29 March 2018

ගේම් කාරයින් ගේ හෝරාවයි මේ

පාර්ලිමේන්තුවේ අංක ගණිතය රනිල් ට වාසි විදිහටයි තියෙන්නේ. දෙමල සන්ධානයේ ඡන්ද 16ත් රනිල් ට.  එජාපයෙන් ලොකු පිරිසක් පනියි කියන කතා කතන්දර පමණයි. ෆේක් නිව්ස් බහුල කාලයක් මේක. මැතිවරණ ගැන කරන ඊනියා සමීක්ෂණ වගේ. ඒවා හුදෙක් මැතිවරණ කැම්පේන් වල කොටස් මිස ස්වාධීන, විද්‍යාත්මක අභ්‍යාස නොවේ.

ඉතින් කතන්දර වල සත්‍ය-අසත්‍යභාවය තීන්දු කරන්න වෙන්නේ ඡන්දේ දැම්මට පස්සේ.  සිදුවිය හැකි දේ වගේම සිදු නොවන දේ ගැන ද කියන්න වෙන්නේ එක් එක් දේශපාලන පාර්ශව වල ප්‍රධානීන් ගේ හැසිරීමෙන්. 
 
ජනාධිපති තුමා අගමැති රනිල් වික්‍රමසිංහටවත් මංගල සමරවීර ඇමතිතුමාටවත් නොකියම මහා බැංකුව අගමැතිතුමාගෙන්  මංගල ඇමතිතුමා ට මාරු කෙරුවේ ඇයි?  ඒ එක්කම ආර්ථික  කළමනාකරණ කමිටුව විසිරුවා හැරියේ ඇයි? 

විශ්වාසභංග යෝජනාව ගැන ශ්‍රීලංනිපයේ ස්ථාවරය ගැන ඉඟියක් වෙන්නත් පුළුවන්. නැත්තම් එජාප-විරෝධයක් පෙන්නලා අවසානයේ එජාපය සමග හිටගන්න ජනපතිතුමාගේ සුපුරුදු ක්‍රීඩාවේ කොටසක් වෙන්නත් පුළුවන්.   කොහොම වුනත් විශ්වාසභංගයට පක්ෂ වුනොත් යහපාලන කතාව එතනින් ඉවරවෙනවා. විරුද්ධ වුනොත් පක්ෂයේ ඉතිරි කොටසත් පොහොට්ටුවට හේදිලා යන්න ඉඩ තියෙනවා. 

තිරය පිටිපස්සේ සිද්ද වෙන ගනුදෙනු දන්නේ ගනුදෙනුකරුවන් විතරයි.  අහල තියෙන විදිහෙට සිද්ද වෙනව නම් සිද්ද වෙන්නේ කෝටි ගණන් සල්ලි ඒ පැත්තට මේ පැත්තට හුවමාරු වෙන එක. 

බලය ඒ තරම් මිලයි. බල තන්හාව ඒ තරම්ම ප්‍රබලයි.  මේ ගේම් කාරයින් ගේ හෝරාවයි. බහුතර ජන මතය සහ පාර්ලිමේන්තු සංයුතිය අතර පරතරය නිර්මාණය කරන දේශපාලන අර්බුදයයි. මෙවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොතිබීමේ ගැටලුවයි. 

0 comments: