත් සමහර හෝටල් වල එම තත්ත්වය පවතින බව දන්නෙමි -- ප්‍රේමය කෙසේ වෙතත් 'පිවිසුම' පිළිබඳව. කෙසේ වෙතත් ස්ථානයට සුවිශේෂ වූ 'නිදහස' යන කාරණය සිද්ධි දෙකටම පොදු වේ.
අවස්ථා දෙකෙහි ම ආරක්ෂක නිලධාරියෙක්. අවස්ථා දෙකෙහිම කළ-නොකළ දේ පිලිබඳ කියවීමක්. අවස්ථා දෙකෙහිදීම 'නිදහස' සංකේතවත් කරන ස්ථානයක 'නිදහස' සීමා විය. වෙනස, 2009 දී නිශ්චිත පටිපාටියක් තිබීම සහ 2016 එවැන්නක් නොතිබීම යි. වෙනස 2009 දී 'හේතුව' ආරක්ෂාව සහ 2016 දී සදාචාරය ආරක්ෂා කිරීම වීමයි.
ඉහත උද්ඝෝෂණයෙන් අනතුරුව සිද්ධිය පිළිබඳවත්, සදාචාරය පිළිබඳවත්, උද්ඝෝෂණය සහ එය පිටුපස ඇති දේශපාලනය පිළිබඳවත් උණුසුම් සංවාදයක් ඇති විය. විශේෂයෙන් සමාජ මාධ්‍යය තුල.
මෙවැනි අදහස් රාශියක් සටහන් විය: මේක එන්ජීඕ කාරයින් ගේ වැඩක්. සිංහල-බෞද්ධ සංස්කෘතියට පහරක්. සිල්ලර වැඩක්. හර්ෂා ද සිල්වා සුපර්මෑන් ට අන්දන්න සංවිධානය කරපු දෙයක්. අඛිල විරාජ් කුලියාපිටියේ පදනමට ආමන්ත්‍රණය කෙරුවා වගේ හර්ෂට කොළඹ ඡන්ද පදනම ට ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක්. රටේ ප්‍රශ්ණ අමතක කරන්නම කරපු දෙයක්. නියම වැඩක්. 2500 ක ඉතිහාසය අහවල් තැන ගහගෙන ඉන්න උන්ට උණ ගන්වපු වැඩක්. නිදහසේ වපසරිය පුළුල් කරපු වැඩක්. යහපාලනය අර්ථවත් කරපු දෙයක්. යහපාලනය නිසාම කරන්න පුළුවන් වූ දෙයක්.
බැලු බැල්මට සිල්ලර වැඩක්. ඔව්. රටේ වෙන ප්‍රශ්න නැතිව නොවේ. ඇත්ත. හර්ෂා ද සිල්වා සුපර්මෑන් ට ඇන්දෙව්වා. ඇත්ත. ආරක්ෂක නිලධාරියාට හර්ෂා දැම්ම 'පාට්' ශ්‍රී ලංකා මුහුදු සීමා ව තුල ට පැමිණෙන තමිල්නාඩු වේ ධීවරයින්ට ඔහු දමන්නේ නැත. 'අතලොස්සක්' උද්ඝෝෂකයින් වෙනුවෙන් පෙනී සිටීමට නිදහස් චතුරශ්‍රයට ඔහු පැමිණියේද දහස් ගණන් උද්ඝෝෂකයින් විල්පත්තුවේ ව්‍යසනයට එරෙහි වීම ඔහුට පෙනුනේ නැත. නිදහසට එරෙහි වන 'සික්කාට' පුප්පන හර්ෂා රටේ නිදහස ට එරෙහි වන ඉන්දියාවේ හෝ යුරෝපයේ 'ලොක්කන්' ඉදිරියේ නිවටය. සරසවි සිසුන් හට පහර දුන් පොලීසිය නිදහස් චතුරශ්‍රයේ උද්ඝෝෂකයින්ට පහර දුන්නේ නැත්තේ කාරණය 'සිල්ලර' නිසා විය හැක. එසේත් නැත්නම් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට බරපතල ලෙස එරෙහි නොවන කටයුත්තක් නිසා විය හැක.
කාරණය සිල්ලර ද නැද්ද යන්න මොහොතකට පසෙක තබමු. මා දන්නා තරමින් මෙය 'එන්ජීඕ කාරයින් ගේ වැඩක්' නොවේ. විටින් විට සිංහල බෞද්ධ ජාතික මතයන් වලට එරෙහි වන කිහිප දෙනෙක් මෙයට සහභාගී වුවත්, උද්ඝෝෂණයෙන් පසුව සමාජ මාධ්‍යයේ එම මතයන් හාස්‍යයට ලක්කරන සටහන් දක්නට ලැබුනත්, එවැනි කිසි දෙයක් නිදහස් චතුරශ්‍රයේ සිදු වුයේ නැත. සැබවින්ම 'සදාචාර' කාරණය හමුවේ පහර වැදුනේ වික්ටෝරියානු මතයන්ට ය, නැතහොත් 'සිංහල බෞද්ධ' යැයි සිතාගෙන 'ධර්ම කාරණා' මෙන් පූජත්වයෙන් සලකන වික්ටෝරියානු මතයන් ට ය.
'සිල්ලර' වන්නේ 'නිදහස' යනු යුවලක් අතිනත ගැනීමට ලඝු කළ නොහැකි හෝ ලඝු නොකළ යුතු දෙයක් බැවිනි. 'සදාචාරය' අවුල් සහගත ආකාරයකට අවබෝධ කරගත් ආරක්ෂක නිලධාරියෙක් ට එරෙහි වී පෙම්වතුන් සඳහා නිදහසක් ලබා ගැනීම පහසු වුයේ ඇතැම් අවස්ථාවන්හි සිංහල බෞද්ධ යුනිෆෝම් ඇඳගත් වික්ටෝරියානු සංස්කෘතික පොලීසියට රාජපක්ෂ සමයේ පවතී බලය සහ රාජ්‍ය අනුග්‍රහය නොමැති නිසා විය හැක. එහෙත් නිදහස් චතුරශ්‍රයේ මාගේ මිතුරාට අත්විඳින්න වුන අපහාසයට බැඳි, ජාතික නිදහසට එරෙහි වන, මහා 'සංස්කෘතික පොලීසිය' සහ එය පිටුපස ඇති, එයට ශක්තිය දෙන මතවාදී, ආර්ථික සහ දේශපාලන පදනම ට මෙම උද්ඝෝෂකයින් එරෙහි වන්නේද යන ප්‍රශ්නය අප හමුවේ ඉතිරි වී ඇත. එම සටන කිසිසේත් 'සිල්ලර' වන්නේ නැත. සමාජ මාධ්‍යයේ අඩුවෙන් ම (නිදහස් චතුරශ්‍රයේ ප්‍රශ්නය ට සම්බන්ධව) සාකච්ඡා වී ඇත්තේ ද මෙය වේ.
උද්ඝෝෂණය ට අදාළ වන්නේ නිදහස සීමා කරන නීති තත්ත්වයන් වලට වඩා 'සිරිත්' පිලිබඳ අනවබෝධය කිව හැක. විනය තුල ස්වයං විනය අඩංගුය. නීතිමය කාරණය කෙසේ වෙතත් එතනදී අපව පාලනය කරන්නේ සිරිත් විසිනි. මේවා කළු ගලේ කොටා නැත. ගතිකත්වයක් ඒවාට ඇත. වෙනස්වන 'පොදු පිළිගැනීමක්' එයට හා වී ඇත. මෙහි 'පොදු බව' නිර්වචනය වී නැති හෙයින් විවිධ අර්ථකතනයන්ට විවෘත වේ. එබැවින්ම ඒවා සඳහා කළ හැකි/නොහැකි දේවල් ලැයිස්තුවක් නිර්මාණය කිරීම අපහසුය. නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂක නිලධාරියා ට මේ 'අර්බුදයට' මුහුණ දෙන්න සිද්ද වුයේ එබැවිනි. සරලම උදාහරණයකින් මෙය පැහැදිලි කර හැක. දැන් (උද්ඝෝෂණයෙන් පසුව) දෙදෙනෙකුට අතින් අල්ලා සිටිය හැක. හාදු දීම තහනම් ද? නොඑසේනම් රමණයෙහි යෙදීම තහනම් ද? සීමාව කොතැනද? 'අශෝභන' හෝ 'අසභ්‍ය', පිළිවෙලින් 'ශෝභන' සහ 'සභ්‍ය' යන්නෙන් වෙන් කරන නිර්නායකයන් මොනවාද. වෙන් කරන තැන කුමක්ද? මේවාට අදාලව නීති සම්පාදනය කළ නොහැක. එබැවින්ම එම 'නිදහස' වෙනුවෙන් හඬ නැගු අය ඇත්තා සේම ආරක්ෂක නිලධාරියා ගේ ක්‍රියා කලාපය අනුමත කරන අයද ඇත. කුහකකම් තහනම් කල නොහැකි බැවින් මෙවැනි ප්‍රශ්ණ පහසුවෙන් විසඳෙන්නේ ද නැත. අද, 'සීමාව' එක්තරා දිශාවකට ඈත් කර එය 'ප්‍රගතිශීලී පියවරක්' යන ලේබලය ඇලෙව්වද, හෙට එය වෙනත් අතකට යවා එයද 'ප්‍රගතිශීලී' යැයි යමෙක් නම් කරනු ඇත.
ඒ කෙසේ වෙතත් මා දකින ආකාරයට මෙහි ජයග්‍රහණයක් ඇත, මන්ද වික්ටෝරියානු සීමා ප්‍රායෝගික නොවන බවත්, අශිෂ්ට බවත් මා විශ්වාස කරන බැවිනි. දිනාගත් දේ පොදුවේ ප්‍රේමවන්තයින්ට එකිනෙකා ඇසුරු කිරීමට එකිනෙකාට ලෙන්ගතුකම් ප්‍රකාශ කිරීමට වඩාත් පහසු වන තත්ත්වයක් උදා කර දෙන්නේ නම් එය ගැන මම සතුටු වෙමි.
එනමුත් ඊට වඩා වැදගත් වන 'නිදහස් අරගලයක්' කළ යුතුව ඇත. එනම් මාගේ මිත්‍රයා ගේ නිදහස සීමා කිරීමට සමත් ව ඇති මානසික තත්ත්වයයි. එය වඩාත් බරපතල වන්නේ සීමා පනවන්නා අප හමුවට එන්නේ ආරක්ෂක නිලධාරියෙකු වේශයෙන් ම නොවන නිසා වේ. සීමා පනවන්නන් අතර අප තුල වෙසෙන ආරක්ෂක නිලධාරියෙකුද සිටින බැවිනි. කෙනෙකෙකුට එරෙහි වීම පහසු ය. තමන්ට එරෙහි වීම අතිශයින් ම දුෂ්කරය. එම සටනට මැලි වන්නේ මේ නිසා විය හැක.
වික්ටෝරියානු සංස්කෘතික පොලිසීයක් 'සිංහල බෞද්ධ සංස්කෘතික පොලීසිය' ලෙස නම් කර අත් අල්ලා සිටීමේ නිදහස වෙනුවෙන් සටන් වැද අදාල නිදහස දිනාගත් බැවින් කිසිවෙකුට (අමුවෙන් කිවහොත්) 'අපට නැති සුද්දට ඇති නිදහස හෝ වරප්‍රසාද' හිමි වන්නේ නැත.
නිදහස් චතුරශ්‍රයේ නිදහස 'හතරැස්' නිසා අදාළ සීමාවන් ඉවත් කරන ලදී. ඉතින් දැන් අපි සැබවින්ම නිදහස් ද? නිදහස තව දුරටත් හතරැස් නොවේද? සියළු සංස්කෘතික පොලීසියන් පරදුනේද? පෙම් යුවලක් 'සුද්දන්ට පමණයි' කියා නොකියා කියන තැන් වලට කුමක් හෝ සේවයක් පතමින් පිවිසෙන විට තමන්ගේ සහෝදර පුරවැසියන් සුද්දන්ට මෙන් ම ඔවුනට ද සලකයි ද? නිදහස හතරැස් වුයේ හෝ වන්නේ නිදහස් චතුරශ්‍රයේ දී පමණක් ද?

0 comments:
Post a Comment