22 July 2015

උම්මත්තකයින්ගෙන් ඡන්දදායකයින් වෙත පණිවුඩයක්

2015. 07.20 සහ 2015.07.21  දිනයන් හි දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ. 

කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ට එකතු වන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී පක්ෂය කුමක් වූවත් මනාපය 'මාර්තු 12 ප්‍රකාශය' ට අවනත වන අපේක්ෂකයන් වෙනුවෙන් පාවිච්චි කරන්නැයි එම පක්ෂයේ අද දින නායක කොලොන්නාවේ සිලිබිරිස් තුමා ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.  ඔවුන්ගේ දැනගැනීම සඳහා එම ප්‍රකාශයේ 'නිර්නායකයන්' පහත සඳහන් වේ:

1. අපරාධකරුවකු නොවිය යුතුය 

2. අල්ලස හා දූෂනයෙන් තොර විය යුතුය

3. සමාජ විරෝධී ව්‍යාපාරයන්ගෙන් තොර විය යුතුය

4. පරිසර හිතකාමී විය යුතුය

5. බලය අවභාවිතා නොකරන අයෙක් විය යුතුය

6. අයුතු මූල්‍ය ගිවිසුම් වලින් තොර අයෙක් විය යුතුය

7. ඡන්දදායකයන්ට සමීප අයෙක් විය යුතුය

8. ප්‍රමාණවත් කාන්තා හා තරුණ නියෝජනයක් සැලසිය යුතුය


* ඉහත '8' වන කොන්දේසිය 5 හේ ශිෂ්‍යත්වයේ 'නොගැලපෙන පදය' වන්නක් වුවත් 1-7 කොන්දේසි සම්පුර්ණ කරන අය වේ නම් ඒ අතර සිටින තරුණයින් සහ කාන්තාවන් පිලිබඳ ව අමතරව සිතන්න.


'තමුසෙගෙ වැඩක් බලාගන්නවා', 'තමුසේ මරුනනම් මරුන විදිහිට හිටපන්', වගේ දේවල් ඍජුව හෝ වක්‍රව ඔය කවුරු කවුරුත් කිව්වා නේ. මැරිච්ච අය නොමරුනු විදිහට යි දැන් දැන් කතා කරන්නේ. මහින්ද වළලමු කියන අය රනිල් වළලමු කියල කිව්වෙත් නැහැ (ඒ 'රනිල් මැරුණා' කියල කිව්වේ නැති නිසා වෙන්න ඇති). එත් මේ එකම දේශපාලනයේ පාර්ශව දෙකක්. එකක් වලලන්න කතා කරන අතර අනික ට උඩ ගෙඩි දීම ලාබ දේශපාලනය බව සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ අද දින නායක මුතුවරුසාවට තෙමුණු මුතුමැණිකා මැතිනිය කැකිරි එෆ් එම් නාලිකාවට ප්‍රකාශ කලාය.  ශ්‍රීලංනිපයේ සහ එජාපයේ ආධාරකරුවන්ට ඇත්තේ බලය පිලිබඳ අරමුණක් බවත් ප්‍රතිපත්තිමය සහ න්‍යායාත්මක කාරනා ඔවුනට අදාළ නොමැති බවත් ඇය අවධාරණය කලාය. (ජුලි 20)


මහින්ද ගේ 'අනුරාධපුර කතාව' පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ අද දින නායක කොලොන්නාවේ සිලිබිරිස් තුමා පහත අදහස් කැකිරි එෆ් එම් නාලිකාවට ප්‍රකාශ කළේය:

අනුරාධපුරයට ගොස් මහින්ද රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කර ඇත: 'මට පෙර සිටි සියලුම විධායක ජනාධිපතිවරුන් ප්‍රභාකරන් හමුවේ දන ගැහුවා.'   

මහින්ද ගේ ප්‍රකාශයෙන් ගත යුතු දේ: 

1. මහින්ද ප්‍රභාකරන් හමුවේ දැනගසුවේ නැති බවත් තමන් ආදරය කරන නායකයින් (උදා: චන්ද්‍රිකා, රනිල්) දනගැසූ බවත් කියන්නට දිව නොනැමෙන අය කුහකයින් වේ. ඒ දීන කම නිසාමයි එවන් නායකයින් රජීව් ගාන්ධි ලාට ඔබාමාලාට කැමරන් ලාට පින්සෙන්ඩු වෙන්නේ.  එවන් නායකයින් ට රටක් පාලනය කිරීමට අවශ්‍ය ආත්ම ශක්තියක් තිබිය නොහැකියි.  වෙන අයගේ බ්ලුප්‍රින්ට් ක්‍රියාත්මක කිරීම හැරුන විට කල හැකි දෙයක් නැත.  

2. රාජකාරිය  සඳහා වේතනයක් ඇත.  පොරොන්දු දෙන්නේ මනාප ලබා ගැනීමටය.  මනාප ලැබුවිට පොරොන්දු ඉටු කල යුතුය.  පොරොන්දු ඉටු කල විට ගනුදෙනුව  අවසාන වේ.  යුද්දේ අවසන් කිරීම මහින්ද සතු වගකීමක් විය.  එතන තිබුනේ 'ප්‍රී පේඩ්' ගිවිසුමක්.  ඒ කෙසේ වෙතත් 2010 දී මහින්ද ට 'බාර ගත්ත වැඩේ කලාට' බෝනස් එකක් ද ලැබිණ.  එතනද ගිවිසුමකි.  පළමු ගිවිසුම සාර්ථක වීම දෙවෙනි එක තමන්ට අවශ්‍ය විදිහට අර්ථකතනය කිරීමට වරමක් නොවේ.  එසේ කල බැවින් මහින්ද ට 2015 ජනවාරි 8 දා වන්දියක් ගෙවීමට සිදුවිය.  

ඉහත කරුණු අවධාරණය කරන්නේ කකිරිලන්තයට උම්මත්තකයින් ගේ පාලනයක දැඩි අවශ්‍යතාවය බවද සිලිබිරිස් තුමා සඳහන් කළේය.  (ජුලි 21)

චමීර ජීවන්ත දෙද්දුවගේ ගේ ඉතා වටිනා අදහස් දැක්වීමකට ඌනපූරණය ක් සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක කොලොන්නාවේ සිලිබිරිස් තුමා පහත සඳහන් අයුරින් සපයා ඇත:

චමීර ජීවන්ත දෙද්දුවගේ මෙසේ පවසා ඇත:

"ඩයස්පෝරා කියන්නෙ කොටි.. කමියුනිටි කියන්නෙ කොටි.. එන්.ජී.ඕ. කියන්නෙ කොටි.. ජී.ඕ. කියන්නෙ කොටි.. සී.අයි.ඒ. කියන්නෙ කොටි.. එෆ්.බී.අයි. කියන්නෙත් කොටි.. රෝ කියන්නෙ කොටි.. යූ.එන්.පී. කියන්නෙ කොටි.. ජේ.වී.පී. කියන්නෙ කොටි.. ජේ.එච්.යූ. කියන්නෙ කොටි.. එතකොට ඒ.බී.සී. කියන්නෙ කොටි.. එෆ්.යූ.සී.කේ. කියන්නෙ කොටි.. ඩබ්ලිව්.ටී.එෆ්. කියන්නෙත් කොටි.. කොටින්ම අප්පච්චි ඇර අනික් ඔක්කොම කොටි.. අප්පච්චි තමයි සිංහයා..
මං නෙමේ කියන්නෙ.. අර 2,500න් මාසයක් කන්න පුළුවන් කියපු, මෑතකදි අපෙ ලොමුදැහැගැන්වෙන සිංහල පාඩමක් කරපු ගොබ්බ බන්දුවා කියන්නෙ.. දීපල්ලකො ඉතිං මුන්ට ඡන්දෙත් තව."

සිලිබිරිස් තුමා මේ පිළිබඳව පහත සටහන කැකිරි එෆ් එම් නාලිකාවට ඊමේල් පණිවුඩයකින් ඒවා ඇත:

හී ඉස්  ඇබ්සලියුට්ලී කරෙක්ට්. බට් දෙන් අගේන්, ඒ වගේ කතා එජාපයෙනුත් ජවිපෙනුත් ඇහෙනවා: "මහින්ද දූෂිතයෙක්, මහින්ද මැරයෙක්, මහින්ද කුඩු මුදලාලිලා ආරක්ෂා කරන්නෙක්, මහින්ද සමූලඝාතකයෙක්, මහින්ද පවුල විතරක් පෝෂණය කරන්නෙක්, මහින්ද අරකෙක්  මේකෙක්....එත් අපි?  අපි නම් සීලවන්තයෝ!' ඉතින් මට කියන්න තියෙන්නේ ත් .. දීපල්ලකො ඉතිං මුන්ට ඡන්දෙත් තව."

සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ වෙනත් මාධ්‍ය ප්‍රකාශ සඳහා පහත ලින්කුව වෙත යන්න:





http://malindawords.blogspot.com/2015/07/blog-post_20.html

0 comments: