09 October 2025

ශතවර්ෂයේ ලෝකාපවාදයට සුදුසු පශ්චාත් මරණ යාච්ඤාවක් නැත

 පලස්

ශ්‍රී ලංකාවේ වීදි නාට්‍යයේ පියා ලෙස පුළුල්ව පිළිගැනෙන ගාමිණි හත්තොටුවේගම විසින රචනා කරන්නට ඇතැයි සිතිය හැකි පැරණි ගීතයක් ඇත. එය 1971 කැරැල්ල හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය ගැන කථා කරයි. නමුත් එම ගීතය අසූව දශකයේ අගභාගයේ ඇතිවූ ‘භීෂණයට’ වඩාත් උචිත වූවා විය හැකිය.

ආපසු හැරී බලන විට, කැරලි දෙක එකිනෙකට බෙහෙවින් වෙනස් වූ අතර, ‘කැරලිකරුවන්’ සැබවින්ම සටන් කළේ කා වෙනුවෙන්දැයි පසුබිම බැලීමේදී අප තුළ විමතියක් ඇති කරයි.


"අමු අමුවේ ගොඩ ගැහුවා,

වල නොදමා පිලිස්සුවා,

ඇසිපිය නොහෙළා ඔබ දුටුවා, මම දුටුවා...

දැන දැන අප අතරින් නොපෙනී ගියා."

මා ගේබ්‍රියෙල් ජෝසේ ගාර්සියා මාර්කේස්ගෙන් යම් සැනසීමක් සොයමින් සිටියදී මේ ගීතය සිහියට නැගුණි. බලාපොරොත්තු සුන් වූ මොහොතක බොහෝ විට මම මගේ ප්‍රියතම ලේඛකයන් වෙත යොමු වෙමි. සමහර විට මාර්කේස් වෙත, සමහර විට ම සොයන්නේ පැබ්ලෝ නෙරූඩාය. තවත් විටෙක ෆයිස් අහමඩ් ෆයිස් හෝ නාසිම් හික්මෙට්ය. සමහර විට අහඹු පොතක අහඹු පිටුවක් විසඳිය නොහැකි දේට පිළිතුරක් සපයයි, නමුත් මම පිළිතුරක් සොයමින් සිටියේද නැත.

ඇමරිකානු තානාපති මයික් හකබී, ‘පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා මුස්ලිම් රටවල් (ඔහුගේ වචන) තම ඉඩම්වලින් කොටසක් ලබා දිය යුතු’ බවට යෝජනා කර ඇති බවට බීබීසී වාර්තාවක් මම කියෙව්වෙමි. ඔහු තවදුරටත් කියා සිටියේ, ‘සමහර විට, පලස්තීන රාජ්‍යයක් සඳහා එවැනි ආශාවක් තිබේ නම්, එයට සත්කාරකත්වය සැපයීමට කැමති කෙනෙකු සිටිනු ඇත’ යනුවෙනි.

එය මළගිය ඇත්තන් වෙනුවෙන් කරන පශ්චාත් මරණ යාච්ඤාවක් මෙන් විය. ඔහුගේ අදහසට අනුව, පලස්තීන රාජ්‍යයක් නැත (තාක්ෂණිකව එය සත්‍යයකි) සහ පලස්තීනුවන්ට රාජ්‍යයක් අවශ්‍ය අය, බලහත්කාරයෙන් තම නිවෙස්වලින් සහ මව්බිමෙන් පිටමං කරන ලද අයට ඉඩකඩම් පිරිනැමීමෙන් මහා ජනපලායනයකට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුය. එදා සියෝන්වාදයට සහය දුන් අයට, උදාහරණයක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ කොහේ හෝ තැනක යුදෙව් ජනාවාසයක් කැටයම් කිරීමට මෙවැනි තර්කයක් භාවිතා කරන්නට තිබුණි.


image cb3f128e1f
දේවල් සිදුවන්නේ එසේ නොවේ. දේශපාලනය සිතියම් ශිල්පියාට දැනුම් දෙයි. රටවල් බිහිවේ, ඒවා ක්ෂය වී යයි, මිය යයි. දේශසීමා සෑදී, මකා දමා, නැවත අඳිනු ලැබේ. එය ලෝක ඉතිහාසයයි.

කොහොම වුවත්, හකබීගේ කතාව හේතුවෙන් මාර්කේස්ගේ 'ශතවර්ෂයේ අපකීර්තිය සහ වෙනත් ලේඛන' නමැති රචනා එකතුව මට සිහි විය.  අඩුම තරමින් මට නම්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඇගේ මිත්‍ර රටවලත්, ඕස්ට්‍රේලියාව ඇතුළු එම අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශවලත්, ඍජු හෝ වක්‍ර සහයෝගය ඇතිව ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් සමූලඝාතනය කිරීම මෙම ශතවර්ෂයේ විශාලතම අපකීර්තිය වේ. ඇත්තෙන්ම 'අපකීර්තිය' යන වචනය සැහැල්ලුය. සිදුව ඇති ව්‍යසනයේ දිග, පළල සහ ගැඹුර කැටි කරන වචනයක් නොමැති තරම්ය. ලෝකය, නැතහොත් ලෝකයේ ආධිපත්‍ය දරන මාධ්‍ය ආයතන, මිනිසුන් දහස් ගණනින් පණපිටින් වළලා දමද්දීත් එය දැක, අහක බලා සිටිනු පෙනේ.

වළලනු ලැබූවන් අතර ළදරුවන්, ගර්භනී කාන්තාවන්, රෝගීන්, වැඩිහිටියන් සහ මිය යන අය වෙති. ඔවුන් අතර, පෙර නොවූ විරූ මානුෂීය අර්බුදයකට ප්‍රතිචාර දැක්වීම එකම අරමුණ වූ එක්සත් ජාතීන්ගේ සේවකයින් සහ වෛද්‍යවරුන් වෙති.

ඔවුන් අමු අමුවේ ම ඝාතනය කරන ලදී. මෙම සමූලඝාතනය සාධාරණය කරන්නේ ‘ඊශ්‍රායලයට තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත’ ලෙසයි.

පැවැත්ම ආරක්ෂා කිරීම මූලික නීතිය නම්, දශක ගණනාවක් පුරා සියෝන්වාදී ආක්‍රමණයට එරෙහිව එල්ල වූ සෑම තනි ප්‍රතිචාරයක්ම, එම ප්‍රතිචාරය ත්‍රස්තවාදය ඇතුළු ඕනෑම ආකාරයක් ගත්තද, එය සාධාරණීකරණය වේ.

එහෙත් එය වැරදිය, නේද? එසේත් නැතිනම් එය නිවැරදිද? සියෝන්වාදීන්ගේ සහ එම සමූලඝාතකයින් වෙනුවෙන් කතා කරන අය සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වලංගු කරයි, මන්ද සියලු ප්‍රචණ්ඩකාරී අයට පැවසිය යුත්තේ 'අපි අපගේ පැවැත්මේ අයිතිය ආරක්ෂා කරමු' යන්න පමණි. ආත්මීයත්වය පුපුරා යයි, මිත්‍රවරුනි. තවද මිනිසුන් දහස් ගණනින් මිය යති. සමාවන්න, ඔවුන් මිය යන්නේ නැත, ඔවුන් ඝාතනය කර ඇත. ඝාතනය කරමින් සිටින්නේය. ඊශ්‍රායලය විසින් ආක්‍රමණය කර ඇති ගාසා නම් වූ අපායේ  සිදුවන දේට ආසන්න වන සමූලඝාතනයක් මෙම ශතවර්ෂයේ තවත් කොතැනකවත් නැත.

මාර්කේස්, 2003 දී දොන් මිගෙල් ද සර්වාන්ටෙස් සාවේඩ්‍රා විසින් කොලොම්බියාවේ මෙඩෙයින්හිදී කරන ලද ‘ආදරණීය වුවත් දුරස්ථ මව්බිම’ නම් කථාවේ පහත කොටස  උපුටා දක්වයි:

‘අපට අත්විඳින්න සිදුව ඇති මේ සියලු කුණාටු අපට කියා පාන්නේ ඉක්මනින් කාලගුණය යහපත් වන අතර අපට වඩා හොඳ හෙට දිනක් හිමි වනු ඇති බවයි,  මන්ද නරක හෝ හොඳ සදහටම පවතින්නට නොහැකි අතර, නරක මෙතරම් කාලයක් පැවති බැවින්, යහපත අත ළඟ බව එයින් තහවුරු වේ.’

සර්වාන්ටෙස් කතා කළේ කොලොම්බියාව ගැන නොවේ, නමුත් මාර්කේස් පවසන්නේ එය ඔහුගේ රටට අදාළ වන බවයි.

 ඔහු මෙසේ පැහැදිලි කරයි:

‘ගිය වසරේ (එනම් 2002 දී) කොලොම්බියානුවන් 400,000 කට ආසන්න පිරිසකට ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම නිවෙස් සහ ඉඩම්වලින් පලා යාමට සිදුවිය, මීට පෙර අඩ සියවසක කාලය තුළ එම හේතුව නිසාම තවත් මිලියන 3 ක පමණ පිරිසක් එසේ කර තිබුණි.’

සර්වාන්ටෙස් (සහ මාර්කේස්) කතා කරන්නට ඇත්තේ පලස්තීනය ගැන නොවේද?

 එහෙත් මාර්කේස්  මෙසේ විශ්වාස කරන්නේය: ‘ව්‍යසනය මධ්‍යයේ සොයා ගැනීමට අපට තවත් ගැඹුරු රටක් තවමත් තිබේ: අපේ ඓතිහාසික මෝඩකම් සමඟ අප විසින්ම නිර්මාණය කර ගත් අච්චුවලට තවදුරටත් නොගැලපෙන රහස් කොලොම්බියාවක් ඇත.'

‘රහස් පලස්තීනයක්’ ද එසේම ක්‍රියා කරයි. නමුත් මාර්කේස් පරිත්‍යාගශීලී මෙන්ම  නිහතමානී වේ. ඔහු කතා කරන ‘නිර්මාණය’ සාමූහික තීරණ ගැනීමේ ප්‍රතිඵලයක් නොවීය. ඊශ්‍රායලය පලස්තීනය ආක්‍රමණය කර එය මිහිපිට අපායක් බවට පත් කළ ක්‍රියාමාර්ග පිළිබඳව ඒකමතික ඡන්දයක් තිබුණේ නැත. එහි හිතාමතා ගත් තීරණ තිබුණි. ජන සංහාරය අරමුණක් විය. එය තවමත් එසේමය. හකබී එය දන්නවා ඇති, මන්ද එය ඔහුගේ රටේ ඉතිහාසය ද වන බැවිනි.

කෙසේ වෙතත්, අපට නැවත සිතාගත හැකි සහ ජනාවාස කළ හැකි දේශයන් ඇත. වඩාත් මෘදු දේශයන්. ගාමිණි හත්තොටුවේගම මේ බව දැන සිටියේය. ඒ නිසාම එම ගීතයේ මේ පේළිද ඇත:

‘උන්ගේ ලෙයින්, දැඩි මව්-පිය ගුණයෙන්, ගමේ ගොඩින් සිදාදියෙන්, කඩාගෙන එන හැම පැත්තෙන්, රැංචු ගැසී එනවා, සටන් වැදී එනවා.’

අපටද එසේ නම් මෙම ශතවර්ෂයේ ම්ලේච්ඡම ඝාතනය පිලිබඳ කවියක් ලිවිය හැකිය.

එය ලිවිය යුත්තේ පසුවයි. W H ඕඩන් කවිය පෙර ඊයේ සහ හෙට ගැන ලියා අද ගැනද  

'.අදට නියමිත වන්නේ අරගලය වේ!' එනම් හෙට දිනයේ නිර්මාණය වන පලස්තීනය නම් වූ රටක් වෙනුවෙන් කරන සටන. අද දවසේ කාර්යය එයම වේ. 


0 comments: