04 August 2015

ඉම්තියාස් එන්න, මල් පිපී දැයි බලන්න

"ඉම්තියාස් එන්න, මල් පිපී දැයි බලන්න"
එක්සත් ජාතික පක්ෂයේ හොඳම මහත්මයා වන ඉම්තියාස් බාකීර්'මාර්කර් ට විවෘත ආරාධනාවක් යොමු කිරීමට සීමාරහිත උම්මත්තකයින් ඒකමතිකව තීරණ කල බව කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන එම පක්ෂයේ අද දින නායක දොන් උදය නිශාන්ත හෙට්ටිආරච්චි රාලහාමි කැකිරි එෆ් එම් වෙත දන්වා සිටියි. ජීවිත කාලයක් ම එජාපයට ප්‍රේම කල එම මහතාට සිරිකොතේ කොතැනක හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපී ඇත්දැයි බලන්න කියා එම ආරාධනාවේ සඳහන් බව දොන් උදය නිශාන්ත හෙට්ටිආරච්චි රාලහාමි  පවසයි.


අනාවැකි-ලොජික් 
"අනාවැකි පොස්ට් කිරීමේ අරමුණු දෙකකි: පාක්ෂිකයින් දිරිගැන්වීම (ඇන්දීම) සහ විරුද්ධවාදීන් මානසිකව වට්ටන්න. සෙස්සෝ කලබල විය යුතු නැත. දේශපාලනය නම් වූ වසුරු කෙලිය දෙස උපේක්ෂාසහගතව බලා සිටින්නේ නම් ප්‍රමාණවත්ය."
-- දො.නි.හෙ රාලහාමි

ප්‍රතිපත්ති ප්‍රකාශන 'අපේ පක්ෂයේ සුරංගනා කතා' ලෙස රී-නේම් කල යුතුයි! 
දොන් උදය නිශාන්ත හෙට්ටිආරච්චි රාලහාමි උන්නැහේ ඉහත මාතෘකාව පිළිබඳව මෙසේ අදහස් දක්වයි.
"මැතිවරණ කාලයේ දේශපාලන පක්ෂ තම තමන්ගේ හෙළුව සමග එළිදක්වන්නට පුරුදු වී ඇති තවත් දෙයකි 'ප්‍රතිපත්ති ප්‍රකාශන'. මෙහි 'ප්‍රකාශන' කොටස ඕකේ...'ප්‍රතිපත්ති' කොටස නම් නොට් -ඔකේ. මේවාට 'පොරොන්දු පත්' නැත්නම් 'ඉටුකළ නොහැකි පොරොන්දු පත්‍රිකාව', 'මැතිවරණ කාලේ ක්‍රියාකාරීන්ගේ කාලය නාස්ති කරන ලියකියවිල්ල', 'අපේ පක්ෂයේ සුරංගනා කතා' වගේ නමක් දැම්මනම් වටිනවා. ඒවා කියවලා මොලේ කොලොප්පම් කරගන්නේ නැතුව පහත සඳහන් පොත් අතරින් එකක් හොයාගෙන කියෙව්වොත් මොකක් හරි වටින දෙයක් ඉතිරි වෙයි." 
සෙංකොට්ටන්
කාල සර්ප
ලස්සන වැසිලිස්සා
මීළඟ මීවිත
හැටේ වත්තේ මග්දලීනා
නිරුවත් වානරයා
සිල් මාතා කායි
රෝස මලේ නම
මාගේ දුක්ඛිත ගණිකාවන් ගැන මතක සටහන්
වාමනයෝ


සීමාරහිත උම්මත්තකයින් ගේ වෙනත් දේශපාලන පණිවුඩ සඳහා:

"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ



0 comments: