Showing posts with label කැකිරිලන්තය. Show all posts
Showing posts with label කැකිරිලන්තය. Show all posts

24 March 2016

සිරිසේන-චන්ද්‍රිකා ද්වන්ධ සටනක

"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති වන "මෛත්‍රිපාල" සිරිසේන සහ එම පක්ෂයේ හිටපු නායක සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග අතර දරුණු සටනක් ආරම්භ වී ඇත. මොවුන් කාරණා දෙකක් මත සටන් වැදී ඇත. පළමු වැන්න "වඩා වෛරසගත කවුද?" යන්නය. දෙවැන්න "පාක්ෂිකයින් අතර අප්‍රසාදයට පත් ව ඇත්තේ කවුද?" මෙම තරංග දෙකෙහිම අවසාන වටයට (එනම් ෆයිනල් එකට) සුදුසුකම් ලබා ඇත්තේ මොවුන් දෙදෙනා බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

චන්ද්‍රිකා බ්‍රසල්ස් නුවරට
බෙල්ජියමේ ත්‍රස්ත ප්‍රහාර මැඩලීම සඳහා ජනාධිපති සිරිසේන හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ව එම රටට යැවීමට කටයුතු කර ඇත. බෙල්ජියමේ අගමැති චාර්ල්ස් මිෂෙල් මහතාට මේ පිලිබඳ යැවු ලිපියෙ මෙසේ සඳහන් කර ඇත: 'අප ඔබ වෙත එවන්නේ ත්‍රස්තවාදය මැඩලීමේ හි අප සතු විශිෂ්ටතම විශේෂඥයෙකි. කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමේ දැවැන්ත අරගලයෙන් 75% නිමා කලේ ඇයයි. බෙල්ජියමේ ප්‍රශ්නයෙන් අඩුම තරමින් 50% ඇය විසඳනු නොඅනුමානය."

විල්පත්තුව සිතියමෙන් ඉවතට
දේශපාලන හිසරදයක් බවට පත්ව ඇති විල්පත්තුවේ අනවසර පදිංචිවීම් ප්‍රශ්නය විසඳීම ට පශ්චාත් නූතනවාදී ක්‍රියාමාර්ග තේරීමට ආණ්ඩුව පෙළඹ ඇත. ඒ අනුව විල්පත්තුව සියලු සිතියම් පොත් වලින් ඉවත් කිරීමට පියවර ගැනීමට අදාළ ආයතන වලට ලිඛිතව දැනුම් දීමට නියමිතය. 'නැති විල්පත්තුවක "විල්පත්තු ප්‍රශ්න" තිබිය නොහැකිය' ඉන් පසුව සියලු විරෝධතා වලට දක්වන ප්‍රතිචාරය වනු ඇත.

බලු-ෂෝ, රේස් තහනම්!
උකුස්සන්, අලි-ඇතුන් සහ ඔවුනට පමුණුවන වධහිංසා ගැන කම්පාවෙන සත්ව කරුණාව උතුරා යන සාධු ජනයා ගේ බලවත් ඉල්ලීම මත බලු-ෂෝ තහනම් කිරීමට බලු-පාලන ආණ්ඩුව තීරණය කර ඇත. සත්ව කරුණාව නිසාම කම්පාවී ඇති පිරිස මෙසේ කරුණු පවසයි.

"බලු-ෂෝ සංවිධානය කරන අය ඒවා කරන්නේ අහිංසක අසරණ බල්ලන්ගේ අවසර අරගෙනද? කර පටියක් දාල, දම්වැලක් පටලවල මෙයාල කරන්නේ බල්ලන්ගේ නිදහස සීමා කිරීම නොවේද? අනික බල්ලෝ විතරක් නෙවෙයි, අස්සයොත් පවු. මෙහෙ අස්ස රේස් නොතිබ්බට රේස් දාන හැමෝම අස්ව-හිංසනයට දායක වෙන්ව. මේ නිසයි අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඕව නවත්තන්න පියවර ගන්න කියල."

18 March 2016

රාජපක්ෂවරුන් 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්' මූල්‍ය සේවා සමාගම මුදලට ගනී

"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි 

රාජපක්ෂවරුන් 'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්' මූල්‍ය සේවා සමාගම මුදලට ගනී
'ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්' මූල්‍ය සේවා සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරිය සඳහා 'ඍණ' අගයක් දීමට හේතුව එම ආයතනය රාජපක්ෂවරුන් මුදලට ගෙන ඇති බැවිනි. මේ වනාහී මෛත්‍රිපාල-වික්‍රමසිංහ ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමට සහ ජාත්‍යාන්තර ප්‍රජාව හමුවේ හාස්‍යයට ලක් කිරීම ට රාජපක්ෂවරුන්ගේ කූට උපායක් බව දේශපාලන විචාරකයින් පවසති.

ගව, සූකර, කුකුල් ඝාතකයින් අත්අඩංගුවට
උකුස්සෙක් අල්ලා දස වද දී මරා දැමූ වරදට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සත්ව කරුණාව උතුරා යන අයගේ බලාපොරොත්තු ඉෂ්ට විය. මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සත්ව ඝාතන සිදු නොවනු ඇත. මෙහි 'වරද' වද දීමද, ඝාතනය කිරීමද නැතහොත් වදදී ඝාතනය කිරීමද යන්න පැහැදිලි නැත. 'මරණය' ම බරපතල වදයක් බව සිහි කර යුතු වේ. කෙසේ වෙතත් ගවයින්, සූකරයින්, කුකුළන් ඇතුළු ඝාතනයට නියම වූ සියලු සත්වයින් වහාම නිදහස් කරනු ඇත. එමෙන්ම ගව, සූකර, කුකුල් ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇත.

ආණ්ඩුවට එරෙහිව කොටි නඩු මගට
සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව විසින් තම වර්ගයාට දැවැන්ත අසාධාරණයක් සිදුකරන්නේයැයි පවසමින් නඩු මගට පිවිසීමට තීරණය කර ඇතැයි කොටි පවසති. මෙම තීන්දුවට අදාලව පුවත්පත් නිවේදනය පහත දැක්වේ:

"අලි පැටියෙක් හුරතලේට ළඟ තබා ගැනීමේ වරදට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් අත්අඩංගුවට ඇරගෙන ඇත. අපට අලි පරම්පරාව සමග කිසිදු අමනාපයක් නැති නමුත් මෙතන විශාල අසාධාරණයක් සිද්ධ වී ඇත. අලි පටියා වගේම අපවද අවුරුදු ගානක් 'සුරතලේට' ළඟ තියාගෙන හිටිය අයට එරෙහිව ඇයි පොලීසිය, අදාළ නිලධාරීන් සහ සත්ව කරුණාව ඇති එන්ජීඕ කාරයින් සහ පරිසරවේදීන් වචනයක් වත් නොකියන්නේ ඇයි? අපට මේක ප්‍රශ්නයක්. එබැවින් මෙම ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අප හෙළා දකින අතර ආණ්ඩුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත පිවිසෙන්න තීරණය කොට ඇත. ඊට අදාළ පෙත්සමේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, විදේශ ඇමති මංගල සමරවීර මෙන්ම විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල නෝනාවරු සහ මහත්වරු වගඋත්තර කරුවන් ලෙස නම් කොට ඇත."

මෛත්‍රිපාල ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!
නීති විරෝධී ලෙස අලි පැටවෙක් ළඟ තබා ගැනීම හේතුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අනුව යමින් අලි පැටව් සිය ගණනක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ වරද ට මෛත්‍රිපාල....සොරි සොරි....වෛරීපාල සිරිසේන මහතා ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කිරීමට ඉඩ ඇති බව නීති විශාරදයින් පවසති.

චන්ද්‍රික තමන්ගේ කට නම් කරයි
නෙලුම් පොකුණ කක්කුස්සි වලකට සමාන කල හිටපු ජනපති චන්ද්‍රික කුමාරතුංග ඒ අනුව තමන්ගේ කට 'නෙලුම් පොකුණ' ලෙස නම් කර ඇත.

ගාමිණී අතුකෝරළ නැතුව එජාපයට ගිය කල!
2002 ජනවාරි මස 1 දා මිය ගිය (හෝ ඝාතනය කරන ලද) ගාමිණි අතුකෝරළ මහතා ගෙන් පසුව හරිහමන් රැස්වීමක් සංවිධානය කිරීමට එජාපයට බැරි වී ඇත. 15දා සංවිධානය කළ 'උද්ඝෝෂණය' ඊට දවස් දෙකකට පසු ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ රැස්වීම හා සසඳන විට මෙය මොනවට පැහැදිලි විය.



08 March 2016

ආණ්ඩුව ආදරයට සහ අනාදරයට පින් දෙයි

"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි

Pic: independent.lk
ආණ්ඩුව ආදරයට සහ අනාදරයට පින් දෙයි 
'ආදරයට ' (නිදහස් චතුරශ්‍රයේ) සහ 'අනාදරයට' ( කුලියාපිටියේ) පිං සිද්ද වෙන්න රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න බලු-පාලන ආණ්ඩුව අසමත් වී ඇති බව (මහා දවල් දරුණු මිනීමැරුම් පෙළක්) හැමෝටම අමතක විය.

නිදහස් චතුරශ්‍රයේ හර්ෂා ගේ ටියුෂන් පන්තිය 
හර්ෂ ද සිල්වා ආරක්ෂක නිලධාරියා ට ටියුෂන් දෙද්දී හර්ෂ වටේට බොහෝ දෙනෙක් හිටියා. පොකට් මීටින් එකක් වගේ. කාරණයට මහන්සි වී පෝස්ටර් ඇඳගෙන පිළිවෙලකට, නිහඬව විරෝධය ප්‍රකාශ කරමින් සිටි අය හර්ෂාව සුපර් මෑන් කරන්න සම්මාදම් වුනේ නැහැ.

නිදහස් චතුරශ්‍රයේ අද හවස මොන මොන ජයග්‍රහණ අත්පත් කර ගත්තට හර්ෂ සිල්වා හර්ෂ සිලවා සුපර් මෑන්ට ඇන්දෙව්ව බව ලක්ෂිකා ශ්‍රීමාලි අධිකාරි සඳහන් කර ඇත.


නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුවට!
හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිතුමාගේ එඩිතර සහ ක්ෂණික මැදිහත් වීමෙන් අපහසුතාවයට පත් ආරක්ෂක නිලධාරීන් 'වෙනත් සුදුසුසුකම් ඇත්නම් වයස නොතකා' ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යවන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශ්‍රීලංනිපයේ සහ අජාපයේ නායකයින් වෙත දැනුම් දී ඇත.


අඛිල විරාජ් සහ ලක්ෂ්මන් කිරිඇල්ලේ මහින්ද ගේ දෙන්නෙක් ලු!
බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙක් වුවද අඛිල විරාජ් සහ ලක්ෂ්මන් කිරිඇල්ලේ වනාහි මෛත්‍රී-රනිල් හවුල් ('ජාතික' නොවන) ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් මත කටයුතු කරන දෙදෙනෙකු බව හෙළිවී ඇත.

කුලියාපිටිය සහ ශ්‍රී ලංකාව ස්ථානගත වේ
"අප විසින් තේරුම් ගත යුතු ඛේදනීය ඇත්ත වන්නේ ලංකාව තුල කුලියාපිටිය පවතිනවා නොව කුලියාපිටිය තුල ලංකාව පවතින බව" යැයි  ප‍්‍රදීප් දිසානායක සියලු දෙනාට මතක් කර සිටී.


නාමල්ටත් අමතක වේ 
"අද රටේ ජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් සැබෑ නිදහස හිමි වෙලා තියෙනවා" යැයි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටී.  නාමල් ට "යලිත්" කියන වචනය එකතු කරන්න අමතක වුනා වගේ.

05 March 2016

රාජපක්ෂ-භීෂණය නැවත හිස ඔසවයි , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවයි


"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි මෙලෙස ඉදිරිපත් කරන්නේ 



නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවයි

මාධ්‍යවේදියෙකු අහපු සරල ප්‍රශ්නයකට උත්තර නොදී ද්වේශසහගතව ඔහුට බැණ වැදුණු ඇමතිවරයෙකුට විරුද්ධව උද්ඝෝෂණ සංවිධාන කිරීම කෙසේ වෙතත් අඩුම තරමින් ඔහු ගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කිරීමට පවා නොහැකිව අසරණ වී ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවා දැමීමට එම සංවිධානයේ ප්‍රධානීන් තීරණය කර ඇත.


ජනතාවට විස කැවීමට වීදි බසින ජවිපෙට පොහොට සමාගම් උපහාර පුදති
ගොවීන්ගේ පොහොර සහනාධාරය ආරක්ෂා කිරීමේ මුවාවෙන් ජනතාවට දිගින් දිගට ම වස විස කවන ක්‍රියාවලිය ට එඩිතරව මුහුණ දෙන අනුර දිසානායක සහෝදරයා ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණට බහුජාතික පොහොර සමාගම් කිහිපයක නියෝජිත පිරිසක් සිය කෘතඥතාවය පුද කර ඇත.

මෙසේ ජවිපෙ එම සමාගම් වල පැසසුමට ලක් ව ඇත්තේ ඉහත නියෝජිතයෙක් අහම්බෙන් අනුර සහෝදරයා හමුවූ අවස්ථාවක දී ය. ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ අනුර කුමාර සහෝදරයා සිරිකොතට එහි පස්සා දොරෙන් ඇතුළු වන විට වස විස නොමැති ප්‍රණීත ආහාර වේලක් එන්ජෝයි කිරීමෙන් අනතුරුව වොෂ්රූම් එක වෙත යමින් සිටි පොහොර සමාගම් ලොක්කෙක් ඔහුගේ ඇඟේ හැප්පී දෙන්නා දෙන්නට 'සොරී' කියා ආගිය තොරතුරු අසා ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණේ අද්විතීය කැපවීම පිලිබඳ සමස්ථ බහුජාතික ප්‍රජාව මවිතයට පත් ව ඇති බව එම ලොක්කා එම සහෝදරයාට පවසා ඇත.

'වස විස නැති රටක්' ප්‍රදර්ශනය ට ජවිපෙ විදෝධය 

තිරසාර සංවර්ධනය, වස විස නැති ගොවිතැන යනාදිය තේමා කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මාර්තු 6,7 සහ 8 දිනයන්හි පැවැත්වීමට නියමිත වෙළඳ ප්‍රදර්ශනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් එම පක්ෂයේ තීරණය මෙසේ පැහැදිලි කළේය:

"මෙය කුමන්ත්‍රණයක්. මෙවැනි පසුගාමී අදහස් සමාජගත වුනොත් මොකද වෙන්නේ? පොහොර සමාගම්, කෘමිනාශක සමාගම් මේ රට ඇත හැරලා යනවා. රසායනික යෙදවුම් වෙළඳ පොළෙන් ඉවත් වුනොත් මොනවාද වෙන්නේ? අහිංසක ගොවීන් පොහොර සහනාධාර ඉල්ලන එක නිරර්ථක වෙනවා. අපේ රටේ අහිංසක ගොවීන් ගේ බඩට ගහන්න තමයි මේ හදන්නේ. විප්ලවවාදී පක්ෂයක් හැටියට අපි මේකට සහමුලින්ම විරුද්ධ යි."

රාජපක්ෂ-භීෂණය නැවත හිස ඔසවයි
පහු ගිය සති කිහිපය තුල මාධ්‍යයෙන් වාර්තා කරන ලද සියලු වෙඩි තැබීම්, පැහැර ගැනීම්, පහර දීම්, උඩ මහල් වලින් තල්ලු කිරීම් යනාදී සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වලට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මැර කණ්ඩායම් බව අනාවරණය වී ඇත වී ඇත. මේ තත්ත්වය හමුවේ රටේ නීතිය සහ සාමය රාජපක්ෂවරුන්ගෙන් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා බව වෛරී සිරිසේන ජනපති ද බලු පාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ද තීරණය කර ඇත.

කිරිඇල්ලේ ජනපති කමට ලක්ෂ්මන් කිරිඇල්ලේ ඇමතිතුමා ශ්‍රී ලංකාවේ ජනපති තනතුරට පත් කරන්නැයි අත්සන් දස ලක්ෂයක සන්දේශයක් අද විනිසුරු වෙත යැවීමට කටයුතු සූදානම් වෙමින් ඇත. "අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම් වයස් සීමාව පිළිබඳ නොසළකා"' ඔහුට මෙම රැකියාව ලබා දෙන්නැයි එම සංදේශයෙන් කියවේ.

02 March 2016

සංඛ අමරජිත් වෙනුවට ලක්ෂ්මන් කිරිඇල්ල

"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි මෙලෙස ඉදිරිපත් කරන්නේ 

"කිරිඇල්ල ගේ දේශපාලන විද්‍යාව" කෘතිය විශ්ව විද්‍යාල සඳහා නිර්දේශ වේ 
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කැළණි විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා ට ලියා ඇත්තේ එම අංශයේ 'තාවකාලික කථිකාචාර්ය' තනතුරක් ඔහුගේ හිතවතෙකුට ලබා දෙන ලෙසයි. මේ වනාහී කිරිඇල්ල මහතා දන්නා දේශපාලනය ද නැතහොත් දේශපාලන විද්‍යාව දැයි පැහැදිලි නැති මුත් ඔහු හොර රහසේ රචනා කල "කිරිඇල්ල ගේ දේශපාලන විද්‍යාව" කෘතිය විශ්ව විද්‍යාල සඳහා නිර්දේශ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇත.

බළල් කතා වක් කියූ සංඛ ට බල්ලා කියමින් යහපාලනය බලුපාලනයක් සේ රනිල් අර්ථකථනය කරද්දී 'ගොන් කතා' ඇද බාන කිරිඇල්ල නාගන්න එක අහන්නත් දෙයක් ද?

සංඛ වෙනුවට කිරිඇල්ල 
දෙරණ රූපවාහිනී සමාගම සංඛ ඉවත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුව ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පිරවීමට නියමිතයි. මාධ්‍යය භාවිතය පිලිබඳ හසල දැනුමක් ඇති කිරිඇල්ල මහතා සංඛ ට නොදෙවෙනි කාර්යභාරයක් ඉටු කරතැයි දෙරණ පාලකයෝ විශ්වාස කරන බව වාර්තා වේ. විශේෂයෙන් ම කිරිඇල්ල මහතා බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙක් වීම මෙම තනතුර ඔහුට ම පිරිනැමීමට ඉවහල් වී ඇත. ඒ සඳහා වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක ඇමති හරහා දිලිත් ජයවීරට 'සුදුසුකම් ඇතොත්, වයස නොසලකා සේවයට ගන්න' කියා ලිපියක් එව්වේ ද නැද්ද යන්න තවමත් එලි වී නැත.


රටකට අපමණ අගයක් ඕනෑ වුනත් විසම්මුතියට දෙන අගය බිංදුවයි 
ඩී.ජේ (ඩිෆෝල්ට් ජනපති) වෛරී සිරිසේන ඒ දවස්වල 'රටකට ඕනෑ අපමණ අගයක්,' සහ 'මෛත්‍රී යුගයක්' ගැන කතා කලත් තමන්ගේ මතයට එරෙහි වෙන සියලු දෙනා ගෙන් පලිගන්න පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ අප්පො සහ ඔහුගේ අනුගාමිකයින් මේවා ගැන මීක් නැත්තේ 'යහපාලනය', 'මෛත්‍රිය' වගේ වචන වල තේරුම් නොදන්නා නිසා නොව, අදාළ නැති නිසාය.


තිලංගගේ සදාචාර ඌනතාවය පියවන්න ග්‍රැහැම් ෆෝඩ් ඉවතට!
මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දීම සදාචාර විරෝධී බව පවසා මහේල ගෙන් කනේ පාරක් කෑ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් එම තනතුරෙන් ඉවත් කිරීමට කටයතු කරන බව ආරංචි වී ඇත. 
තමා එංගලන්ත කණ්ඩායමට උපදෙස් දීම වැරදි නම් ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ කෙසේද යන්න මහේල අසා තිබිණ. 
ලැජ්ජාවට පත් තිලංග තමා ගේ සදාචාරාත්මකභාවය ඔප්පු කිරීම සඳහා ග්‍රැහැම් ෆෝඩ් ඉවත් කිරීමට යන බව ක්විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරති.

විශ්‍රාමිකයින්ට සහ පරාජිතයින්ට 'සීතල සමයක්'
ඉදිරියට කෙනෙක් කාන් රැකියාවෙන් විශ්‍රාම යන්නට සිදුවුවහොත් එසේත් නැත්නම් රැකියාවෙන් නෙරපා දමන ලද්දේනම්, වසර 2 ක අනිවාර්ය 'සීතල සමයක්' ගතකරන්නට සිදුවනු ඇත. මීට අදාල පනත් කෙටුම්පත් සූදානම් කරමින් පවතී. මෙම සීතල කාලය තුල එතෙක් සේවය කල සංවිධානයට කුමන හෝ ආකාරයකින් විරුද්ධ කිසිම සංවිධානයට අදාළ පුද්ගලයාට සේවය කල නොහැකි බව ඉහත පනත වෙනුවෙන් කටයුතු කරන අයගේ මතය වේ. 

මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණ වන්නේ තිලංග සුමතිපාල පහුගියදා මහේල ජයවර්ධන පිලිබඳ කළ ප්‍රකාශය වේ. තිලංග පවසන්නේ මහේල එංගලන්තය ට ගොස් එම රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණු කිරීම වැරදි බවයි. ඔහුගේ මතය වුයේ, "ක්රෙදකයෙක් කණ්ඩායමෙන් ඉවත් වී වෙන කණ්ඩායමකට උදව් කිරීමට පෙර'සීතල සමයක්' ගත කල යුතු බවයි.'

මෙම පනත මගින් පාර්ලිමේන්තුවේ පිල් මාරු සීමා වනු ඇති විද්වතුන් පවසති. එවන් පනතක් එවකට තිබුනේ නම් මෛත්‍රිපාල සිරිසේන කිසිදා ජනපති නොවනු ඇත. මහින්ද ප්‍රධාන 'ඒකාබද්ධ විපක්ෂය ට.' මේ තරම් රඟන්න වන්නේද නැත.

ලෝකයේ පරිත්‍යාගශීලිම රට ඉන්දියාව 
ලෝකයේ පරිත්‍යාගශීලිම රට ඉන්දියාව බව විමල් වීරවංශ ඔප්පු කර ඇත. ඉන්දියාවේ වෙසෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමටද, එම රෝගීන් රෝහලකට ගෙන යාමට හැකියාවක් නොමැති තත්ත්වයක පසුවුවත් ශ්‍රී ලංකාවට ගිලන් රථ සේවාවක් පරිත්‍යාග කිරීම ට ඉන්දියාවේ ඇති සූදානම පුදුමසහගත බව ඔහු පවසයි.

අත්හැර දැමූ සියලු 'මඩ ඉඩම්' වල මහින්දලා නිධන් සඟවා ඇත 
විවිධ හේතු මත වගා නොකරන කුඹුරු ඉඩම් වල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ලඟම ඥාතීන් ඉතා රහසිගතව නිධන් සඟවා ඇති බව ඉතා රහසිගත පරීක්ෂණයකින් හෙළි වී ඇත. රට පුරා විහිද ඇති මෙවැනි ඉඩම් සියල්ලකම භාණ්ඩාගාරයෙන් හොරකම් කල මුදල් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විවිධාකාරයෙන් රැස් කරගත් රත්තරන් ඇතුළු මහා ධනස්කන්ධයක් සඟවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා ඇත. ඒ සියලු ඉඩම් හාරා ජනතාව සතු විය යුතු මෙම ධනය මතු කර ගැනීමට ඉන්දියාවෙන් ශ්‍රමය ගෙන්වා ගැනීමට සිදුවන බව ද වාර්තා වේ. එම කාරණයද විවාදයට තුඩු දී ඇති 'ඉක්කා ගිවිසුමට' ඇතුලත් කිරීමට අදාළ පාර්ශවයන් දැන් දැන් සූදානම් වෙමින් සිටිති.

දින (හාර)සීයක් ගෙවිලත් පිළිතුරු නොමැති ප්‍රශ්ණ ඇත 
දින 100" මතකද? දින සීයේ කයිවාරුවේ වයස අදට දින 400 ත් පැනලා, 
කෝ ඉතින් මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කෙරුවද? තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත කෝ? (දින 100 ට නොවුනත්) පුංචි ඡන්දයට ඇයි ඔච්චර බය? (දින 100 ට නොවුනත්) ඉක්කා ගිවිසුමේ කෙටුම්පත හදන්නේ කවුද, එලි දක්වන්නේ කවද්ද?


රනිල්ගෙන් හර්ෂට ටොක්කක් 
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත 'ඉක්කා ගිවිසුම' ට එරෙහි වෙන අයට බැන වදිමින් බලුපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ එම ගිවිසුමේ කෙටුම්පත වත් තවම සකස්කොට නැති බවයි. නැති ඉක්කාවකට විරුද්ද වන්නේ කෙසේද යනුවෙන් ඉතා සාධාරණ ප්‍රශ්නයක් ඔහු මතු කරයි. එහෙත් නැති ඉක්කාව සාධාරණය කරන්නේ කෙසේද යන පැනය රනිල් තමන් ගෙන් අසන්නේ ද නැත. නැති ඉක්කාව වෙනුවෙන් එඩිතරව පෙනී සිටින හර්ෂ ද සිල්වා ට රනිල් ටොකු අනින තෙක් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියි.

23 February 2016

යහපාලනය අවසන්, බලුපාලනය ආරම්භ වේ

කවුරු කවුරුත් කට පරෙස්සම් කරගත්තොත් හොඳයි 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙරණ නිවෙදකට සහ දෙරණ අයිතිකාරයින් ට බැන වැදීමද ඔවුනට තර්ජනය කිරීමද තමා තරයේ හෙලා දකින බව ශ්‍රී ලංකා වේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමින සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින මාධ්‍ය ප්‍රකාශක සුදත් බලගල්ල පවසා ඇත. 

"සංඛ කිව්වේ කිෂානි ගේ කටහඬ (ඔහුට) බැලලියකගේ හඬ වගේ කියා ය. ගඩොල් බාගයකින් කිශානිට ගහන්න කියල සංඛ කිව්වේ නැහැ. බටහිර උඩ දාගෙන ඉන්න අය නොදන්නවා විය හැක, එත් බටහිර කලා විචාරයේ මෙවන් කියුම් එමටයි. කමක් නැහැ. වැරදියි කියමුකෝ. බලු බළල් කතා තහනම් නම්, රනිල් ගේ මේ 'ශිෂ්ට' ප්‍රකාශය අනුමත කරන අය කරුණා කර බයිබලය සහ කොරානය කියවන්න. ඉන් පසුව රනිල් ට කියන්න ඉස්ලාම් ආගමත් ක්‍රිස්තියානි ආගමත් තහනම් කරන්න කියල.


"සංඛ වැරදි නම් රනිල් ඊට වඩා වැරදියි.  ඉතින් රනිල් බණ දෙසන්නේ නැතුව තමන්ටම මුඛවාඩම් දාගත්තොත් හොඳයි.  කොහොම වුනත් එකක් පැහැදිලියි.  රනිල් ට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ බල්ලන් පාලනය කිරීම.  ඒ කියන්නේ යහපාලනයට ටටා කියල බලුපාලනයට වෙල්කම් කියනවා වගේ දෙයක්.

"බයි ද වේ....මට නම් කිශානි ගේ වර්ෂන් එක ලස්සනයි. තවත් වර්ෂන් එකක් විදිහටයි මම දකින්නේ. භක්තියෙන් පිරුණු. අවුලක් නැත. හැබැයි මචං ලා......(ඒ කියන්නේ රනිල් ව අනුමත කරන මචං ලා)...පරිස්සමින් මින් ඉදිරියට. වචනයක් එහා මෙහා වුනොත් 'සංඛ-න්‍යාය' මතක් කරන්න වෙයි. රනිල් තරහත් වෙයි."  

රනිල් ගෙන් 'දේශද්‍රෝහියා' සඳහා නව නිර්වචනයක් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන පරිදි ඉන්දියාව සමග ඇති කරගන්න යන වෙළඳ ගිවිසුමට එරෙහි වන්නෝ දේශද්‍රෝහියෝ වෙති. ඒ ඉන් රස්සා මිලියනයක් උත්පාදනය වීමට නියමිත බැවිනි. ගිවිසුමේ අනෙක් පැත්ත ගැන සඳහනක් නැත. ඒ අනුව 1987 දී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට ද 2002 දී ප්‍රභාකරන් සමග අත්සන් කල සටන් විරාම ගිවිසුමට ද එරෙහි වුවෝ දේශද්‍රෝහියෝ වෙති.

අලි මවිල් තිබුනේ කාගේ අත්වලද?
අලි නගුටක මවිල් ගස් කිහිපයක් තබාගෙන සිටි කෙනෙකු අත්අඩංගුවට ගත බව වාර්තා වී ඇත. ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 50ක් ද තිබුනේ යැයි ද වාර්තා වේ. වයසක් සඳහන් කර ඇතත් වාර්තාවේ සඳහන් වන පුද්ගලයා ගේ සැබෑ අනන්‍යතාවය පිලිබඳ ගැටළු ඇත. චම්පික රණවකද? අනුර කුමාර දිසානායක ද? සරත් ෆොන්සේකා ද? මෛත්‍රිපාල ද?

විල්පත්තුවට අලුත් තර්ජනයක්
බලුපාලන ආණ්ඩුව විසින් අවතැන් කරන ලද තොටළඟ 'අනවසර පදිංචිකරුවන්' සිත්සේ පදිංචි වීමට කිසිම තහනමක් නොමැති විල්පත්තුවට ගොස්, කැලෑව එලි කොට, ගෙවල් සාදා පදිංචි වීමට තීරණය කර ඇත. රටේ සියලු නීති උල්ලංගනය කරමින් හෝ ගෞරවාන්විත විදිහට ජීවත් වීමට හැකි පාරාදීසියක් වන විල්පත්තුවට මෙසේ පැමිණෙන සියලු දෙනා සාදරයෙන් පිළිගැනීමට රිෂාඩ් බතිඋද්දීන් සියලු කටයුතු සුදානම් කර ඇත.

ලිප්ටන් වට රවුම සුනඛයින් ට 
ශ්‍රී ලංකා වාසී සියළු සුනඛයින් ලිප්ටන් වට රවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් හේතු කොටගෙන ඒ අවට අධික වාහන තදබදයක් දක්නට ඇත.  මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ 'බල්ලන්ට බලු වැඩ කරන්න දෙන්නේ නැහැ' යැයි ප්‍රකාශ කිරීම බව වාර්තා වේ. 'බලු අපට බල්ලෝ ලෙස ගෞරවනීය ජීවත් වීමට අයිතියක් ඇත,' 'බලු අපට අපහාස කල රනිල් වහා ඉල්ලා අස් විය යුතුයි," "බල්ලන්ට බල්ලන් වීම මිස මිනිස්සු වෙන්න ද කියන්නේ?" "යහපාලනය නම් යහපාලනය කරපියව්...බලුපාලනයට එන්න එපා!" "බලුපාලනය එපා!" යනාදී සටන් පාඨ උද්ඝෝෂණයට සහභාගී වූ සුනඛයින්ගේ නැටි වල අමුණා තිබිණ.

කොළඹ තානාපති කාර්‍යාල සුනඛ ආක්‍රමණයකට සූදානම් වේ
'බල්ලන්ට බලු වැඩ කරන්න දෙන්නේ නැහැ' කියා සමස්ථ බලු සමාජයට රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීමෙන් භීතියට පත් අහිංසක සහ අසරණ සුනඛයින් ට තව දුරටත් ශ්‍රී ලංකාව තුල ජීවත්වන්නට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් යන එන මං නොමැති සුනඛයින් රංචු පිටින් තානාපති කාර්යාල වලින් දේශපාලන රැකවරණය සොයනු ඇතැයි සිතා එම කාර්යාල වල ආරක්ෂාව තර කර ඇත. ඇතැම් තානාපති කාර්යාල වල 'සුනඛයින්ට තහනම්' බෝඩ් එල්ලා ද ඇත.

මින් උරණ වූ එක් සුනඛයයෙක්  මෙසේ පවසන ලදී:  'ගේට්ටු වහන්න මහත්තයෝ, එත් මතක තියාගන්න ඔයාලට ගෙදර යන්න වෙන්නේ නැහැ.  ඔයාල ඔයාලවම සිරගත කරලයි තියෙන්නේ.  මෙතන අපේ රැහේ 10,000 කට අධික පිරිසක් ඉන්නවා.   වැසිකිලි  සොයන ජාතියක් නෙවෙයි අපි.  හුස්ම ගන්න නෙමෙයි ඔයාලට...ඔන්න නොකීව කියන්න එපා!'


26 January 2016

ඥානසාර හිමි සහ ජනපති එක කූඩුවක (සහ වෙනත් කැකිරි පැලෙන නිව්ස්)

ඥානසාර හිමි සහ ජනපති එක කූඩුවක 

අධිකරණය අපහාසයට ලක් කළා යයි පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නයි උසාවිය තීන්දු කර ඇත.  ඒ අතර බී.බී.සී. සිංහල සේවය සමග කල සම්මුක සාකච්ඡාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණය ට අපහාස කර ඇති බැවින් ඔහු ද අත්අඩංගුවට ගත යුතු යැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින කැඳවුම්කරු එල්මෝ දේවනාරායන මහතා ප්‍රකාශ කර සිටියි.  

"දැන් ඉතින් යහපාලනයක් නේ තියෙන්නේ.  නීතිය කාටත් සමානයි නේ.  අධිකරණය ස්වාධීනයි නේ.  ඉතින් අපි උසාවිය සිරිසේන මහතා සම්බන්ධව ගන්නා පියවර පිලිබඳ සෝදිසියෙන් සිටින්නෙමු," යැයිද එම මහතා කිවේය. 

කැකිරිලන්තයේ විදෙස් ඇමති සුජීව සේනසිංහ ගේ ප්‍රකාශය හෙලා දකියි 

ඉන්දියාවේ නොරතුරු තාක්ෂණය ලබාගන්නේ ඇමරිකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ගේමක් දෙන්න යැයි සුජීව සේනසිංහ ප්‍රකාශ කිරීම තුල තම රටට තර්ජනයක් ඇති බව එම රටේ අද දින විදෙස් ඇමති අයි.ටී. ඩොට් කොම් මහතා කැකිරි එෆ් එම් වෙත පැවසූවේය.  

"සේනසිංහ මහතා ඔය කියන්නේ එක රටකින් මොකක් හරි ඇරගෙන තවත් රටකට කෙලවනවා කියන එක නේ.  ඉතින් අද ඉන්දියාවෙන් නොරතුරු තාක්ෂනය අරගෙන ඇමරිකාවට කෙලවනවා වගේ හෙට පිපිඥ්ඥලන්තයේ කෘෂි රහස් අරගෙන අපේ කැකිරි වෙළඳපොළට කෙලවන්න පුළුවන්.  ශ්‍රී ලංකාවේ ආර්ථික ත්‍රස්තවාදී ප්‍රතිපත්තිය මේක නම් අපටත් සිදුවෙනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න," යැයි එතුමා සඳහන් කලේ ය.

"කුමන ආකාරයේ ප්‍රතිප්‍රහාරයක් ගැනද ඔබ තුමා කල්පනා කරන්නේ?" යන පැනයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය:

"අපි කොන්ගෝ රටින් යහපාලන තාක්ෂණය අරගෙන ශ්‍රී ලංකාවේ යහපාලනයට මඩුවලිගෙන් තලනවා. තලලා තලලා ඊට පස්සේ රෙඩ් බුල් සමග තම්බලා සේරසිංහලාගේ බලෙන් ම පොවනවා ඔය ලෙඩේ හොඳටම හොඳ වෙන්න."  


ශ්‍රී ලංකාව "පිතු සෙනෙහස ලයිසන්" නිකුත් කිරීමට බලාපොරොත්තු වේ 

ශ්‍රී ලංකාවේ දේශපාලන බලවතුන්ට සිය බලය අයුතු ලෙස භාවිතා කොට සිය දරුවන්ට කැමති කැමති වරප්‍රසාද ලබා දීම තව දුරටත් 'අකටයුත්තක්' නොව රාජකාරියේ නෛතික වගකීමක් බවට පත් කිරීමට නීති සම්පාදනය කිරීම ගැන තමන් අවදියෙන් සිටින බව කැකිරිලන්තයේ අද දින නායක විවියන් රිචර්ඩ්ස් මහතා කැකිරි එෆ් එම් වෙත පවසයි.

ඔහු තව දුරටත් මෙසේද පැවසීය:

"ශ්‍රී ලංකා වේ එහෙම වුනත් කැකිරිලන්තයේ එහෙම වෙන්න දෙන්නේ නැහැ.  ඥාති සංග්‍රහය යනු කුමක්ද කියා අපි තුනේ පන්තියේ ළමයින්ටත් කියල දෙනවා.  ඔය දෙන්න හදන පිතු සෙනෙහස ලයිසමෙන් වෙන්නේ මැති ඇමති දුවා දරුවන්ට තමන්ගේ තාත්තලා ගේ අම්මලාගේ බලය කැමති විදිහට පාවිච්චි කිරීමට අවසරයක් ලැබෙන එක නේ.  එතකොට 2015 ජනවාරි වල ශ්‍රී ලංකා වේ ජනතාව අපි දන්නා තරමින් ජනාධිපතිවරු තුන් දෙනෙක් පත් කරගෙන.  එක්කෙනෙක් මෛත්‍රී.  අනිත් දෙන්න දහම් සහ චතුරිකා."   


මෛත්‍රිපාල සිරිසේන පිය සෙනෙහසට නව කව් ගී ලියයි 

"තාත්තලා පුතාලට ආදරේ කරන එක සාමාන්‍ය දෙයක් එත් මෛත්‍රිය කරුණාව ඇති තාත්තලා, තාත්තලා නොවන සහෝදර පුරවැසියන් ට රිදවන්නේ නැත, අපහාස කරන්නෙත් නැත."

මෙසේ පවසන්නේ පීතෘත්වයට ත් වඩා වටිනා මනුස්සකම් ගැන ශ්‍රී ලංකාවේ ජනපති ට ටියුෂන් දීමට සූදානමින් සිටින කැකිරිලන්තයේ අද දින විදෙස් ඇමති විපුල් කාන්ත සන්නස්ගල මහතා ය.

මීට ස්වල්ප මොහොතකට පෙර කැකිරි එෆ් එම් නාලිකාව සමග සම්බන්ධ වෙමින් සන්නස්ගල මහතා තව දුරටත් මෙසේ කීවේ ය:

"දරුවන් නැති බොහෝ අය ශ්‍රී ලංකාවේ වෙසෙන බව අපට ආරංචි වුනා.  සමහරක් කසාද බැඳපු අය. සමහරක් තනිකඩයින්.  ඒ අයට සිරිසේන මහතා අපහස කළ ඇත්තේ එතුමා ඉවක් බවක් නැතිව කතා කරන නිසා විය යුතුයි.  අර බ්‍රා කතාව වගේ.  හරක් කතාව වගේ.  මෙවැනි දේ වලින් එතුමා අපහසුතාවයට පත් වෙනවා.  මාධ්‍ය හමුවේ කිව යුත්තේ කුමක්ද නොකිවයුත්තේ කුමක්ද කියා තොර ගැනීමට ඔහුට අපහසු බව පැහැදිලියි.  ඒ නිසා සහෝදර රටක ජීවත් වන අප කල්පනා කලේ සිරිසේන මහත්තය ට හොඳට ම සොරි වෙන්න කලින් නොමිලේ මේවා ගැන කියල දෙන එක හොඳයි කියල."  



ජනපති ට ඥාති සංග්‍රහය ගැන කැකිරිලන්තයෙන්නොමිලේ ටියුෂන් පන්තියක්!

ඥාති සංග්‍රහය යනු පවුල්වාදය ම නොවන බව ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා ට කියා දීමට නොමිලේ ටියුෂන් දීමට තමා සූදානම් බව කැකිරිලන්තයේ භාෂා විශාරද ද්විභාෂ් චක්‍රවර්ති මහතා කැකිරි එෆ් එම් නාලිකාවට පැවසීය.  

චක්‍රවර්ති මහතා මෙසේ පැවසුවේ බී.බී.සී. සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී තමා ඥාතින් ට කිසිඳු සංග්‍රහක් නොකළ බව සිරිසේන මහතා පැවසීමෙන් අනතුරුව ය.  

තම පුතු එක්සත් ජාතීන්ගේ සමුළුව ට ගෙන ගියේ පිය සෙනෙහස නිසා බව කියූ සිරිසේන මහතා ඥාති සංග්‍රහය යනු එක පවුලක් විසින් රටක් පාලනය කිරීම බවද ප්‍රකාශ කළේය.

චක්‍රවර්ති මහතා මෙසේද පැවසී ය:

“අසල්වාසී මිත්‍රශීලී රටක් හැටියට ශ්‍රී ලංකාවේ ජනාධිපති නොන්ඩි වෙනවා දකින්න අපි කොහෙත්ම කැමති නැහැ.  ඥාති සංග්‍රහය යන්නෙයි ඩික්ෂනරි මීනිංඑක එතුමා දැනගෙන සිටියා නම් ඔය වගේ ගොන් කතා කියන්නෙත් නැහැ, එතුමාගේ මල්ලි, පුතා, දුව සහ අනෙකුත් ඥාතින් නිසා බයිට් වෙන්නෙත් නැහැ.  ඒකයිඔහුට නොමිලේ ටියුෂන් ක්ලාස් එකක් කරන්න හිතුනේ.”

මෛත්‍රී-රනිල් සමයේ තවත් කැකිරි පැලෙන නිවුස්:







"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ










16 September 2015

රියල් මහින්ද රජයක් වෙනුවට ෆේක් මහින්ද රජයක්

The Three Musketeers හෙවත් මස්-කැටියෝ ත්‍රිත්වය
[පශ්චාත් මැතිවරණ රස කතා]

ප්‍රජාතන්ත්‍රවාදය [නව නිර්වචනය]: ලක්ෂ 120 ක ජනතාවක් අවතැන් කරන ක්‍රියාවලියක් [උදා: සිරියාව]

එකම ඇමති කෙනෙක් වත් අදාළ නිලධාරියෙක් වත් මේ 'සීපා' ගැන දන්නේ නැහැ. මහින්දගේ කාලෙත් එහෙමයි. දැනුත් එහෙමයි.

'කෝ කේ.පී. ගේ සල්ලි' කියල අහන ජවිපෙ මල්ලි, කියපන් හංගපු තැන් ගත්තු කප්පම් සල්ලි ඒ කාලේ.

ඩිෆෙන්ඩර් රථයක් සැලසුම් සහගතව බස් රථ දෙකකට මැදි කොට චප්ප කරපු නරුම රියදුරු දෙදෙනා උසාවියේ ම එල්ලලා මරන්නේ නැතුව ඇප මත මුදා හැරීම හෙලා දකිමු.

රනිල්ගේ යාලුවෝ බැඳුම්කර නිකුතුව හරහා ගහපු ගේම විභාග කරන්න රනිල් පත්කරපු රනිල්ගේ යාලුවන්ගෙන් සමන්විත කමිටුවේ නිර්දේශ රනිල්ට අමතක වුනාද මන්ද.

රටේ අභාග්‍යය: රියල් මහින්ද රජයක් වෙනුවට ෆේක් මහින්ද රජයක් [ෆේක් මහින්ද සමානයි මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා හවුල] 

ශ්‍රීලංනිපයේ හොරෙක් හෝ මිනීමරුවෙක් නොවන එකම කෙනා මෛත්‍රී ලු. මෛත්‍රිය නිසාමද හොරු සහ මිනීමරුවන් ට ඇමති, උප ඇමති, රාජ්‍ය ඇමති පට්ටම් දුන්නේ?

"ආර්ථිකය කේන්ද්‍ර කරගත් විදේශ ප්‍රතිපත්තියක්" -- නි විදේශ ඇමති. මගේ ප්‍රශ්නය: කවද්ද හර්ෂා චීනය ට යන්නේ?

සංහිඳියා විෂය වෛරයෙන් සහ ද්වේශයෙන් සැදුම්ලත් මෝඩ හෙරකට භාර දී ඇත. මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ සංහිඳියා-උවමනාව දැන් පැහැදිලිය.

ඇමති මණ්ඩලය කේස්. අඩු තරමින් ව්‍යවස්ථා සභාවෙන් වත් ගොඩ යන්න තිබබා. ඒත් ඉතින් එකේ රස්සාවක් වෙනුවෙන් බොරු කියන්නත්, 'මට අමතකයි' ලෙඩේ හදාගන්නත්, මානව හිමිකම් අලෙවි කිරීම ජීවිකාව වුනත් එම වාර්තා ම යට ගහන්නත් සූදානම් රාධිකා කුමාරස්වාමි ව නම් කරලා.....අනේ මන්දා!

රාජ්‍ය නොවන සංවිධාන වල (අ)මනාප: රතුපස්වල වතුර වහ වේ -- කැළණි ගඟේ ඩීසල් මුසු කොකා කෝලා රහ වේ.

කොලපාට සමාජයේ මහා ලේකම් ලෙස රනිල්ගේද නිල්පාට සමාජයේ ලොක්කා ගේ ව්‍යවස්ථා සභා නියෝජිත ලෙස මෛත්‍රීගේ ද දකුණු අත වන චම්පික රණවක අමුතු ම දේශපාලන සත්ත්වයෙකි.


මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ



10 September 2015

දේශපාලනයේ අඩෝ-මචං න්‍යාය

දේශපාලනයේ අඩෝ-මචං න්‍යාය: රන්ජන් රාමනායක ඉස්සර ලන්සා ට කිව්වේ 'අඩෝ!' කියල. දැන් කියන්නේ 'මචං' කියල.

වෛරය, ඊර්ෂ්‍යාව, මානය ට වඩා ඝනකම් ය කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව සහ මුදිතා ගුණය. දේශපාලනයේදී නම් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව සහ මුදිතා ගුණය චා වඩා ඝනකම් ය වෛරය, ඊර්ෂ්‍යාව සහ මානය.

ලාවට මතකයි මෛත්‍රිපාලවාදීන් මේ වගේ වචන වගයක් තෙපලනවා....'රටකට ඕනෑ අපමණ අගයක්'. මගේ ප්‍රශ්න: ලන්සා ගේ අගය කීයද? ලන්සා රටට ඕනද?

අද ලන්සා සහ අරුන්දික. හෙට එස් බී සහ සුසිල්. අනිද්දා මෛත්‍රී සහ රනිල්. නරකද පාක්ෂිකයනුත් ස්වකැමැත්තෙන් පක්ෂ හුවමාරු කරගත්තොත්?

පශ්චාත් මැතිවරණ ශ්‍රී ලංකාව: අලුත් රටක් පරණ ලෙඩක්.

කොලපාට සමාජයේ මහා ලේකම් ලෙස රනිල්ගේද නිල්පාට සමාජයේ ලොක්කා ගේ ව්‍යවස්ථා සභා නියෝජිත ලෙස මෛත්‍රීගේ ද දකුණු අත වන චම්පික රණවක අමුතු ම දේශපාලන සත්ත්වයෙකි.

රටකට අවශ්‍ය අපමණ අගය ලන්සා, එස් බී, විජිතමුණි, තිලංග, හිස්බුල්ලා යන අයගෙන් අහගන්න.

රටකට අවශ්‍ය මෛත්‍රී යුගය වෛරය විසින් මෙහෙය වෙන අයගෙන් නම් බලාපොරොත්තු නොවන්න.




මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ