"සකල දේශවාසී ගෝතයිනි මතකය අවදි කරව්; තොපිලට නැතිවීමට ඇත්තේ තොපිලගේ දීනකම් පමණයි" -- කාලකන්ණි මාර්ක්ස් (කාල් මාක්ස් ගේ මුනුපුරු)
1988 වර්ෂයේ අග භාගයේ මුළු රටම එක්තරා පොස්ටරයකින් වැහුන. 'මේ කව්ද? මොනවාද කරන්නේ?' යන ප්‍රශ්න දෙකෙන් හදපු පෝස්ටරයක්. පාට තැඹිලි. කිතුහලය ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලනයේ යොදාගත් පළමු අවස්ථා ව මෙයයි. ලංකාවේ. අදහස වික්ටර් හෙට්ටිගොඩ සහ ජී. ඩබ්. සුරේන්ද්‍ර යන අයගේ. ඇලෙව්වේ අරඹවෙලගේ දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි. ඒ කාලේ ඒ විදිහ පෝස්ටරයක් රට පුරා අලවන්න පුළුවන් කමක් තිබුනේ සොත්ති උපාලි වගේ අයට විතරයි.
පසුව, මේ ප්‍රශ්නවල ට උත්තර සැපයූ පෝස්ටරයක් රට පුර ඒ අයම ඇලෙව්ව. උත්තරය පටන්ගත්තේ වචන දෙකකින්: 'මෙයා තමයි...' ඉන් එහාට තිබුනේ රණසිංහ ප්‍රේමදාස ගේ පම්පෝරිය. ප්‍රේමදාස ගේ ජනාධිපති මැතිවරන සටන් ආරම්බ වුනේ එහෙමයි.
කුතුහලය අවුස්සන පෝස්ටර් වටයක් පහුගියදා දකින්න ලැබුන. ඔක්කොම ගෝඨා ගැන. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන.
මුලින්ම ආවේ ගෝඨා ගේ පෝස්ටරය: 'ගෝඨා අපේ' . ජාතකය 'අපි වෙනුවෙන් අපි'. කෙලින්ම යුධ ජයග්‍රහණයත් ත්‍රිවිද හමුදාවේ සියළු දෙනාත් සංඛේතාත්මකව ගෝඨාට යා කරන පෝස්ටරයක්. පොඩි කුතුහල්-කැම්පේන් එකක් අර ප්‍රේමදාස ගේ එක වගේ. පුංචි ඡන්දෙට ගෝඨා ඉදිරිපත් වෙන්නේ නැති බව පැහැදිලියි. එහෙනම් මේ ගෝඨා එන්නේ ජනාධිපතිවරණයට වෙන්න ඕන. ඒ කියන්නේ 2020 දී ගෝඨා ඉල්ලනවා කියන එක නැත්තම් '2020 දී ගෝඨා ඉල්ලුවොත් හොඳයි' කියන එක.
කාට හරි රිදිලා. කවුරු හරි බය වෙලා. එහෙම නැත්තම් ඔය පෝස්ටරය ගැන කලබල වෙන්න ඕනේ නැහැනේ.
කොහොම හරි 'රිට(ර්)න්' එකක් දාන්න ඕන කියල හිතන්න ඇති. ඉතින් 'රිට(ර්)න් පොස්ටරයකුත් ගැහුවා. එකක් නෙවෙයි. දෙකක්ම ගැහුවා.
එකක මෙහෙම තිබුන: 'අපි වෙනුවෙන් මිනීමරුවෙක්.' අනිත් එක ඊට වැඩිය නිර්මාණශීලීයි: 'ගොතා බය අමතකද?' ලේ පැල්ලමකුත් සමග.
දැක්ක ගමන් මට මතක් වුනේ නමින් සිංහල වූ ඒත් සිංහල කතා කරන්න බැරි කොළඹ ඉන්න සමහර උදවිය ගෝඨා ගේ නම උච්චාරණය කරන විදිහ. ඉතිහාසය ගැන වැඩිය නොදන්නා නිසා වෙන්න ඇති. නැත්තම් සිංහල කියවගන්න බැරුව ඇති. වැඩිය ඇහෙන්නේ නැති නමක් ඉංග්‍රීසි පත්තර වල දැක්කම එක එක විදිහට උච්චාරණය කරන්න පෙළඹෙනව. එයාල ගෝඨා ගේ නම මිස්ප්‍රොනවුන්ස් කරනවා මට ඇහිල තියෙනවා. එයාල ගෝඨා ට කියන්නේ 'ගෝටබයා' කියල. 'ගෝට' සහ 'බයා' අතර පොඩි හිස්තැනක් තියෙන විදිහටයි උච්චාරණය කරන්නේ. ඒ කියන්නේ 'ගෝ-ටබයා' නෙවෙයි 'ගෝට-බයා' කියල.
කොහොම වුනත් මේ 'ගොතා බය' කියන පද පෙරළිය නියමයි. බොහෝ දේ කියන්න උත්සහා කරනවා. නොකියූ දේවලුත් කියවෙනවා. ඒ ගැන කතා කරමු.
ඇත්තටම ගෝඨා ට බය වෙන්න ඕනද? සතියකට පෙර 'අඩෝ! මම බය නෑ ඩෝ!' කියල පෝස්ටරයක් ගහපු කෙනෙක් ඉන්න රටක ගෝඨා ට නෙවෙයි මොකෙක් ට වත් බය වෙන්න ඕනේ නෑ නේ (අර 'මම බය නෑ' කියපු හාදය ට ඇරෙන්න). ගෝඨා ගැන බය වෙන්න හේතුවක් නැති නම් ගහන්න තිබ්බේ මේ වගේ එකක් කියලයි මට හිතෙන්න 'ගෝඨා ට එන්න කියාපිය....මම ඕකට බය නෑ ඩෝ!' එහෙමත් නැත්තම් අර බිග් මැච් එකක වගේ මේ විදිහට දාන්න තිබ්බ: 'ගොඨලාට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ!'
මට පේන විදිහට පොස්ටරෙන් නොකියවෙන දේ කියන දේ ට වඩා ප්‍රබලයි: 'ඇත්තම කතා ව මම (අපි) ගෝඨා ට බයයි.' ඒ ගෝඨා ගේ චන්ඩි පාට් නිසා කියල කියන්න පුළුවන්, ඒත් මට නම් හිතෙන්නේ ගෝඨා ගැන බය වෙලා තියෙන්නේ තම තමන්ගේ (ඒ කිව්වේ පෝස්ටර් මාස්ටර් ල ගේ) දේශපාලන අනාගතය ගෝඨා නිසා කේස් වෙයි කියල.
කෙසේ වෙතත් ගෝඨා පිලිබඳ බයක් නෙවෙයි නේ මෙතන තියෙන්න...මෙතන බය මතක් කරන්න කියන්නේ 'ගෝතයෙක්' ගැන. ආයෙත් පෝස්ටරය මතක් කරමු: 'ගොතා බය අමතකද?'
ගෝතයෙක් කියන්නේ සාමාන්‍ය වහරේ වැඩකට නැති කෙනෙක්, කාලකන්ණියෙක්, නිකමෙක්, වාතයක්. එහෙම එකෙක් ට බය වෙන්නේ මොනවටද? එහෙම එකෙක්ට කාව වත් බය කරන්න පුළුවන් ද? ඒ වගේ එකෙක් ට ද මෙච්චර බය වෙලා තියෙන්නේ? එතකොට අපි ඔය කියන ගෝතයා කෙසේ වෙතත් පෝස්ටර් වීරයාගේ වීරත්වය ගැන මොනවාද තීන්දු කල යුත්තේ? ඒකා ඔය ගෝතයාටත් වඩා දුර්වලයෙක් වෙන්න ඕන කියලයි මම නම් නිගමනය කරන්නේ.
ඒ වුනාට ගෝඨා ට බය වෙන්න හේතු නැත්තෙමත් නැහැ. සහෝදරයා ගේ බලය තමන් වෙත ආරෝපණය කරගත්ත කෙනෙක් ගෝඨාභය කියන්නේ. තමන් ගේ බලය හෝ දේශපාලන/ඥාති සම්බන්කධ කම් පාවිච්චි කරමින් විවිධ ප්‍රතිවාදීන් ට තරවටු කරපු ඥාති හිතමිත්‍රාදීන් ගේ තක්කඩිකම් වලට අවසර දුන්න නැත්නම් අතහිත දුන්න එහෙමන් නැත්තම් අඩුම තරමින් සිය නිහඬ අනුමැතිය හරි දුන්න කෙනෙක් ගෝඨා. ඔහු ගෝතයෙක් නෙවෙයි, ඒත් අහිංසකයෙකුත් නෙවෙයි. පහුගිය රජයේ බලගතුම නිලධාරියා ගෝඨා. සිද්ද වූ මැරකම් ජඩකම් ගැන ගෝඨා නොදන්නවා විය නොහැක. ඔහුට බය විය යුතුය. විශේෂයෙන්ම ඔහු ට මේ රටේ විධායක ජනාධිපති වීමට උවමනාවක් තියෙනවා නම්, එම උවමනා ව සාක්ෂාත් කර ගැනීම සඳහා වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා නම් ඒ ගැන යම් තක්සේරුවක් තිබිය යුතුයි (බය වීම කෙසේ වෙතත්).
අපි යමු මුලටම. ඒ කියන්නේ මේ 'ගෝතා බය' මතකද අමතකද කියන එක.
ඒ ගැන මට මෙහෙම දෙයක් හිතෙනවා. අමතක නැහැ, ඒත් එහෙම බයක් තියෙන බව පිළිගන්න සූදානම් නැහැ. කල්පනා කරලා බැලුවම මේ රට පාලනය කරපු සහ කරන බොහෝ දෙනෙක් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල්. ඒ වුනාට ඒ නිකමුන්ට අපි ජනතාවක් හැටියට බයයි. ඒ කියන්නේ අපි ගෝතයින්ට බයයි. ගෝතයෝ එද්දී නැගිට්ටෙනවා. ඉංග්‍රීසි භාෂාවේ පහසුවෙන්ම මතක් වන වචන දෙක මතක් වෙනවා. මැඩම්. සර්. මඩම් කියල කියවෙනවා. සර් කියවෙනවා. සමහරවිට අපි අපටත් හොරෙන් හිතනවා වෙන්න පුළුවන් ඒ විදිහට ආමන්ත්‍රණය කෙරුවම එයාලගේ ගෝත ස්වභාවය අපටම අමතක වෙලා ඒ අමතක වීමත් සමගම අපේ දීනකමුත් මැකිලා යනවා කියල.
ඉතින් අපි සර්ලව මැඩම්ලව බලයට පත් කරලා 'අඩෝ සර්ල ව මැඩම්ලව බලයට පත් කෙරුවේ අපි තමයි ඩෝ!' කියල පොර ටෝක් දෙනවා. අපේ ගෝත කම් එතකොට අපට අමතක වෙනවා. එහෙම නැත්තම් ගෝත සෙට් එකක් බලයට පත් කරලා එයාලට සර් නැත්තම් මැඩම් කියල ආමන්ත්‍රණය කරනව. සර් මැඩම් කියල ආමන්ත්‍රණය කෙරුවම අපි බලයට පත් කරලා තියෙන්නේ ගෝතයින් නෙවෙයි නෝනාවරු මහත්තුරු කියල හිත හදාගන්න පුළුවන්.
එහෙම බලනකොට ගෝතයින්ට බය වෙනවා කියන්නේ අපිටම බය වෙන එක, මොකද අපි තරම් වැඩකට නැති, කාලකන්ණි, වාත පොරවල් මේ ලෝකේ කොහෙවත් ම නැහැ. අපට පුළුවන් නම් අපටම බය වෙන්න, අපට අපේ බය නැති කරගන්නත් පුළුවන් වෙන්න ඕන. ගෝතකමින් මිදෙන්න අවශ්‍ය නම් ඒක තමයි කරන්න ඕන.
වැදගත් ම දේ තමයි ගෝතකම අමතක නොකිරීම. ගොතකම් හඳුනා ගැනීම, ගොතකමින් මිදී ම සඳහා අනිවාර්ය පුර්වකොන්දෙසියක්.
ගෝඨා ට බය අය බයවෙද්දෙන්. 'අපි බය නෑ ඩෝ!' කියල කෑ ගැසුව දෙන්. එහෙම කරල ගෝඨා ව නෙවෙයි මොන ගෝතයෙක් වත් නවත්තන්න බැරි බව එයාලට කවද හරි තේරෙයි. නොතේරුණත් අපට මොකෝ? අපට වෙන කාර්යයක් තියෙනව. අපි ගෝතයින්ට බය බව තේරුම් ගැනීම. ගෝතයින්ට බය බවත් ගෝතයින් අපව බය කරන බවත් අමතක වුන බව මතක් කිරීම. ආයේ අමතක නොකරන්න තීන්දු කිරීම. සතුරා ඉන්නේ ඈත තැනක නොවේ, අප තුලම බව තේරුම් ගැනීම.
ගෝතයින් විසින්, ගෝතයින් සමග, ගෝතයින් සඳහා ආණ්ඩුවක් වෙනුවට පුරවැසියන් විසින් පුරවැසියන් සමග පුරවැසියන් සඳහා වන ආණ්ඩුවක් ගැන එතකොට අපට කතා කරන්න වරම් ලැබෙයි.
කියවන්න:
කොඳු ඇති සහ නැති නායකයෝ
ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?
කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්....
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම

0 comments:
Post a Comment