03 August 2015

අපගේ දේශපාලනය ආදරයේ අතිරික්තයකි

කැකිරිලන්තය ඇත්තේ කොහේ ද, උම්මත්තකයින් එන්නේ මොකාටද?
ඉහත ප්‍රශ්න වලට සීමාරහිත උම්මත්තකයින් ගේ අද දින නායක අභිමානවත් දිනෙත් මල්ලිකාරච්චි පුතණුවන් පහත දැක්වෙන අයුරින් පිළිතුරු සපයයි:
"සොල්දාදුවා රට රකින ඉසව්වට එහා, සංග්‍රාමයේ දිග පළල විස්තර කරන නිර්වචන වලට නතු කර ගත නොහැකි වේදිකාවක කොනක සිතක් හදවතක් යුග ගායනයක යෙදෙති. නිරහංකාර පිනි බිඳු, ක්ෂණයකින් ළමා සිතකට පෙරලිය හැකි වැඩිහිටි සිතක්, සමනල් තටු මත හිඳ මලින් මල වන්දනා කරන වදනක්, නිර්මාණය කිරීමට අවශ්‍යම නම් හෙවනැලි වලින් පවා සෑදිය හැකි දැක්මක් ඒ ගී ස්වර තුල ලැගුම් ගෙන ඇත්තේ අසරණ කමට, ගේ දොර නැතිකමට නොවේ -- ඒ තිඹිරි ගෙය වන නිසාමයි. කැකිරිලන්තය ඇත්තේ කොහේ දැයි කල්පනා කරන, උම්මත්තකයින් එන්නේ මොකාටදැයි සොයන සියලු සුන්දර මිනිසුන් ඉතින් තව දුරටත් වෙහෙසිය යුතු නැත."


මගේ පක්ෂ නායකත්වය නිම වීමට තව ඇත්තේ තව හොරා කිහිපයකි. ඊට මත්තෙන් යමක් කිව යුතුය.
වත්මනෙහි පවත්නා ආයතන ව්‍යුහයන් නිර්මාණය කොට ඇත්තේ ඓතිහාසික නරුමයන් විසිනි. මෙලොව වසනා අවිහිංසකම ජීවී කොට්ටාසය වන " උන්මත්තකයන්ගේ" සුන්දර පැවත්මන් මෙකි නරුම ව්‍යුහයන් මගින් සීමා සහිත කෙරෙති . නැතහොත් මරා දැමෙති . අපගේ සමාජ ව්‍යාපාරය බිහි කෙරුනේ මේ සීමා කිරීමට එරෙහිවය. එය සදාකල්හිම "සීමාරහිතව" පවතිනු ඇත. 
අපගේ හදවත් විනිශ්චය කිරීමට කිසිවකුටත් නොහැක. අපගේ අත්ලෙහි ලේ තැවරී නැතත්, හදවත නිරන්තරයෙන් ලෙයින් පෙඟවෙයි. කලාව, දර්ශනය, හා න්‍යායන් උපදින්නේ මේ තෙත බරිත හදවත් වලිනි. නරුමයන්ගේ (උන්මත්තකයන් නොවන්නන්) විවාහයට අප ආදරය ආදේශ කරන්නෙමු. නරුමයන් කූඩු වලට කොටු වී , ඒ කොටු පනින්නට වෙර දරන කල අප සොබා දහම වෙත පිය මනින්නෙමු. අප පැහැදිලි කිරීම් වලින් සෑහීමට පත් වන්නෙමු. විනිශ්චයන් අපට ගෝචර නැත. 
අපගේ දේශපාලනය ආදරයේ අතිරික්තයකි. නරුමයන්ගේ ලෝකය මෙතරම් ගොරහැඩි එය එසේ නොවන නිසාය.

"උම්මත්තකයින්ට සීමා පැනවිය නොහැක!"
'සීමාරහිත' වෙනුවට 'සීමාසහිත' යන්න යොදා තම පක්ෂයේ නම වෙනස් කළහොත් සාමාජිකයින්ගේ මානසික, දේශපාලනික, න්‍යායාත්මක, දාර්ශනික, කලාත්මක සහ සෙලක්කාර අනන්‍යතාවයන් පලුදු විය හැකි බව අභිමානවත් දිනෙත් මල්ලිකාරච්චි පුතණුවන් පෙන්වා දෙයි.
මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගැනීමට පක්ෂයේ තේමා ගීතය 'ෂෙයාර්' කිරීමට තීරණය කල බවද ඔහු පවසයි. 


වම සහ දකුණ
දක්ෂිණාංශයට (එජාපය සහ ශ්‍රීලංනිපය ප්‍රධාන) ඉතිරිව ඇත්තේ කුණුහරුප. පරණ වම (ජවිපෙ, ලසසප, නසසප, කොප) ඉහත පක්ෂ දෙකෙන් එකකට කාලෙන් කාලෙට කඩේ යනවා හැරුණු විට කරන කජ්ජක් නැහැ. කරන්න පුළුවන් කජ්ජකුත් නැහැ. අලුත් වම (පෙසප) සහ 1940 දී ද්විකෝටිකයට චෙරියෝ කියපු ලුම්පන් වම (සසපෙ) ඔහේ හිටපුදෙන්. වම-දකුණ යනු වචන දෙකක් පමණක් බවත් ඒවා හා බැඳී මතවාදයන් නොමැති බවත් පෙන්වා දෙන අභිමානවත් දිනෙත් මල්ලිකාරච්චි පුතණුවන් මේ පක්ෂ වලට සහ ඒවා සමග ආත්මීය ලෙස බැඳී ඇති අයට කීමට ඇත්තේ 'ඔකේ මචං, එන්ජෝයි ද මායාව' පමණක් බව කියයි.


"ලලිත් තේරුම් ගත්ත දේ කැකිරිලන්තයේ අපද වටහාගෙන ඇත"
"මානසික රෝගීන්ට ලොකු බලාපොරොත්තු නෑ...තන්හාවල් නෑ...ලොකි ලොකු ආසාවල් නෑ...තව මිනිහෙකුට ඊරිසියා කරන්නෑ....හරිම අල්පේච්චයි...හරිම සරලයි....මනස නිරවුල් මිනිස්සුන්ට වඩා මානසික රෝගීන්ගේ හිත් හොඳයි" මෙසේ පවසන්නේ දොස්තර තේජන [ලලිත් රත්නායක ගේ 'වන් වේ' ටෙලිනාට්‍යයේ]. 

අභිමානවත් දිනෙත් මල්ලිකාරච්චි පුතණුවන් ඉහත ඛණ්ඩය උපුටමින් පැවසුවේ ලලිත් තේරුම් ගත්ත දේ කැකිරිලන්තයේ සියලු පුරවැසියන් ද වටහාගෙන ඇති බවයි.



0 comments: