17 October 2019

ටොයියෙක්ද බයියෙක්ද? රියල්ද ෆේක්ද?

ටොයි සමාජයේ ගැවසුනාට සාමාජිකත්වය ලැබෙන්නේ නැත්තම්
ටොයියෙක් නෙවෙයි ෆේක් ටොයියෙක් 


බයියෝ සහ ටෝයියෝමට හිතෙන විදිහට මේ රටේ පුළුල් වශයෙන් ඉන්නේ බයියෝ සහ ටොයියෝ  නෙවෙයි නම් දෙක දේශපාලන භාවිතයට ආවේ 2015 මැතිවරණ සමයේ වුනත් ඒවාට අදාළ සංකල්ප සහ පිරිස් වලට දිග ඉතියාසයක් තියෙනවා කියන්නේ මහින්දවාදීන් සහ මහින්ද විරෝධීන්ම නෙවෙයිබයි-ටොයි කතාව ඊට වඩා සංකීර්ණයි


'සමහරු හිතාගෙන ඉන්නේ නිදහස කියන්නේ මේ රටේ මිනිස්සු දිනාගත්ත දෙයක් නෙවෙයි අයගේ උත්සාහයෙන් පමණක් රටට ලබාගත්ත දෙයක් කියලා නිසාම නිදහස කියන්නේ එයාලගේ පුද්ගලික දේපලක් කියල එයාලා හිතනවානිදහසේ සියලු වරප්‍රසාද භුක්ති විඳින්න ඕන ප්‍රධාන වශයෙන් එයාලමයි කියලත් හිතනවා. 'ඇස්.ඩබ්.ආර්.ඩීබණ්ඩාරනායක මෙහෙම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු දවසේ.  බයියෝ ටොයියෝ ගැන කතාකරන්න මේ කතාව හොඳ ප්‍රවේශයක් සපයනවා

ඉන්නේ ටොයියෝ සහ බයියෝ විතරක් නෙවෙයිෆේක් ටොයියොත් ඉන්නවාෆේක් බයියොත් ඉන්නවා.  අමතර කණ්ඩායම් නැතුව නෙවෙයිඒත් මේක බයි-ටොයි සාකච්ඡාවකට සීමා කරමු

ටොයියෝපොදුවේ එජාපයේ නැත්තම් එජාප ප්‍රමුඛ සන්ධාන වල ඉන්න අය (මෛත්‍රිපාල ඇතුළුවහඳුන්වන්න පාවිච්චි කරන නමක්ඒත් ටොයියෝ කියන්නේ බණ්ඩාරනායක විස්තර කරපු සැට් එකඑයාලගෙන් පැවතෙන් අයරට පාලනය කිරීම සහ වරප්‍රසාද භුක්ති විඳීම ජන්ම අයිතියක් කියල හිතන අයමූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන සහ එම භාෂාව ඉගෙන ගැනීමේ වරප්‍රශාදය දිනාගන්න ගැතිකම් කලආගම දහම පවා වෙනස් කරපු කණ්ඩායමක්බණ්ඩා එක්ක එයාල මේ තරම් තරහ  'ජන්ම අයිතියඋදුරාගත්තේ බණ්ඩා කියල විශ්වාස කරන නිසාරාජ්‍ය භාෂාව සිංහල කිරීම මේ රටේ සියලු ප්‍රශ්ණ වලට මුලයි කියල එයාල කියන්නේ  නිසාසිංහල කතා කරපු අය සමූලඝාතනය කරන්න උත්සාහ කරපු එක ගැන එයාලා කතා කරන්නේ නැහැඑයාලට අනුව එහෙමෙ සිංහල බෞද්ධයින් මැරුවේ නැහැපන්සල් විනාශ කෙරුවේ නැහැපොත පත ගිනි තිබ්බේ නැහැනැහැ වගේ තමයි කටයුතු කරන්නේනැහැ වගේ තමයි දේශපාලන ටෝක් ඉෂු කරන්නේ. 'ඉංග්‍රීසි පමණක්කියල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුන බව එයාල කියන්නේ නැහැ

කොහොම වුනත්නිදහසෙන් පසුවත්රටේ 'සුපිරිපන්තිය වුනේ මෙයාලප්‍රජාතන්ත්‍රවාදය කියන 'කුණුහරුපයහේතුවෙන් බහුතර බලයක් හදාගන්න අමාරු වුනත්ඉත්තෙක් ගැත්තෙක් ඉදිරිපත් කරමින් රට පාලනය කරන්න හදන පිරිසක් මෙයාලආර්ථික වශයෙන්  සමාජීය වශයෙන්  'සුපිරිවුනාට එයාල සුළුතරයක්තමන් ටොයියෝ කියල හඳුන්වාගන්න අය මේ පන්තියට අයිති නැහැපන්තියේ සාමාජිකත්වය නෑලැබෙන්නෙත් නෑඒත් කවදා හරි ලැබෙයි කියන බලාපොරොත්තුව නිසා නැත්තම් ලැබුනා කියන මායාව වැළඳගත්ත නිසා තමන් 'ටොයියෝකියල හිතනවාකියාගන්නවා

ටොයියෝ වුනාට ඇත්තට 'ෆේක්නිසා ටොයි ගති පැවතුම් අනුකරණය කරනවාබයියෝ නෙවෙයි කියල ඔප්පු කරන්න බයියන්ට වෛර කරනවාඅපහාස කරනවාමේ යටත්විජිත මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණයක්තමන්ට (නැත්තම් තමන්ගේ 'රියල්එකටවෛර කරනවාකොටින්ම තමන්ට 'තමන්වපෙන්නන්න බෑටොයිකම  ආදරේ කරන්නේටොයිකම සහ ටොයියෝ හොඳයි කියන්නේවර්ණනා කරන්නේ  නිසයි

බයියො ටිකක් වෙනස්ඒත් බයියන්ගේත් කොටස් දෙකක් තියෙනවාරියල් බයියෝ සහ ෆේක් බයියෝබයියෝ දන්නවා තමන්ට කවදාවත් ටොයියෙක් වෙන්න බැරි බවමට හිතෙන විදිහට ටොයියෙක් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් බොහෝ බයියෝ 'එපාකියන්නේ නෑඒත් ටොයියෙක් වෙන්න ලේසි නැති නිසා ටොයියන්ට ටොයිකමට වෛර කරනවාඅපහාස කරනවාඑහෙම කරන්නේ බයියෝ නෙවෙයිෆේක් බයියෝ

රියල් බයියන්ට ඔය ප්‍රශ්නේ නැහැටොයිකම කියන්නේ පුස්සක් කියලත්ටොයියෝ කියන්නේ දීර්ග ගැති-ඉතිහාසයක් ඇති පිරිසක් කියලත්ෆේක් ටොයියන් ලොකු ඇරියස් ලෙඩකින් පෙළෙන බවත් රියල් බයියෝ දන්නවාෆේක් බයියන්ටත්  වගේ ඇරියස් ප්‍රශ්ණයක් තියෙන බවත් රියල් බයියෝ දන්නවාටොයි සමාජයේ  සාමාජිකත්වය දෙන්න හැදුවත් හිනා වෙලා 'එපා මචංකියන්නේ රියල් බයියෝ

'බටහිට සුපිරියි මචංකියල යෝජනා කරද්දීසුද්දා හිටියනම් හොඳය කියල කියද්දී 'හා මචංකියන්නේ රියල් බයියෝටොයියොත්ටොයි කමත් යතාර්ථයක් බව පිළිගන්න අතර ඒවායේ ඇති දෙයක් නැති බව දන්න අය තමයි බයියෝරියල් බයියෝ

ඔබ බයියෙක්ද ටොයියෙක්දෆේක්ද රියල්දඅකුදි කියනවා වගේ 'කල්පනා කරලා බලන්න!' 


'අරුණ' පුවත්පතට ලියූ වෙනත් ලිපි 







0 comments: