23 February 2016

යහපාලනය අවසන්, බලුපාලනය ආරම්භ වේ

කවුරු කවුරුත් කට පරෙස්සම් කරගත්තොත් හොඳයි 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙරණ නිවෙදකට සහ දෙරණ අයිතිකාරයින් ට බැන වැදීමද ඔවුනට තර්ජනය කිරීමද තමා තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකා වේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමින සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින මාධ්‍ය ප්‍රකාශක සුදත් බලගල්ල පවසා ඇත. 

"සංඛ කිව්වේ කිෂානි ගේ කටහඬ (ඔහුට) බැලලියකගේ හඬ වගේ කියා ය. ගඩොල් බාගයකින් කිශානිට ගහන්න කියල සංඛ කිව්වේ නැහැ. බටහිර උඩ දාගෙන ඉන්න අය නොදන්නවා විය හැක, එත් බටහිර කලා විචාරයේ මෙවන් කියුම් එමටයි. කමක් නැහැ. වැරදියි කියමුකෝ. බලු බළල් කතා තහනම් නම්, රනිල් ගේ මේ 'ශිෂ්ට' ප්‍රකාශය අනුමත කරන අය කරුණා කර බයිබලය සහ කොරානය කියවන්න. ඉන් පසුව රනිල් ට කියන්න ඉස්ලාම් ආගමත් ක්‍රිස්තියානි ආගමත් තහනම් කරන්න කියල.


"සංඛ වැරදි නම් රනිල් ඊට වඩා වැරදියි.  ඉතින් රනිල් බණ දෙසන්නේ නැතුව තමන්ටම මුඛවාඩම් දාගත්තොත් හොඳයි.  කොහොම වුනත් එකක් පැහැදිලියි.  රනිල් ට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ බල්ලන් පාලනය කිරීම.  ඒ කියන්නේ යහපාලනයට ටටා කියල බලුපාලනයට වෙල්කම් කියනවා වගේ දෙයක්.

"බයි ද වේ....මට නම් කිශානි ගේ වර්ෂන් එක ලස්සනයි. තවත් වර්ෂන් එකක් විදිහටයි මම දකින්නේ. භක්තියෙන් පිරුණු. අවුලක් නැත. හැබැයි මචං ලා......(ඒ කියන්නේ රනිල් ව අනුමත කරන මචං ලා)...පරිස්සමින් මින් ඉදිරියට. වචනයක් එහා මෙහා වුනොත් 'සංඛ-න්‍යාය' මතක් කරන්න වෙයි. රනිල් තරහත් වෙයි."  

රනිල් ගෙන් 'දේශද්‍රෝහියා' සඳහා නව නිර්වචනයක් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන පරිදි ඉන්දියාව සමග ඇති කරගන්න යන වෙළඳ ගිවිසුමට එරෙහි වන්නෝ දේශද්‍රෝහියෝ වෙති. ඒ ඉන් රස්සා මිලියනයක් උත්පාදනය වීමට නියමිත බැවිනි. ගිවිසුමේ අනෙක් පැත්ත ගැන සඳහනක් නැත. ඒ අනුව 1987 දී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට ද 2002 දී ප්‍රභාකරන් සමග අත්සන් කල සටන් විරාම ගිවිසුමට ද එරෙහි වුවෝ දේශද්‍රෝහියෝ වෙති.

අලි මවිල් තිබුනේ කාගේ අත්වලද?
අලි නගුටක මවිල් ගස් කිහිපයක් තබාගෙන සිටි කෙනෙකු අත්අඩංගුවට ගත බව වාර්තා වී ඇත. ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 50ක් ද තිබුනේ යැයි ද වාර්තා වේ. වයසක් සඳහන් කර ඇතත් වාර්තාවේ සඳහන් වන පුද්ගලයා ගේ සැබෑ අනන්‍යතාවය පිලිබඳ ගැටළු ඇත. චම්පික රණවකද? අනුර කුමාර දිසානායක ද? සරත් ෆොන්සේකා ද? මෛත්‍රිපාල ද?

විල්පත්තුවට අලුත් තර්ජනයක්
බලුපාලන ආණ්ඩුව විසින් අවතැන් කරන ලද තොටළඟ 'අනවසර පදිංචිකරුවන්' සිත්සේ පදිංචි වීමට කිසිම තහනමක් නොමැති විල්පත්තුවට ගොස්, කැලෑව එලි කොට, ගෙවල් සාදා පදිංචි වීමට තීරණය කර ඇත. රටේ සියලු නීති උල්ලංගනය කරමින් හෝ ගෞරවාන්විත විදිහට ජීවත් වීමට හැකි පාරාදීසියක් වන විල්පත්තුවට මෙසේ පැමිණෙන සියලු දෙනා සාදරයෙන් පිළිගැනීමට රිෂාඩ් බතිඋද්දීන් සියලු කටයුතු සුදානම් කර ඇත.

ලිප්ටන් වට රවුම සුනඛයින් ට 
ශ්‍රී ලංකා වාසී සියළු සුනඛයින් ලිප්ටන් වට රවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් හේතු කොටගෙන ඒ අවට අධික වාහන තදබදයක් දක්නට ඇත.  මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ 'බල්ලන්ට බලු වැඩ කරන්න දෙන්නේ නැහැ' යැයි ප්‍රකාශ කිරීම බව වාර්තා වේ. 'බලු අපට බල්ලෝ ලෙස ගෞරවනීය ජීවත් වීමට අයිතියක් ඇත,' 'බලු අපට අපහාස කල රනිල් වහා ඉල්ලා අස් විය යුතුයි," "බල්ලන්ට බල්ලන් වීම මිස මිනිස්සු වෙන්න ද කියන්නේ?" "යහපාලනය නම් යහපාලනය කරපියව්...බලුපාලනයට එන්න එපා!" "බලුපාලනය එපා!" යනාදී සටන් පාඨ උද්ඝෝෂණයට සහභාගී වූ සුනඛයින්ගේ නැටි වල අමුණා තිබිණ.

කොළඹ තානාපති කාර්‍යාල සුනඛ ආක්‍රමණයකට සූදානම් වේ
'බල්ලන්ට බලු වැඩ කරන්න දෙන්නේ නැහැ' කියා සමස්ථ බලු සමාජයට රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීමෙන් භීතියට පත් අහිංසක සහ අසරණ සුනඛයින් ට තව දුරටත් ශ්‍රී ලංකාව තුල ජීවත්වන්නට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් යන එන මං නොමැති සුනඛයින් රංචු පිටින් තානාපති කාර්යාල වලින් දේශපාලන රැකවරණය සොයනු ඇතැයි සිතා එම කාර්යාල වල ආරක්ෂාව තර කර ඇත. ඇතැම් තානාපති කාර්යාල වල 'සුනඛයින්ට තහනම්' බෝඩ් එල්ලා ද ඇත.

මින් උරණ වූ එක් සුනඛයයෙක්  මෙසේ පවසන ලදී:  'ගේට්ටු වහන්න මහත්තයෝ, එත් මතක තියාගන්න ඔයාලට ගෙදර යන්න වෙන්නේ නැහැ.  ඔයාල ඔයාලවම සිරගත කරලයි තියෙන්නේ.  මෙතන අපේ රැහේ 10,000 කට අධික පිරිසක් ඉන්නවා.   වැසිකිලි  සොයන ජාතියක් නෙවෙයි අපි.  හුස්ම ගන්න නෙමෙයි ඔයාලට...ඔන්න නොකීව කියන්න එපා!'


0 comments: