26 January 2016

ඥානසාර හිමි සහ ජනපති එක කූඩුවක (සහ වෙනත් කැකිරි පැලෙන නිව්ස්)

ඥානසාර හිමි සහ ජනපති එක කූඩුවක 

අධිකරණය අපහාසයට ලක් කළා යයි පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නයි උසාවිය තීන්දු කර ඇත.  ඒ අතර බී.බී.සී. සිංහල සේවය සමග කල සම්මුක සාකච්ඡාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණය ට අපහාස කර ඇති බැවින් ඔහු ද අත්අඩංගුවට ගත යුතු යැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින කැඳවුම්කරු එල්මෝ දේවනාරායන මහතා ප්‍රකාශ කර සිටියි.  

"දැන් ඉතින් යහපාලනයක් නේ තියෙන්නේ.  නීතිය කාටත් සමානයි නේ.  අධිකරණය ස්වාධීනයි නේ.  ඉතින් අපි උසාවිය සිරිසේන මහතා සම්බන්ධව ගන්නා පියවර පිලිබඳ සෝදිසියෙන් සිටින්නෙමු," යැයිද එම මහතා කිවේය. 

කැකිරිලන්තයේ විදෙස් ඇමති සුජීව සේනසිංහ ගේ ප්‍රකාශය හෙලා දකියි 

ඉන්දියාවේ නොරතුරු තාක්ෂණය ලබාගන්නේ ඇමරිකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ගේමක් දෙන්න යැයි සුජීව සේනසිංහ ප්‍රකාශ කිරීම තුල තම රටට තර්ජනයක් ඇති බව එම රටේ අද දින විදෙස් ඇමති අයි.ටී. ඩොට් කොම් මහතා කැකිරි එෆ් එම් වෙත පැවසූවේය.  

"සේනසිංහ මහතා ඔය කියන්නේ එක රටකින් මොකක් හරි ඇරගෙන තවත් රටකට කෙලවනවා කියන එක නේ.  ඉතින් අද ඉන්දියාවෙන් නොරතුරු තාක්ෂනය අරගෙන ඇමරිකාවට කෙලවනවා වගේ හෙට පිපිඥ්ඥලන්තයේ කෘෂි රහස් අරගෙන අපේ කැකිරි වෙළඳපොළට කෙලවන්න පුළුවන්.  ශ්‍රී ලංකාවේ ආර්ථික ත්‍රස්තවාදී ප්‍රතිපත්තිය මේක නම් අපටත් සිදුවෙනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න," යැයි එතුමා සඳහන් කලේ ය.

"කුමන ආකාරයේ ප්‍රතිප්‍රහාරයක් ගැනද ඔබ තුමා කල්පනා කරන්නේ?" යන පැනයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය:

"අපි කොන්ගෝ රටින් යහපාලන තාක්ෂණය අරගෙන ශ්‍රී ලංකාවේ යහපාලනයට මඩුවලිගෙන් තලනවා. තලලා තලලා ඊට පස්සේ රෙඩ් බුල් සමග තම්බලා සේරසිංහලාගේ බලෙන් ම පොවනවා ඔය ලෙඩේ හොඳටම හොඳ වෙන්න."  


ශ්‍රී ලංකාව "පිතු සෙනෙහස ලයිසන්" නිකුත් කිරීමට බලාපොරොත්තු වේ 

ශ්‍රී ලංකාවේ දේශපාලන බලවතුන්ට සිය බලය අයුතු ලෙස භාවිතා කොට සිය දරුවන්ට කැමති කැමති වරප්‍රසාද ලබා දීම තව දුරටත් 'අකටයුත්තක්' නොව රාජකාරියේ නෛතික වගකීමක් බවට පත් කිරීමට නීති සම්පාදනය කිරීම ගැන තමන් අවදියෙන් සිටින බව කැකිරිලන්තයේ අද දින නායක විවියන් රිචර්ඩ්ස් මහතා කැකිරි එෆ් එම් වෙත පවසයි.

ඔහු තව දුරටත් මෙසේද පැවසීය:

"ශ්‍රී ලංකා වේ එහෙම වුනත් කැකිරිලන්තයේ එහෙම වෙන්න දෙන්නේ නැහැ.  ඥාති සංග්‍රහය යනු කුමක්ද කියා අපි තුනේ පන්තියේ ළමයින්ටත් කියල දෙනවා.  ඔය දෙන්න හදන පිතු සෙනෙහස ලයිසමෙන් වෙන්නේ මැති ඇමති දුවා දරුවන්ට තමන්ගේ තාත්තලා ගේ අම්මලාගේ බලය කැමති විදිහට පාවිච්චි කිරීමට අවසරයක් ලැබෙන එක නේ.  එතකොට 2015 ජනවාරි වල ශ්‍රී ලංකා වේ ජනතාව අපි දන්නා තරමින් ජනාධිපතිවරු තුන් දෙනෙක් පත් කරගෙන.  එක්කෙනෙක් මෛත්‍රී.  අනිත් දෙන්න දහම් සහ චතුරිකා."   


මෛත්‍රිපාල සිරිසේන පිය සෙනෙහසට නව කව් ගී ලියයි 

"තාත්තලා පුතාලට ආදරේ කරන එක සාමාන්‍ය දෙයක් එත් මෛත්‍රිය කරුණාව ඇති තාත්තලා, තාත්තලා නොවන සහෝදර පුරවැසියන් ට රිදවන්නේ නැත, අපහාස කරන්නෙත් නැත."

මෙසේ පවසන්නේ පීතෘත්වයට ත් වඩා වටිනා මනුස්සකම් ගැන ශ්‍රී ලංකාවේ ජනපති ට ටියුෂන් දීමට සූදානමින් සිටින කැකිරිලන්තයේ අද දින විදෙස් ඇමති විපුල් කාන්ත සන්නස්ගල මහතා ය.

මීට ස්වල්ප මොහොතකට පෙර කැකිරි එෆ් එම් නාලිකාව සමග සම්බන්ධ වෙමින් සන්නස්ගල මහතා තව දුරටත් මෙසේ කීවේ ය:

"දරුවන් නැති බොහෝ අය ශ්‍රී ලංකාවේ වෙසෙන බව අපට ආරංචි වුනා.  සමහරක් කසාද බැඳපු අය. සමහරක් තනිකඩයින්.  ඒ අයට සිරිසේන මහතා අපහස කළ ඇත්තේ එතුමා ඉවක් බවක් නැතිව කතා කරන නිසා විය යුතුයි.  අර බ්‍රා කතාව වගේ.  හරක් කතාව වගේ.  මෙවැනි දේ වලින් එතුමා අපහසුතාවයට පත් වෙනවා.  මාධ්‍ය හමුවේ කිව යුත්තේ කුමක්ද නොකිවයුත්තේ කුමක්ද කියා තොර ගැනීමට ඔහුට අපහසු බව පැහැදිලියි.  ඒ නිසා සහෝදර රටක ජීවත් වන අප කල්පනා කලේ සිරිසේන මහත්තය ට හොඳට ම සොරි වෙන්න කලින් නොමිලේ මේවා ගැන කියල දෙන එක හොඳයි කියල."  



ජනපති ට ඥාති සංග්‍රහය ගැන කැකිරිලන්තයෙන්නොමිලේ ටියුෂන් පන්තියක්!

ඥාති සංග්‍රහය යනු පවුල්වාදය ම නොවන බව ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා ට කියා දීමට නොමිලේ ටියුෂන් දීමට තමා සූදානම් බව කැකිරිලන්තයේ භාෂා විශාරද ද්විභාෂ් චක්‍රවර්ති මහතා කැකිරි එෆ් එම් නාලිකාවට පැවසීය.  

චක්‍රවර්ති මහතා මෙසේ පැවසුවේ බී.බී.සී. සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී තමා ඥාතින් ට කිසිඳු සංග්‍රහක් නොකළ බව සිරිසේන මහතා පැවසීමෙන් අනතුරුව ය.  

තම පුතු එක්සත් ජාතීන්ගේ සමුළුව ට ගෙන ගියේ පිය සෙනෙහස නිසා බව කියූ සිරිසේන මහතා ඥාති සංග්‍රහය යනු එක පවුලක් විසින් රටක් පාලනය කිරීම බවද ප්‍රකාශ කළේය.

චක්‍රවර්ති මහතා මෙසේද පැවසී ය:

“අසල්වාසී මිත්‍රශීලී රටක් හැටියට ශ්‍රී ලංකාවේ ජනාධිපති නොන්ඩි වෙනවා දකින්න අපි කොහෙත්ම කැමති නැහැ.  ඥාති සංග්‍රහය යන්නෙයි ඩික්ෂනරි මීනිංඑක එතුමා දැනගෙන සිටියා නම් ඔය වගේ ගොන් කතා කියන්නෙත් නැහැ, එතුමාගේ මල්ලි, පුතා, දුව සහ අනෙකුත් ඥාතින් නිසා බයිට් වෙන්නෙත් නැහැ.  ඒකයිඔහුට නොමිලේ ටියුෂන් ක්ලාස් එකක් කරන්න හිතුනේ.”

මෛත්‍රී-රනිල් සමයේ තවත් කැකිරි පැලෙන නිවුස්:







"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ










0 comments: