15 August 2015

මෛත්‍රී-වෛරී සුසංයෝගයක්


"ශ්‍රී ලංකාවේ විධායක ජනපති තම පක්ෂයේ සිය ගානක් අපේක්ෂකයින් අතරින් එකෙකුට පෙම් හසුනක් යවා ඔහුම එය ප්‍රසිද්ධ කර ඇත. එකෙත් අලුත් දෙයක් කියලා නැහැ. අත්සන් කරලා තියෙන්නේ ජනාධිපති තුමා. ලියුම පුරා තියෙන්නේ චන්ද්‍රිකා ගේ අත්සන. ජනාධිපති ගේ නම මෛත්‍රී. චන්ද්‍රිකා ගේ අනෙක් නම වෛරී. මෛත්‍රී-වෛරී සුසංයෝගයක්. ශ්‍රී ලංකාවේ ඔහොම උනත් කැකිරිලන්තයේ ඔහොම වෙන්නේ නැහැ." 
ඉහත ප්‍රකාශය නිකුත් කලේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායිකා ගජමන් නෝනා ය.

මෛත්‍රී සන්නස්ගලගේ ටියුෂන් පන්තියට! 

ලියුම් ලියන කලාව ප්‍රගුණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති උපුල් ශාන්ත සන්නස්ගල ගේ ටියුෂන් පන්තියට යා යුතු යැයි ගජමන් නෝනා යෝජනා කරයි. හැමෝම දන්නා, කෙලින් සහ වටින් ගොඩින් කියා ඇති, වචන තුනකින් කිව හැකි දේ, පිටු පහක ලියුමක ලියන්න අවශ්‍ය නැති බව ඔහු ට සන්නස්ගල තුමා උගන්වනු ඇති බව එම නෝනා ගේ මතයයි. නැවතත් හීනෙන් බය වෙලා වගේ මහින්ද ට මොනවා හරි කියන්න ඇත්නම් නැත්නම් මහින්ද ට ලියනවා කියා ඡන්දදායකයින්ට පණිවුඩයක් දීමට අවශ්‍යම නම් මෛත්‍රිපාල කිව යුත්තේ මෙපමණයි: 'සතාට ඡන්දේ දෙන්න'.  
එහි යටි පෙළ: ශ්‍රීලංනිප යේ සියලු දෙනාට 'හූ හූ!'

මහින්දත් සන්නස්ගලගේ ටියුෂන් පන්තියට! 
ලියුම් ලියන කලාව ප්‍රගුණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද උපුල් ශාන්ත සන්නස්ගල ගේ ටියුෂන් පන්තියට යා යුතු යැයි ගජමන් නෝනා යෝජනා කරයි. ජනපති සිරිසේන ගේ වෛරී පෙම් හසුන ට පිළිතුරු ලියුමක් යැවීම අනවශ්‍ය බවත් ඒ වෙනුවට වචන දෙකක කෙටි පණිවුඩයක් ප්‍රමාණවත් බවත් එම නෝනා පැහැදිලි කලේ එක්සාම්පල් එකකුත් සමගයි: "හා මචං".


සීමාරහිත උම්මත්තකයින් ගේ වෙනත් දේශපාලන පණිවුඩ සඳහා:

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ


0 comments: